රැකියාවක් කරන ගමන් තමයි මම නිරූපණ කටයුතු කරන්නේ
විනෝදාංශයක් ලෙස නිරූපණ කටයුතු කරන දිල්මිණි ඉද්දමල්ගොඩ අද ‘සාරවිට’ තරු කතා බහට අපි සම්බන්ධ කර ගත්තේමු. වසර කිහිපයකට පෙර නිරූපණ ක්ෂේත්රයට අවතිර්ණ වූ ඇය රංගනයට පිවිසිමේද බලාපොරොත්තුවකින් පසුවේ.
2014 වසරේදී. මනාලියන් දැක්මක් සඳහා මනාලියක් ලෙස පෙනී සිටිමින් ඊට දායක වුණා. ඒ නිරූපණ ප්‍රසංගයෙන් පස්සේ කැමැත්තක් ඇති වුණා නිරූපණය පැත්තට යොමු වෙන්නේ. ඔය විදිහට තමයි නිරූපිකාවක් වුණේ.
දැනට ඔබ වැඩිපුර දායකත්වයක් දීලා තියෙන්නේ?
නිරූපිකාවක් විදිහට ඡායාරූප වලට පෙනි ඉඳලා තියෙනවා. මම දැනට රැකියාවක් කරනවා සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘති කළමණාකාරිණියක් විදිහට. ඉතින් ඉඩ ලැබෙන පරිදි තමයි නිරූපණ කටයුතුවලට යොමු වෙන්නේ. කොටින්ම කිව්වොත් නිරූපණ වැඩ කරන්නේ මම ‘හොබි’ එකක් විදිහට.
රැකියාවක් කරන කොට නිරූපණ වැඩ වලට ඉඩක් වෙන් කරගන්නේ කොහොමද?
කොහොමත් මම වැඩක් කරන කොට හොඳට තෝරලා බලලා තමයි ඒ වැඩේ භාර ගන්නේ. මොකද රැකියාවකට නොගැළපෙන නිරූපණ වැඩක් භාරගන්න බැහැ මට. මොන දේ කළත් මම මුලීකත්වය දෙන්නේ මගේ රැකියාවට.
පාසල් අවධියේ කලාවට ඔබගේ කැමැත්තක් තිබුණද?
මම පාසල් යන කාලේ නර්තනය, රංගනය වගේම ගීත ගායනයටත් යොමු වෙලා හිටියා. පාසලේ කලා උළලේදී මම අනිවාර්යයෙන්ම මොනවා හෝ අංගයකට දායක වෙනවා.
රඟපාන්න ආස නැද්ද?
ආසයි. මට ගීත රූප රචනාවලට සම්බන්ධ වෙන්න කියලා ගොඩක් ආරාධනා ලැබුණා. ඒත්, මට ඒවා ගැළපුණේ නැහැ. මට ගැළපෙන්නේ නැති දේවල් කොහොමත් මම භාරගන්නේ නැහැ. හොඳ නිර්මාණයක් හරහා රංගනය පැත්තට යොමු වෙන්න ආසයි. බලමු ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් බොහෝ විට මම එහි රඟපාවි කියලා හිතනවා.
නිරූපිකාවක්ට අද සමාජයේ මොනවගේ පිළිගැනීමක් තියෙනවාද?
හොඳ දේවල් කළොත් හොඳ පිළිගැනීමක් තියෙනවා. නරක දේවල් කළොත් බලන්නේ වැරදි කෝණයකින්. ඉතින් ඒ දේවල් තේරුම් අරගෙන අපි වැඩ කරන්න ඕනා. ගොඩක් දක්ෂ නිරූපිකාවක් අද ලංකාවේ ඉන්නවා. ඔවුන් ජාත්‍යන්තරයට ගිහිල්ලා ජයග්‍රහණ පවා අරගෙන එනවා. ඒ වගේම තමයි සමාජයේ ඔවුන්ට හොඳ පිළිගැනීමකුත් තියෙනවා.
මොනවද ඔබට තියෙන ඉලක්ක?
මම ගොඩක්ම කැමතියි මනාලියක් විදිහට හැඩ වෙලා මනාලියන් දැක්මවල් වලට සහභාගි වෙන්න. ඉතින් ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි මගේ ආසව වගේම කැමැත්ත. ඊට අමතරව හොඳ නිර්මාණයක් හරහා රංගන ශිල්පිණියක් විදිහට රංගන ක්ෂේත්රයට පිවිසෙන්න අදහසකුත් තියෙනවා.
උදව් කරපු අය?
මට ගොඩක්ම උදව් කරන්නේ මගේ යාළුවෝ තමයි. ඊට අමතරව ‘මෙනුක’ බ්‍රයිඩ්ල් හවුස් එකේ චමරි අක්කා. අරූණි අකක්, ලක්ප්‍රිය ගුණරත්න අයියා, අකිල අයියා, මිථුන් වික්රම්තිලක අයියා, චින්තන එම්. හේරත් අයියා වගේම තව ගොඩක් අය ඉන්නවා වචනයකින් හෝ උදව් කරපු. ඒ වගේම මගේ පවුලේ හැම දෙනාම මට හැම වෙලාවේම උදව් කරනවා.
බුද්ධික සේනාධීර