'රණවිරු ස්ටාර්' ජය ගනිමින් ක්ෂේත්රයට ආ අයෝමි
'රණවිරු ස්ටාර්' රියලිටි තරගය ජය ගනිමින් ගායන ක්ෂේත්රයට පිවිසි අයෝමි පෙරේරා වර්තමානයේ සිටින ජනප්‍රිය යොවුන් ගායන ශිල්පිනියකි. දැනට ගීත කිහිපයක්ම එළිදක්වා ඇති අයෝමි මීට දින කිහිපයකට පෙර සිය අලුත්ම ගීතය එළිදක්වනු ලැබීය. මේ ඇය ඒ පිළිබඳව 'සාරවිට' දැක්වූ අදහස්ය.
අලුත්ම ගීතය ගැන මුලින්ම කතා කරමු අපි?
අලුත්ම ගීතයේ නම තමයි "මුහුදු රැල්ල". මේ ගීතය තරමක් වේග රිද්මයේ ගීතයක්. විශේෂයෙන්ම මේ ගීතය ප්‍රසංග වේදිකාවට තමයි වඩාත්ම ගැළපෙන්නේ කිව්වොත් හරි. ගීතය ලිව්වේ ෆවුස් මොහොමඩ්. සංගීතවත් කළේ අශෝක කොවිලිගේ. මේ ගීතය එළිදක්වලා තවමත් දින කිහිපයයි. ඒ වුණත් රසික ප්‍රතිචාර ඉහළින්ම මේ ගීතයට ලැබෙනවා.
ගීත රූප රචනාවක් කරන්න අදහසක් නැද්ද?
තියෙනවා. නමුත්, මම අදහස් කරමින් ඉන්නේ මේ ගීතයකාලයක් ශ්‍රාවකයන්ට අහන්න දෙන්න. ඊට පස්සේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මේ ගීතයට රූප රචනාවක් කරනවා. මේ ගීතය මගේ 12 වැනි ගීතය. මේ ගීත අතර මම රූප රචනා කිහිපයකුත් කළ ගීත තියෙනවා.
පසුගිය කාලයේ ඔබ නිතරම වගේ චිත්‍රපට පසුබිම් ගීතයට දායක වුණා ?
ඔව්, දැනට මම චිත්‍රපට 20කට අධික ප්‍රමාණයකට පසුබිම් ගීත ගායනයෙන් දායක වෙලා තියෙනවා. මෑතකදී ප්‍රදර්ශනය වුණ හර්ෂ උඩකන්ද මහත්මයාගේ %ෆේස් ටු ෆේස්^ චිත්‍රපටයේ ඇතුළත් ගීථ සඳහාත් මම පසුබිම් ගීත ගායනයෙන් සහය වුණා. තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිත හර්ෂ උඩකන්ද මහත්මයාගේම "සේද මාවතේ" චිත්‍රපටයෙත් මම පසුබිම් ගීත ගායනා කරනවා. ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත %ආදර ජානු^ වගේම %නිලූ මං ආදරේයි^ කියන චිත්‍රපටවලත් මම ගීත ගායනා කරනවා.
ඔබ දැන් ගුවන් විදුලී සංස්ථාවේ A ශ්‍රේණියේ ගායන ශිල්පිණියක්?
ඇත්තටම, "රණවිරු ස්ටාර්"තරගයට සම්බන්ධ වෙලා එහි කිරූළ දිනා ගෙන තමයි මම ගායන ක්ෂේත්රයට එකතු වුණේ. ඒ වෙන කොට ගායනය කියන දේ මම හදාරලා තිබුණේ නැහැ. ඊට පස්සේ මට හිතුණා ගීත ගායනය පිළිබඳව හදරන්න. එහි ප්‍රතිපලයක් විදිහට තමයි මට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ගායන ශිල්පිණියක් වෙන්න අවස්ථාව ලැබුණේ. ඇත්තටම ඒක ගායන ශිල්පිනියකට ආභාරණයක් වගේ දෙයක්. හැමෝටම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ගායන ශිල්පිණියක් වෙන්න බැහැ. මගේ කැපවීම, උත්සාහය මත තමයි මේ මේ දේ ලැබුණේ කියලා මම හිතනවා.
ගායන ශිල්පිනියක් වුණ ඔබ රංගනයට ආවේ කොහොමද?
රංගන ශිල්පි කුමාර රණපුර අයියා තමයි මාව තිස්ස විජේකෝන් මහත්මයාට අඳුන්වලා දුන්නේ. ඔහුගේ %ධවලචක්ර^ කියන චිත්‍රපටයේ තමයි මම රඟපාන්නේ. චිත්‍රපටයේ නම් මේවෙන කොට සියලු වැඩ කටයුතු ඉවරයි. බොහෝ දුරට මේ චිත්‍රපටය මේ වසරේදි ප්‍රදර්ශනය වේවි කියලා මම හිතනවා. චිත්‍රපටය ප්‍රදර්ශනය වුණාම ඒ ගැන වැඩි විස්තර කියන්නම්.