රඟපාන්න දැන් ලොකු ආසාවක් තියෙනවා මට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-13-ent-07

පාසල් ක්‍රීඩිකාවක ලෙස ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් දිනාගත් නදිෂා හෙන්ඩර්සන් මේ වනවිට සිනමා රංගනයටද එක්ව සිටින්නීය. ඒ, ඔක්තෝබර් 25 වැනිදා සිට දිවයින පුරා ප්‍රදර්ශනය වන චමන්ත්රාජ්ගේ 'උදුම්බරා' චිත්‍රපටය තුළිනි. එහි ‘උදුම්බරා’ ලෙස රංගනයේ යෙදෙන ඇය සිය පළමු රංගන අත්දැකීම පිළිබඳව ‘සාරවිට’ අපිට පැවසුවේ මෙවැන්නකි.

 

‘උදුම්බරා’ චිත්‍රපටයට ඔබට සම්බන්ධ වෙන්නේ අවස්ථාව ලැබෙන්නේ?2018-11-13-ent-13

සුසන්ති ජයසිංහ මිස් නිසා. ඇය මට දවසක් කතා කරලා ඇහුවා ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, සිංහල චිත්‍රපටයක් කරනවා සම්බන්ධ වෙන්න කැමතිද කියලා. ඇත්තටම සුසන්තිකා මිස් එහෙම කිව්වාම මම පුදුම වුණා. මොකද, මම ජීවිතේටවත් රඟපාලා නැති නිසා. හැබැයි සුසන්තිකා මිස්ට කැමැත්ත දුන්නා. මොකද, මම හැමදාම කැමතියි අභියෝග භාර ගන්න. මේකත් මම අභියෝගයක් විදිහට භාර ගත්තා. ඊට පස්සේ මම ‘උදුම්බරා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ චමන්ත්රාජ් සර්ව මුණගැහුණා. ඔය විදිහට තමයි මම ‘උදුම්බරා’ වුණේ.

 

ක්‍රීඩාව හා රංගනය කියන්නේ දෙකක්?

ඇත්තටම ක්‍රීඩාවටම යොමුවෙලා හිටිය මම එකපාරටම කැමරාවක් ඉදිරියට ගිහින් කරන්නේ මොකක්ද කියන ගැටලුවේ මම හිටියා. නමුත්, චමන්ත්රාජ් සර් මාව හොඳට මෙහෙයවුවා. ඔහුට මාව අවශ්‍ය විදිහට හදාගත්තා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන ජැක්සන් ඇන්තනි සර්ව. ජයනි අක්කා , සරත් අයියා ඇතුළු චිත්‍රපට කණ්ඩායමේ හැම කෙනෙක්ම මට ලොකු සහයක් දුන්නා. ජැක්සන් සර් නිතරම වගේ මගේ ඉරියව්, අංග චලනය ඒ හැමදෙයක්ම කියලා දුන්නා. ජයනි අක්කා තමයි මගේ අම්මා විදිහට රඟපෑවේ. ඇයත් එක්ක මේ චිත්‍රපටයේ මම දර්ශන කිහිපයකම ඉන්නවා. ඇය තමයි මාත් එක්ක ගොඩක්ම හිතවත් වුණේ.

 

‘උදුම්බරා’ කියන්නේ මොන වගේ චරිතයක්ද?

කොළඹ මුඩුක්කු ගෙදරක පදිංචි වෙලා ඉන්න ක්‍රීඩාවට දක්ෂ ගැහුණු ළමයෙක් නොයෙකුත් අඩුපාඩුකම් මැද ජාත්‍යන්තරය ජයගන්න ආකාරයක් තමයි ‘උදුම්බරා’ තුළින් පෙන්වන්නේ. මමත් ක්‍රීඩා කරලා තිබුණා නිසා මේ චරිතය කරන්න ලොකු පහසුවක් වුණා. ගොඩක් වෙලාවට රූපගත කිරීම් තිබුණේ මම ක්‍රීඩා කරන, එහෙමත් නැත්නම් පුහුණුවෙන දේවල්. ඒවා සාමාන්‍ය විදිහට මම නිරූපණය කළා.

 

චිත්‍රපටය රූපගත කරන කොට සිදුවන අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?

කිහිපයක්ම තිබුණා. මම ක්‍රීඩා කරන කොට ගොඩක් වෙලාවට පුහුණුවීම් කළේ ග්‍රවුන්ඩ් එකේ. නමුත්, චිත්‍රපටයේ මම පුහුණුවීම් කළේ පාරේ. මිනිස්සු නිතරම රූපගත කිරීම් බලන්න එනවා. ඒ වගේම පාරේ යන හැම කෙනෙක්ම මේක බලනවා. ඉතින් අමුතු අත්දැකිමක් වුණා මේක මට. චිත්‍රපටයේ එක්තරා දර්ශනයක් තිබුණා ජයනි අක්කා මගේ කම්බුලට ගහනවා. සද්දේත් එක පාර පටිගත වෙන්න ඕනි නිසා ජයනි අක්කා ටිකක් හයියෙන් මගේ කම්බුලට ගැහුවා. ඒක නම් ටිකක් රිදුණා. මොනවා කරන්නද කියලා හිත හදාගත්තා. ඒකත් ඉතින් මට අමතක නොවන සිදුවීමක් තමයි.

දෙවැනි ස්ථානය දිනාගත්තා. ඉදිරියට නැවතත් ක්‍රීඩාවට යොමු වෙන්න සූදානමකුත් තියෙනවා.

 

‘උදුම්බරා’ චිත්‍රපටයෙන් පස්සේ?

නැහැ. රංගනයට ආරාධනාවක් ලැබුණේ නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් ආයෙත් රංගනය පැත්තට යොමු වෙනවා. ‘උදුම්බරා’ චිත්‍රපටයේ රඟපෑවට පස්සේ රඟපාන්නත් දැන් ආසාවක් තියෙනවා.

 

නදිෂාගේ පවුලේ හැමෝම ක්‍රීඩා කරපු අය නේද?

ඔව්, අම්මා, තාත්තා ක්‍රීඩා කළ නිසා තමයි මමත් ක්‍රීඩා කරන්න කැමති වුණේ. කොහොමත් මගේ අම්මා, තාත්තාගේ ආභාසය මටත් මගේ නංගිටත් පිහිටලා තියෙනවා. නංගීත් දැන් ක්‍රීඩා තරගවලින් ගොඩක් ජයග්‍රහණ හිමි කරගෙන තියෙනවා. අපේ පවුලෙන් රංගනය පැත්තට යොමුවුණ එකම කෙනා මම. ගෙදර අයගේ ලොකු කැමැත්තක් තියෙනවා මම රංගනය පැත්තට යොමු වුණාට.

 

2018-11-13-ent-01 2018-11-13-ent-02 2018-11-13-ent-03 2018-11-13-ent-04 2018-11-13-ent-05 2018-11-13-ent-06  2018-11-13-ent-08 2018-11-13-ent-09 2018-11-13-ent-10 2018-11-13-ent-11 2018-11-13-ent-12