රඟපාන්න තාත්තා මට දුන්නේ එක අවස්ථාවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-874

ස්වාධින රූපවාහිනි නාලිකාවේ දිග හැරෙන "තෝඩු" ටෙලි නාට්‍යයේ ‘දිනිති^ ලෙස ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනා සිටින සෙව්වන්දි නයනතාරා සමග "සාරවිට" තුළින් සමග අපි කතා බහා කළේමු. රංගන ශිල්පිනියකට අමතරව ඇය නිවේදිකාවක් ලෙසද වර්තමානයේ කටයුතු කරමින් සිටින්නීය.

 

කලාවට සම්බන්ධ වීම සිදුවන්නේ කොහොමද?

ඒක අහම්බෙන් වුණ දෙයක්. ‘ටික්ටොක්^ ඇප් එක යොදා ගෙන මම විඩියෝ කිහිපයක් කරලා ඒවා අන්තර්ජාලයට දැම්මා. ‘ටික්ටොක්^ ඇප් එක නිසා මම නිකමට වීඩියෝ කිහිපයක් කරලා අන්තර්ජාලයට දැම්මා. නිකමට දාපු ඒ වීඩියෝ කිහිපය ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම මාව බොහෝ දෙනෙක් අඳුන ගත්තා. ඒ හරහා මාව අඳුන ගෙන තමයි ‘තෝඩු^ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා මට කතා කළේ ඔහුගේ නිර්මාණයට සම්බන්ධ වෙන්න කියලා.2019-09-17-ent-876

 

රංගන ශිල්පිනියක් වෙන හීනයක් තිබුණේ නැද්ද ඔබට?

පාසල් යන කාලේ කලා කටයුතුවලට දායක වෙලා හිටියා. වැඩිපුරම මම යොමු වෙලා හිටියේ සංගීතය පැත්තට. නමුත්, පාසල් යන කාළේ මට කැමැත්තක් තිබුණේ නැහැ රංගන ශිල්පිනියක්, ගායිකාවක් හෝ නර්තන ශිල්පිනියක් වෙනවා කියන හීනයක්. මේ හැම දෙයක්ම සිදුවුණේ අහම්බෙන්. මම හිතුවේ නැහැ කවදාවත් මාව කලාව පැත්තට යොමු වෙයි කියලා.

 

ක්ෂේත්‍රය ගැන විවිධ මත තියෙන අවදියක පවුලේ අයගෙන් බලපෑමක් එල්ල වුණේ නැද්ද?

ඇත්තටම, මේ ක්ෂේත්‍රයට මම සම්බන්ධ වෙනවට මගේ පවුලේ අයගේ කැමැත්තක් තිබුණේ නැහැ. ‘තෝඩු^ ටෙලි නාට්‍යයට පෙර මට ටෙලි නිර්මාණවලට දායක වෙන්න ආරාධනා කිහිපයක්ම ලැබුණා. නමුත්, පවුලේ අයගේ අකමැත්ත මත මම ඒවා ප්‍රතික්ෂේප කළා. ‘තෝඩු^ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන නිෂ්පාදකතුමා කිහිප වරක් මගේ පියා සමග කතා කරලා තමයි මේ අවස්ථාව මට ලබා දුන්නේ. ක්ෂේත්‍රය ගැන තියෙන මතවාදත් එක්ක ඇත්තටම මගේ පවුලේ අය මාව මේ ක්ෂේත්‍රයට මාව යොමු කරන්න බය වුණා. නමුත්, පස්සේ ඔවුන් පවා තේරුම් ගත්තා මේ ක්ෂේත්‍රය තුළ මම ඉන්න විදිහ දැකලා. මගේ වැඩේ කරලා පාඩුවේ ඉන්නවා නම් ඔය කිසිම ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. ඔය වගේ දේවල් කලා ක්ෂේත්‍රය තුළ විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයක් තුළම තියෙනවා. අපි හැසිරෙන ආකාරය හා වැඩ කටයුතු කරන ආකාරය මත තමයි ඒ දේවල් සිදුවෙන්නේ කියලා මම හිතනවා.

 

‘තෝඩු^ ටෙලි නිර්මාණයෙන් පස්සේ සෙව්වන්දිව අපිටඉදිරියටත් දකින්න පුළුවන් වෙයිද?

මගේ අදහසක් තිබ්බේ නැහැ දිගටම රඟපාන්න. මගේ තාත්තා මට එකන අවස්ථාවක් විතරයි දුන්නේ රඟපාන්න. හැබැයි දැන් එහෙම ප්‍රශ්නයක් නම් නැහැ. මොකද, මගේ වැඩ ටික මම හොඳට කරගෙන යන නිසා. ඒ නිසා ඉදිරියේදී කලා නිර්මාණවලට සම්බන්ධ වෙන්න මගේ අදහසක් තියෙනවා. හොඳ නිර්මාණයක් තුළින් යළිත් වරක් මාව ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබේවි කියලා හිතනවා.

 

රංගන ශිල්පිනියක් වුණ එක ගැන සතුටුද?

ඔව්, ගොඩක් සතුටුයි. මම හිතුවේ නැහැ මගේ පළවෙනි රංගනය හරහා මේ තරම් ඉහළ රසික ප්‍රතිචාර ලැබෙයි කියලා. ඇත්තටම, මගේ ජීවිතේ මේක මට අමුතුම දෙයක්. හිතපු නැති දෙයක්. රංගන ශිල්පිනියක් විදිහට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මේ ක්ෂේත්‍රය ගැන දැන් මට ලොකු කැමැත්තක් ඇති වෙලා තියෙනවා.

 

බුද්ධික සේනාධීර

ඡායාරූපය - දුලීත ශ්‍රීනාත්

 

  2019-09-17-ent-875