රඟපාන්න තමයි ගොඩක්ම කැමති
සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වන ‘දංකුඩු බණ්ඩා’ ටෙලි නාට්‍යයේ ‘අංජලී’ ලෙස රංගනයෙන් දායක වන මධුෂානි සකුන්තලා සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අපි මෙළෙස දිගහැරියේමු. නිරූපිකාවක් ලෙස ක්ෂේත්රයට එක්වූ සකුන්තලා වර්තමානය වනවිට වැඩි වශයෙන් රංගන කටයුතුවල නියැළි සිටින්නීය.
සකුන්තලා කියන්නේ දැන් රංගන ශිල්පිනියක්?
ඔව්, වර්තමානයේ වැඩිපුර දායකත්වය දෙන්නේ රංගන කටයුතුවලට. මේ දිනවල සිරසේ විකාශය වන ‘දංකුඩු බණ්ඩා’ ටෙලි නාට්‍යයේ මම ඉන්නවා. මා රංගනයෙන් දායක වූ ‘හිතුවක්කාරයෝ’ හා ‘සල්සපුනා’ ටෙලි නාට්ය්ය දැන් විකාශය වෙලා ඉවරයි.
සිනමාවට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා ඔබට?
මේ වසරේ රූපගත කෙරෙන චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා.
ඔබ රංගන ශිල්පිනියක්ද? නිරූපිකාවක්ද?
බ්‍රයිඩිල් වලට තමයි ගොඩක්ම සහභාගි වෙන්නේ. වැඩියෙන්ම ඉතින් මම කැමති රඟපාන්න.
කලාවට සම්බන්ධ වෙන්නේ?
මුලින්ම නිරූපිකාවක් විදිහට තමයි වැඩ කළේ. ලොකු කට්ටක් කලා තමයි මෙතනට ආවේ. සිවුවසරක් නිරූපණ වැඩ කළා. මෑතකදි තමයි රඟපාන්න සම්බන්ධ වුණේ.
කාලවට ඔබ අලුත් කෙනෙක්?
ඉස්සර කාලේ වගේ නෙවෙයි දැන්. මාධ්‍යය නිදහස ඕනාතරම් තියෙනවා. ඒ නිසා බොහෝ පිරිසක් මේ කලාව තුළ නියැළෙනවා. ඒ අද කාලයේ බොහෝ නිර්මාණ බිහිවෙනවා. නවකයෝ වැඩි ඒ නිසා ලොකු තරගයක් තියෙනවා. තැනකට එන්න අමාරුයි. ඒත්, හොඳ නිර්මාණ පමණක් තෝරා බේරාගෙන මම කරනවා. හැකියාව තියෙවී නම් අනිවාර්යයෙන්ම තැනක් හදාගන්න පුළුවන් වේවි.
ඉලක්ක?
සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන්න තමයි.
ඔබ දායක වුණ වෙනත් කලා නිර්මාණ?
දුමාල් වර්ණකුලසූරියගේ ගීතයේ රූප රචනාවකට දායක වුණා. රූපවාහිනි වෙළෙඳ දැන්වීඹ් කිහිපයක් දැනට කරලා තියෙනවා.
උදව් කළ අය?
අම්මා, තාත්තා, ගොඩක්ම මට උදව් කළා. හැමදේම හොයලා බලලා ඒවාට එක්ක කරගෙන ගියේ මගේ අම්මා. ඊට අමතරව තව ගොඩක් පිරිසක් මට උදව් කළා. නම් සඳහන් නොකලට ඒ හැමෝටම ස්තුතියි.