රඟපාන්න ඒ ආරාධනාව ආවේ අයුතු යෝජනාවක් එක්ක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-25-ent-324

සබීතා... ඔයා වෘත්තීමය නිරෑපණ ශිල්පිනියක්ද?

දැනට මම මගේ උසස් අධ්‍යාපනය හදාරනවා. ඒ දේවලුත් එක්ක තමයි මම නිරෑපණ ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්නෙ. ඒ නිසා ඊට අමතරව මට වෙනත් රුකියාවක් කරන්න තරම් වෙලාවක් නෑ. ඒ නිසා දැනට මම වෘත්තීමය නිරෑපණ ශිල්පිනියක්.2017-08-25-ent-322

 

පුංචි කාලේ ඉඳන් ආසාවෙන් හිටියේ නිරෑපණ ක්ෂේත්‍රයට යොමුවෙන්නද...?

නෑ... එහෙම පුංචි කාලේනම් ආසාවක් තිබුණේ නෑ. මගේ අම්මා හෙදියක් විදිහට සේවය කළා. ඒ නිසා මගේ ආසාව වුණේනම් ඩොක්ටර් කෙනෙක් වෙන්නයි. ඉතින් මම බයෝ සයන්ස් වලින් A/L කළා. ඒ දවස්වලට මම චන්න සර්ගේ (චන්න විජේවර්ධන) ඩාන්සින් ග_ප් එකේ ඩාන්සින් කළා. ඔය කාලයේදී හැමෝම මගෙන් ඇහුවා ඔයා මොඩ්ලින් කරනවද කියලා. ඒ නිසා මට ඒ ගැන ආසාවක් ඇතිවෙලා අංජන සේනානායකගෙන් මොඩ්ලින් ගැන මූලිකව හදාරලා Erain Kerkoven යටතේ වැඩිදුර ඒ පිළිබඳ හැදෑරැවා.

 

නිරෑපණ ශිල්පිනියක් දිහා සමාජය බලන්නේ අමුතු විදිහටනේ. කොටට අඳින, අඬ නිරැවත් වෙන අවස්ථාත් තියෙනවා. සබීතා මොකද ඒ ගැන කියන්නේ?

මොඩ්ලින් වලත් එක එක අංග තියෙනවා. සමහර ඡායාරෑප ශිල්පීන් mood photography කලාව කරනවා. මම ප්‍රධාන වශයෙන් කරන්නේ මෝස්තර නිරෑපණය හා ඩිසයිනින්. අපි හැමෝගෙම විලාසිතා කරන විදිහත් එක්ක එක එක ආසාවල් තියෙනවා. ඉතින් ඇඳුම් විලාසිතා ඩිසයිනර්ස්ලා හඳන ඇඳුම් නිර්මණය කරන්නේ අපිට ගැලපෙන විදිහටයි. අනිත් අය අලුතින් ඇඳුම් මෝස්තරයක් දකින්නේ අපි ඒක ඇඳලා යනකොටයි. ඒ නිසා මම කොටට අඳිනවා. මම ඒකෙ වැරුද්දක් දකින්නේ නෑ.

 

රඟපාන්න ආරාධනා ලැබුණේ නැද්ද?

එහෙම ආරාධනා කීපයක් ලැබුණා. නමුත් ඒ ආරාධනා කරපු පුද්ගලයා අනවශ්‍ය යෝජනා කළා. ඒ නිසා මම ඒවාට ගියේ නෑ. නමුත් හොඳ නිර්මාණවේදීන් යටතේ හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම ඒක බාර ගන්නවා.

 

ලබන වසරේදී ලොකු බලාපොරොත්තුවක් හිතේ තියෙනවා...?

ඔව්... මම 2017 මිස් ශ්‍රී ලංකා වුණා. ඉතින් ලබන අවුරැද්දේ ලංකාව නියෝජනය කරන්න මට තියෙනවා. ඒ නිසා මේ දවස්වල මම ඒකට ලෑස්ති වෙනවා. ඊට අමතරව මගේ අධ්‍යාපන කටයුතු හොඳට කරන්න ඕනේ. ඉතින් මට ඒ දේවලුත් එක්ක මට පුළුවන් තරම් කල් හොඳට මොඩ්ලින් කරන්න මම ආසයි.

 

Text – Jayamali / Pic – Facebook

 

2017-08-25-ent-320  2017-08-25-ent-323  2017-08-25-ent-321