රඟපාන්න ආසාවට ඉතාලියෙන් ආපු 'කෝටිපතිනිය'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-09-ent-32

කලා ක්ෂේත‍්‍රයට පැමිණ ඉතා කෙටි කලකදීම පුංචි තිරයේ වැඩි ආකර්ෂණයකට ආදරයකට පාත‍්‍රව සිිටින චරිතයක් මෙවර සැඳැල්ල කතා බහකට එකතු කරගන්න හිතුවා.

ඒ තමයි මේ දිනවල ”කෝටිපතියෝ” හැඩකරන නවක රංගන ශිල්පිනී තුෂිණි ප‍්‍රනාන්දු.

මේ ඇය සමඟ කළ කතාබහ

 

”කෝටිපතියෝ” හි අංජලීට මේ දිනවල හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා නේද?2018-04-09-ent-35

ඔව්. මේ දවස්වල හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.

 

ඉතින් කොහොමද මේ චරිතයට ආරාධනා ලැබෙන්නේ?

මට මේ චරිතයට ආරාධනා ලැබෙද්දී මම ලංකාවෙ නෙමෙයි හිටියේ. මොකද මම ඉන්නෙ විදෙස්ගත වෙලා ඉතාලිවල. එහෙ ඉන්න මගෙ යාළුවෙකුගෙ මාර්ගයෙන් මට ලංකාවෙ රංගන ශිල්පියෙක් වන උදිත් අබේරත්නව හඳුනා ගන්න ලැබෙනවා. එහිදී තමයි ඔහු මගෙ ඡුායාරූප වගයක් ඉල්ලන්නෙ මාව ටෙලි නාට්‍යයකට සම්බන්ධ කරවන්න. ඉතින් මම මගෙ ඡුායාරූප වගයක් ඔහුට යවපුවම චාමර සමරවික‍්‍රම අධ්‍යක්ෂවරයාට ඒවා පෙන්නලා තිබුණා. පසුව ඔහු මට කතා කරන්න කියලා තිබුණා. මම ඉතින් කතා කළාම මට කිව්වා මට රඟපාන්න පුළුවන්ද කියන දේ හරියට දන්නෙ නැති නිසා වීඩියෝ ක්ලිප් එකක් එවන්න කියලා. සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාට. ඉතින් මම ඒ වීඩියෝ ක්ලිප් එක යැව්වම මට කතා කරලා කිව්වා මෙහෙම වැඩක් තියෙනවා, එන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඒ වෙද්දි ඉතාලියේ රැුකියාවකුත් කරන ගමන් හිටියේ. කොහොම හරි මම ඒකත් දාලා දවස් දෙක තුනක් ඇතුළත ලංකාවට ආවා. එතැනින් පසුව තමයි මේ නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන ජයප‍්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයාට මාව යොමු කරන්නෙ. ඒ විදියට තමයි මට අවස්ථාව ලැබුණෙ.

 

මේ නිර්මාණය සඳහා කරමින් සිටි රැුකියාවත් දාලා එන්න තරමට රංගනයට ආදරෙයි ද?

ඔව්. කැමැත්තක් තිබුණා. නමුත් මගෙ ෆොටෝස් යවපු පළියට මම හිතුවෙ නෑ ජීවිතේට ටෙලි නාට්‍යයක රඟපාන්න අවස්ථාවක් ලැබෙයි කියලා. විශේෂයෙන්ම ප‍්‍රධාන චරිතයක් කිරීම සහ ක්ෂේත‍්‍රයේ ඉන්න ප‍්‍රධාන රංගන ශිල්පීන් එක්ක රංගනයේ යෙදෙන්න ලැබීම. ඒ නිසා තමයි දෙපාරක් නොසිතා රැුකියාවෙන් ඉවත්වෙලා මේ සඳහා සම්බන්ධ වෙන්න හිතුවෙ.

 

මීට පෙර රංගනය හදාරලා තියෙනවද?

රංගනය හදාරලා තියා ඒ පිළිබඳ දැනුමක්වත් මට ඇත්තටම නෑ. නමුත් එක විශ්වාසයක් තිබුණා මුලදී වැරදුණත් මොනවා හරි ඒ අඩුපාඩු හදාගෙන ඉදිරියට එන්න පුළුවන් වෙයි කියලා.

 

ඉතාලිය වගේ රටක රැුකියාවක් ලබාගන්න අමාරුයිනෙ. ඉතින් ඒ ගැනත් නොසිතා රැුකියාවත් අත ඇරලා රංගනය තෝරගන්න හිතුවෙ ඇයි?

මට ගොඩක් අය කිව්වා ඔයා මෝඩ වැඩක් කරන්න යන්නෙ තේරුමක් නැති කියලා. ඒ වගේ ගොඩක් දේවල් කිව්වා. මගේ ළඟින් හිටපු යාළුවෝ පවා එහෙම තමයි කිව්වෙ. නමුත් මම හිතුවේ හරියන්න හෝ වරදින්න මේ තීරණේ ගන්නවා කියලා. හොඳ පැත්තට යයි ද? නරක පැත්තට යයි ද? කියන දේ දන්නෙ නැති වුණත් මේ දේ ජීවිතේට හොඳ අද්දැකීමක්නෙ.

 

ඉතින් දැන් ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක ගත්තු තීරණේ ගැන වරදක් දකින්නෙ නැද්ද?

මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැති වුණත් බින්දුවේ හිටියත් මට දෙයක් අහගෙන හදාගෙන ඉගෙනගන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණා. ඉතින් මම හිතනවා මම ගත්තු තීරණේ වැරදුණේ නෑ කියලා. මොකද ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක මම හිතනවා මගෙ චරිතය සාර්ථකයි කියලා. මොකද මේ තරම් කෙටි කලක් තුළ මම මෙවැනි ප‍්‍රතිචාරයන් බලාපොරොත්තු වුණේ නෑ. මම ලංකාවට ආවේ දෙසැම්බර්වල. ටෙලිනාට්‍ය විකාශය වෙන්න පටන් ගත්තෙ ජනවාරිවල. ඒ වෙද්දි මම ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා හිටියෙත් නෑ. මැද දී වගේ තමයි කතාවට සම්බන්ධ වෙන්නෙ. ඒ වගේ කෙටි කලක් තුළ දී මගේ මේ චරිතයට මිනිස්සු ආදරේ කරන්න පටන් අරන් තියෙනවා. බලාපොරොත්තු නොවුණ විදියට මට ප‍්‍රතිචාර තියෙනවා.

 

හාරකෝටියේ දෙවැනි කොටසනෙ කෝටිපතියෝ, තුෂිණි හාරකෝටියේ රසිකාවියක් කියන්නෙ ඇත්ත ද?

ඔව්. අනිවාර්යයෙන්ම. මම හාරකෝටිය ටෙලිනාට්‍යයේ ලොකු රසිකාවියක්. මට වීඩියෝ ක්ලිප් එකක් එවන්න කිව්වමත් මම රෙකෝඞ් කරලා එව්වෙ හාරකෝටියේ දෙබස් ටිකක්, ඉතින් මම ජීවිතේට හිතුවෙ නෑ මම ආසාවෙන් ආදරෙන් බලපු නාට්‍යයකට මට සම්බන්ධ වෙන්න ලැබෙයි කියලා.

 

මෙහිදී ගොඩක් ජනප‍්‍රිය රංගන ශිල්පි ශිල්පිනියන් එක්ක තුෂිණිට වැඩ කරන්න ලැබිලා තියෙනවා. කොහොම ද ඒ අද්දැකීම?

ඇත්තටම ඒක ලොකු අභියෝගයක්. මොකද මම මුලින් මේ නාට්‍යය බලද්දී මේ වෙනුවෙන් කව්ද රංගනයෙන් දායකවෙලා ඉන්නෙ කියන දේ දැනගත්තම ඒ දක්ෂ රංගන ශිල්පි ශිල්පිනියන් එක්ක සමාන්තරව යන්න මට පුළුවන් ද කියන දේ හිතුවා. එහෙම යන්න බැරි වුණා නම් අපි නාට්‍යයෙන් අසමත් වෙනවනේ. ඉතින් ඒ දේ මට ලොකුම අභියෝගයක් වුණේ. කොහොමද මේ දේ කරන්නෙ කියලා. ඒත් මේ දේ කරද්දි අපේ ශිල්පීන් මම මොකක් හරි දෙයක් වරද්දනව නම් හෝ දෙබස් හුවමාරු කරද්දි අඩුපාඩු දැක්කොත් ඒගොල්ලො ඒවා කියලා දෙනවා. විශේෂයෙන්ම මෙහි අධ්‍යක්ෂවරයා මම අලූත් කෙනෙක් නිසා මගෙ ගැන ලොකු අවධානයක් යොමු කළා. ඔහුට අවශ්‍ය දේ මගෙන් ගන්න, ඉතින් ඒ හැමෝටම විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මොකද මගෙ තියෙන යම්කිසි දක්ෂතාවක් පොලිෂ් කරලා එළියට ගත්තෙ ඔවුන්.

 

බලාපොරොත්තුවක් තිබුණ ද කවදා හෝ රංගනයට අවතීර්ණ වෙන්න?

එහෙම නෑ. කවදා හරි මොන ගේම ගහලා හරි නිළියක් වෙනවා කියන දේ තිබුණෙ නෑ. හැමෝටම වගේ පොඩි කාලේ මට බලාපොරොත්තුවක් තිබුණේ ඩොක්ටර් කෙනෙක්, ඉංජිනියර් කෙනෙක් වෙන්න. ඒත් තේරෙන කාලෙට ආවට පස්සේ මට ඕනෑ වුණේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න. මම තෝරා ගන්නෙත් බයෝ සයන්ස්. ඒ මට ලොකු ආසාවක් තිබුණා හෘද රෝග විශේෂඥවරියක් වෙන්න ඉගෙන ගන්න. නමුත් මට විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වුණා.

නමුත් මට ඉතාලියට ගිහින් එහිදී එන්ට‍්‍රන්ස් ලියලා යන්නට හැකියාව තිබුණා. මොකද එහෙත් විභාග කිහිපයක් තිබුණා කරන්න. ඒ සියල්ල කරගෙනම තමයි මම රැුකියාවත් කළේ. ඉතින් මේ අවස්ථාව ලැබුණට පස්සෙ හැමදේම දාලා ලංකාවට ආවා.

 

එතකොට පවුලෙ අය ඉතාලියෙ ද පදිංචිය ?

ඔව්. ඉතාලියෙ. මට නංගිලා තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් විශ්වවිද්‍යාලයේ. අනිත් දෙන්නා තවම පාසල් යනවා. ඉතින් අම්මා නංගිලාත් එක්ක ඉතාලියේ ඉන්නවා. තාත්තා මගෙ වැඩවලට මෙහෙ ඇවිල්ලා ඉන්නවා මේ දවස්වල.

 

ලංකාවෙ ගම් පළාත කොහෙද?

අපි කටුනේරියෙ.

 

ඉදිරියේදි රංගන කටයුතුවලට සම්බන්ධ වෙලා ලංකාවෙමද ඉන්න බලාපොරොත්තුව? නැත්නම් විදේශගත වෙනවද?

දැන්ම යන්න අදහසක් නෑ. මොකද මම නාට්‍යයක වැඩ භාරගත්තා.

දැන් එහි රූගත කිරීම් සිදුවෙනවා. තව නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. එන හැමදේම භාරගන්නෙත් නෑ. දින ප‍්‍රශ්නත් එක්ක ඒවා තීරණය කරන්න අවශ්‍ය නිසා. ගෙදර අය බලලා එන්න යන්න නම් මට පහසුකම් තියෙනවා වැඩ නැති වෙලාවට ගිහින් එන්න. කොහොමත් දැන්නම් වැඩි කැමැත්තක් තියෙන්නේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙලා ඒ දේවලූත් කරගෙන ලංකාවට වෙලා ඉන්න තමයි.

 

ධනු විජේරත්න

ඡායාරූප: කසුන් ශානක

 

 2018-04-09-ent-33 2018-04-09-ent-34