රංඟනයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා
නෙතු ඔයා ගැන විස්තරයක් කළොත්?
මගේ නම තරුෂි නෙත්මිණි. ඒ වුනාට මට ගොඩක් අය කතා කරන්නෙ නෙතු කියලා. මාව කවුරුත් දන්නෙ නෙතු ගමගේ කියන නමින්. මට වයස අවුරුදු 19යි. මගේ ගම ගාල්ල. මගේ පවුලේ ඉන්නෙ අම්මායි, තාත්තයි, නංගියි,මල්ලියි. මම වැඩි හරියක් නිරත වෙලා ඉන්නෙ නිරූපණයට. දැන් ඒක මගෙ වෘත්තිය වෙලා.
නිරූපණය පිළිබඳ හදාරලා තිබෙනවාද?
මම දැනට නිරූපණය හදාරලා නෑ. මම ඉදිරියේදී ඒ සම්බන්ධව හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
නිරූපණයට එක් වෙන ගොඩක් අය ටික කලකින් රංඟනයටත් යොමු වෙනවා. ඔයාගෙත් එහෙම අදහසක් තියෙනවාද?
ඔව්.මමත් රංඟනයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනට මට නිර්මාණ තුනකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඉදිරියේදී ඒ නිර්මාණ වල රූගත කිරීම් සිදුවෙනවා.
මෙච්චර පොඩි වයසෙන් නිරෑපණයට එන්න හිතුවේ ඇයි?
මට ගොඩක් අය කියලා තියෙනවා මට නිරූපනය පැත්ත හොඳයි කියලා. ඒ වගේම මගේ පොඩි කාලෙ ඉඳන් මේ පැත්තට ආසාවක් තිබුණා.
බියුටි පැජන්ට් වලට සහභාගී වෙන්න අදහසක් තියෙනවාද?
ඔව් අදහසක් තියෙනවා. තාම මම එහෙම තරඟයකට සහභාගී වෙලා නැහැ. නමුත් ලබන අවුරුද්දේ ඒ වගේ තරඟයකට සහභාගී වෙන්න අදහසක් තියෙනවා.
ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්?
නිරූපණය සහ රංඟනය පැත්තෙන් හොඳ තැනක් හදාගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.
මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
අනිවාර්යෙන්ම ඔව්. මගේ අම්මා,තාත්තා. ඒ දෙන්නා නැත්තන් මට අද මේ ක්ෂේත්‍රයට එන්න වෙන්නෙ නැහැ. ඒ වගේම මගේ පෙම්වතා වන ධනූෂ්ගෙ කැපවීම මත තමා මාව මේ ක්ෂේත්‍රයට දාන්න කටයුතු කළේ. මට උදව් කරපු හැමෝම මේ වෙලාවෙ මම මතක් කරනවා.
හැඩ ගැන්වීම - ධනූෂ්
සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි