රංගනයෙන් පේ‍්‍රක්ෂකයන් සතුටුකරවන්න ලැබීම වාසනාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-412

”මගේ සහෝදරයා වෘත්තියෙන් ඡුායාරූප ශිල්පියෙක් සහ වීඩියෝකරණ ශිල්පියෙක්. එයා මේ ක්ෂේත‍්‍රයට ආවේ මට කලින්. වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීමේ අවස්ථාව මට ලැබුණේ එයා නිසයි. රඟපෑමට ආවේ ඉන් පසුවයි. දෙවැනි ඉනිමේ නාට්‍යයේ සහේලිගේ චරිතය මගේ ප‍්‍රථම ටෙලිනාට්‍ය රංගනයයි.”

මේ විදියට විස්තර කියන්නේ එමාෂා සෙනෙවිරත්නයි.

 

දෙවැනි ඉනිම නාට්‍යයේ සහේලි වූ මේ එමාෂා කවුද?2019-07-08-ent-415

”එමාෂා කියන්නේ ගොඩාක් සංවේදී, ඒ වගේම සතුන්ට ගොඩාක් ආදරය කරන කෙනෙක්. අවශ්‍ය දේ විතරක් කතා කරන්න කැමැති, වැඩිපුර නිහඬව ඉන්න කැමැති කෙනෙක්. මොන වැඩක් බාර ගත්තත් හදවතින්ම අරන් කැප වෙලා වැඩ කරන්න උත්සාහ ගන්නවා. කෙනෙක්ව ආශ‍්‍රය කරන්නේ එයාගේ භෞතික වත්කම් හෝ තරාතිරම බලලා නොවෙයි. මනුස්සකම දිහා බලලයි.”

 

එමාෂා කියන නාමයෙහි තේරුම?

”එය රුසියානු ආභාෂයකින් එන නමක්. රුසියානු භාෂාවේ තේරුමට අනුව මාෂා කියන්නේ ආදරණීය සහ දක්‍ෂ ගැහැනු ළමයා කියන අරුතයි. මට ඒ ගැන කිව්වේ අපේ පුංචි. එමාෂා කියලා මට නම දැම්මේ පුංචි.”

 

එමාෂාගේ ගම?

”බදුල්ල. මූලික අධ්‍යාපනය ලබා ගත්තා විහාරමහාදේවි බාලිකාවෙන්. පසුව පහ වසර විභාගයෙන් පස්සේ මහනුවර උසස් බාලිකාවට ආවා. ඊට පෙර බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙන ගෙන තියෙනවා.”

 

මොන වගේ පවුලක කෙනෙක් ද?

”අපේ පවුලේ අම්මයි තාත්තයි මමයි මල්ලියි. තාත්තා ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ. අම්මා ඉංග‍්‍රීසි භාෂා අංශයේ ගුරුවරියක්. මල්ලි තිළිණ බෙන්. එයා සිනමාකරණයට සම්බන්ධයි. වෘත්තියෙන් ඡුායාරූප ශිල්පියෙක්.”

 

එමාෂා ඉගෙන ගත්තේ මොන වගේ අරමුණක් ඇතිව ද?

”අයර්ලන්ත සරසවියකට සම්බන්ධ ව්‍යාපාර කළමනාකරණ අංශයේ පළමු පෙළ විශේෂ ගෞරව උපාධියක් ලබාගෙන සිටිනවා. ඊට අමතරව දැන් දෙවැනි උපාධිය සඳහා ලැහැස්ති වෙනවා ව්‍යාපාර පරිපාලන අංශයෙන්.”

 

ඒ් විදියට ඉගෙන ගෙන?

”ඉගෙන ගත් අංශයට අදාළව වෘත්තියක නියැලීම අරමුණයි. ඒ අතර රංගනයෙත් යෙදෙනවා.”

 

කොහොම ද සහේලිට ලැබෙන ප‍්‍රතිචාර?

”හිතා ගන්නවත් බැරි තරම්. කොහේ ගියත් කොතැනක ගියත් හැමෝම හරිම ආදරයෙන් පිළිගන්නේ. රංගනයෙන් පේ‍්‍රක්‍ෂකයින් සතුටු කරවන්න ලැබීම ඇත්තටම වාසනාවක්.”

 

දෙවැනි ඉනිම හැර වෙනත් චරිත මොනවා ද?

”දැනට දෙවැනි ඉනිම විතරයි. මගේ පළමු නාට්‍යය නිසා බොහොම ගෞරවයෙන් මීට දායක වන්නේ. මේ හැර තවත් සිනමා හා ටෙලි නිර්මාණාවලට ආරාධනා ලැබුණා. ඉදිරියේදී මට ගැළපෙන චරිතයක් ලැබුණොත් බාර ගන්නවා.”

 

ආදරණීය ගැහැනු ළමයා යන අරුත ඇති එමාෂාගේ ආදරය කොතැන ද නතර වෙලා තියෙන්නේ?

”උපන් දවසේ ඉඳලා ඉතින් ආදරය ලැබෙන්නේ අම්මා තාත්තා සහ පවුලේ අයගෙන්. ඒ වගේම මගේ ඥාතීන්ගෙන් සහ යහළු යෙහෙළියන්ගෙන්. ඒ ආදරය තමයි මට තියෙන්නේ.”

 

එතකොට පේ‍්‍රමවන්තයෙක්?

”නැහැ තවම. ඒ ගැන හිතන්න කලින් අධ්‍යාපන වැඩ ටික ඉවර කරලා ඉන්න ඕනෑ.”

 

එමාෂාගේ හිත තියෙන්නේ මොන වගේ රුවකට ද?

”රූපයට වඩා කෙනකුට වඩා වැදගත් වන්නේ අභ්‍යන්තරයයි. බුද්ධිමත්, අම්මා තාත්තාට ආදරය කරන, ගරු කරන සහ මානුෂීය ගුණය තියෙන කෙනෙක් කවදා හරි තෝරා ගනීවි.”

 

රංගන ක්ෂේත‍්‍රය ගැන හිතන්නේ කොහොම ද?

”මෙහි රැුඳී සිටින්නට නම්, රංගන විෂයය ගැන දැනුම ලබමින් කුසලතා දියුණු කරගන්න ඕනෑ. ඒ වගේම වැදගත් විදියට හැසිරීම සහ පැවැත්ම ඉතාම අනිවාර්යය දෙයක්. එතකොට ලස්සන ගමනක් යන්න පුළුවන්. මගේ අම්මා තාත්තා හරිම යහපත් දෙදෙනෙක්. ඒ මානුෂීය ගුණාංග අපටත් ලැබී තිබෙනවා. ඒ එක්ක ජීවිතය ගෙවන මට මුලින්ම රඟපෑමට ලැබුණේ ලංකාවේ ජනප‍්‍රියම ටෙලිනාට්‍යයක. එය ඉතා යහපත් ආරම්භයක්. ඒ නිසා යහපත් විදියට රංගන ක්ෂේත‍්‍රයේ නිරතවීමට උත්සාහ ගන්නවා. ඇත්තම කිව්වොත් මම රංගන ක්ෂේත‍්‍රයට එන්න හිටපු කෙනෙක් නෙවෙයි.”

 

එහෙනම්?

”මම හිතාගෙන හිටියේ උපාධිය ලබාගෙන විදෙස්ගත වෙලා තවදුරටත් උසස් අධ්‍යාපනය හදාරමින් විදේශගතව සිටින්න. ඉතින් එහිදී මට තීරණයක් ගන්න අවශ්‍ය වුණාම වාසනාවකට රංගන ක්ෂේත‍්‍රයට අවස්ථාව ලැබුණාම අම්මා තාත්තාගෙන් අවසර අරගෙන මේ රටේම ඉන්න තීරණය කළා.”

 

ජීවිතේ ගැන හිතන්නේ කොහොම ද?

”උපේක්‍ෂාවෙන් සියල්ල බාරගෙන මුහුණ දිය යුතු දෙයක්. අටලෝ දහමට අනුව ඒ යථාර්ථය තේරුම්ගෙන කටයුතු කරන්නට ඕනෑ. යහපත් දේ වෙද්දී සතුටු වෙනවා වගේම, අයහපත් දේ හමුවේ එය උපේක්‍ෂාවෙන් විඳ දරා ගන්නත් ශක්තියක් තිබෙන්නට ඕනෑ.”

 

රඟපෑම යනු?

”රඟනොපා සිටීම රඟපෑම කියලයි මට හිතෙන්නේ. රඟපෑමක් නොකොට ඇත්ත ඇති සැටියෙන් පෙන්වීම පේ‍්‍රක්ෂකයාට වඩා දැනෙන බව කියන්න පුළුවන්. නාට්‍යයකින් වුණත් පෙන්වන්නේ ජීවිතයේ යථාර්ථයනේ.”

 

සටහන හා ඡුායාරූප: සඳුන් ගමගේ

 

 2019-07-08-ent-413 2019-07-08-ent-414