රංගනයටත් යොමු වෙන්න ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-17-ent-93

කාලයක් තිස්සේ නිරූපණ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන තික්ෂි ලියනගේ සමගින් අද "සාරවිට" තරු කතා බහ අරඹන්නට අපි සුදානම් වුණේමු. නිරූපිකාවක් ලෙස නිරූපණ ක්ෂේත්‍රය තුළ දිගු ගමනයක් යාමට අපේකෂාවෙන් පසුවන ඇය ඉදිරියේදී රංගනයට පිවිසිමේ සූදානමකින් පසුවේ. මේ ඇය ඉදිරි කලා කටයුතු පිළිබඳව අපි සමගින් මෙසේ තොරතුරු බෙදාහදා ගත්තේමු.

 

නිරූපණ ක්ෂේත්‍රයට ආවේ?

2017-05-17-ent-95නිරූපිකාවක් විදිහට මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ මට අවුරුදු 17දී. පුංචි කාලේ ඉඳලා නිරූපණය පැත්තට යොමු වෙන්න ආසාවක් තිබුණා. ටික ටික මම ලොකු වෙන කොට ඒ ආසාව තව තවත් වැඩිවුණා. මගේ අක්කා රෙෂෙල් ලියනගේ. එයාත් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කළා. අක්කා නිරූපණ කටයුතු වල නියැළෙනවා දැකලා තමයි මටත් ආසාවක් ඇතිවුණේ නිරූපණය පැත්තට යොමු වෙන්න.

 

මොනවද කරලා තියෙන වැඩ?

දැනට රූපවාහිනි වෙළෙඳ දැන්විම් නම් කිහිපයකටම මම දායක වෙලා ඉන්නවා. ඊට අමතරව ශීවගුරුනාදන් අයියා අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයක සුළු චරිතයකට මම දායක වුණා. ගීත රූප රචනා සඳහාත් ආරාධනා ලැබුණා. නමුත්, ලැබුණ ආරාධනා අතර හොඳ චරිතයක් මට තිබුණේ නැහැ. ඒත්, ලැබුණ වැඩ දෙක තුනකට ඉදිරියේදී සම්බන්ධ වෙන්න සුදානමින් ඉන්නවා.

 

රඟපාන්න කැමති නැද්ද?

මම නිරූපණය පැත්තට තමයි ගොඩක්ම කැමති. ඊට අමතරව රංගනය පැත්තටත් යොමු වෙන්න ආසාවක් තියෙනවා මගේ. එත්, මට ගැළපෙන දේවල් වලට විතරයි. මට ආරාධනා නම් හම්බ වෙලා තියෙනවා රඟපාන්නත්. නමුත්, ලැබුණ ආරාධනා වල මට ගැළපෙන චරිතයක් තිබුණේ නැහැ. ඒ හින්දා හොඳ චරිතයක් ලැබෙනකම් ඉන්නවා රංගනය පැත්තට යොමු වෙන්න. රංගනය පැත්තට කෙසේ වෙතත්, මම නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න තමයි සැලසුම් කරමින් ඉන්නේ.

 

නිරූපිකාවක් විදිහට අද මේ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

නිරූපණ ක්ෂේත්‍රය තුළ හොඳ නමක් තියාගෙන තමයි මේ තත්ත්වයට මම ගොඩ නගා ගත්තේ. ඒ හින්දා හොඳ නමක් තියාගෙන ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න තමයි මගේ බලාපොරොත්තුව. මොකද, මිනිස්සු නිරූපණ ක්ෂේත්‍ර තුළ විවිධ කෝණ වලින් බලනවා. නමට කැළලක් කරගන්නේ නැතිව මගේ ප්‍රතිරූපයට හානියක් නොකර ක්ෂේත්‍රය තුළ දිගුගමනක් යන්න තමයි මට අවශ්‍යය කරන්නේ.

 

උදව් කළ අය?

V ක්‍රියේෂන්හි රවිඳු අයියා, ඡායාරූප ශිල්පි එමාල් අයියා තමයි මට ගොඩක්ම උදව් කළේ නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙන්න. මගේ අක්කා රෙෂෙල් ලියනගේ එයාත් මට ගොඩක් උදව් කළා. ඊට අමතරව මගේ පවුලේ අයයි මගේ පෙම්වතවයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. පෙම්වතා නම් කැමති නැහැ මම මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරනවා. මොකද එයා බයයි මගේ නමට කැළලක් වෙයි කියලා. නමුත්, නිතරම එයා මගේ නිරූපණ වැඩ වලට උදව් කරනවා.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - එමාල් ලක්ෂිත

 

2017-05-17-ent-90  2017-05-17-ent-94  2017-05-17-ent-92 2017-05-17-ent-91