රංගනයට යොමු වෙන එක කාලය තිරණය කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-28-ent-18

රූපවාහිනි නාලිකා සංවිධානය කළ අවුරුදු කුමරි තරග කිහිපයකින්ම ජයගත් බුද්ධි ජයවර්ධන වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් වේ. මේ වනවිට රංගනයටද පිවිස ඇති බුද්ධි රඟන පළමු ටෙලි නාට්‍යය මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වේ. ‘අවසන් ඉනිම’ වූ ඇය එහි ‘මන්දාරා’ ලෙස චරිත නිරූපණය කරනු ලබයි.

 

‘අවසන් ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘මන්දාරා’ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?2018-05-28-ent-19

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ මගේ පළමු රංගනය. ඉතින් ගොඩක් සතුටුයි පළමු රංගනයටම ඉහළ රසික ප්‍රතිචාර ලැබෙන කොට.

 

‘අවසන් ඉනිම’ට පස්සේ?

නැහැ. මම වෙනත් ටෙලි නිර්මාණයකට දායක වුණේ නැහැ. ටෙලි නාට්‍යය කිහිපයකට කතා කළා. නමුත්, ඒවාට දායක වුණේ නැහැ. කාලයක් යනතුරු රංගනයට පැත්තට යොමු වෙන්න නැහැ කියලා තිරණය කළා.

 

ඇයි රංගන ශිල්පිණියක් විදිහට වැඩ කරන්න කැමති නැද්ද?

මම නිරූපිකාවක් විදිහට වැඩ කරන්න තමයි ගොඩක් ආස. තව කාලයක් නිරූපණ ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න ආසයි. ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වුණොත් කාලය ගොඩක් වැය වෙනවා. වෙන දෙයක් කරන්න වෙලාවක් හොයාගන්න බැහැ. නමුත්, නිරූපණ කටයුතුවලදී එහෙම නැහැ.

 

ඒ කියන්නේ රංගන ක්ෂේත්‍රයට වඩා නිරූපණ ක්ෂේත්‍රය හොඳයි කියන එකද?

මොහෙමයි, ජනප්‍රිය වෙන්න ආසාවක් තියෙනවා නම් හොඳ රංගන ශිල්පිණියක් වෙන්න. නමුත්, මගේ කැමැත්ත තමයි තව ටික කාලයක් නිරූපණ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න එක. රංගනයට යොමු වෙන එක ඉදිරියේදී කාලය තිරණය කරයි.

 

නිරූපිකාවක් වුණාහම වෙනත් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා?

මේ දවස්වල මම රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකටම වගේ දායක වෙනවා. ගීත රූප රචනාවලට සම්බන්ධ වෙන්න කියලා නම් ආරාධනා බොහෝමයක් ලැබුණා. නමුත්, හොඳ නිර්මාණයකට තමයි දායක වෙන්න බලාපොරොත්තු වෙන්නේ.

 

පැජන්ට්වලට වගේ සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

අදහසක් තියෙනවා. මොකද, මම නිරූපණ ක්ෂේත්‍රයට ආවත් පැජන්ට් එකකින් නිසා. හොඳ පැජන්ට් එකක් ලැබුණොත් ඒකට දායක වෙනවා. බලමු ඉදිරියට.

 

බුද්ධි ගැන කිව්වොත්?

අහිංසක කෙනෙක්. පෙනුමෙනුත් ඒ බව පේනවා නේ.

 

බුද්ධික සේනාධීර

 

2018-05-28-ent-17