රංගනයට මෙන්ම නිරූපණයට කැමැත්තක් දක්වන දිලිනි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-11-23-ent-84

ඉගෙනීම් කටයුතුවල නිරත වෙමින් නිරූපණ ක්‍ෂේත්‍රයට අත්පොත් තබන නවක නිරූපිණ ශිල්පිනිය දිගු ගමනක් යෑමට පෙර නිමිති පළ කර සිටින්නීය. තවමත් නව යොවුන් වියේ පසුවන ඇය, කලාවට ලැදී යුවැත්තියකි. නමින් දිල්රුක්ෂි වන ඇය ඇගේ කලා කටයුතු පිළිබඳ ‘සාරවිට’ සමගින් මෙලෙස දොඩමළු වූවාය.

 

ඔබේ නම කිව්වොත්?

2016-11-23-ent-88මගේ නම දිල්රුක්ෂි. මට ගොඩක් අය කතා කරන්නේ දිලිනි කියලා තමයි. මොකද මං ෆේස්බුක් එකේ ඉන්නේ දිලිනි නටාෂා නමින් නිසා.

 

රැකියාවක් කරනවාද? ඉගෙන ගන්නවාද?

තාම ඉගෙන ගන්නවා.

 

දැන් වයස කීයද? කියන්න කැමතිද?

කැමතියි. 21 යි.

 

ඇයි නිරූපණයට එන්නේ?

මං පොඩි කාලේ ඉඳලම නිරූපණය ක්ෂේත්‍රයට ගොඩක් කැමතියි. ඒක නිසා නිරූපණයට එන්න හිතුවා. ඒක මගේ පොඩි කාලේ ඉඳලම හීනයක්.

 

නිරූපණය කරනවාට ගෙදරින් කැමතිද?

ඔව්, කැමති මට අම්මා ගොඩක් උදවු කරනවා.

 

නිරූපණය ගැන ඔබ හිතන්නේ කොහොමද?

හොඳ විදිහයට නිරූපණය කරනවා නම් ගොඩක් හොඳ ක්ෂේත්‍රයක් කියලා මං හිතන්නේ.

 

වෘත්තීය වශයෙන් නිරූපණයද තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ?

ඉදිරියට එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. හොඳ විදිහට හොඳ ගමනක් යන්න.

 

රංගනය පැත්තට කැමැත්තක් තියෙනවාද?

ඔව් කැමැත්තක් තියෙනවා රංගනය ගැන ඉගෙන ගන්නත් ආසයි. ඉදිරියට රංගනය පැත්තටත් යොමු වෙලා ලොකු ගමනක් යනවා. ඉදිරියට රංගනය පිළිබඳව පාඨමාලාවක් හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

නිරූපණ ක්ෂේත්‍රයෙන් සහ රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යන්න ලොකු අදහසක් තියෙනවා. හිමින් හොඳ ගමනක් යනවා. මං ඉගෙනීමේ වැඩත් කරගෙන බොහොම හිමින් හොඳ ගමනක් යනවා.

 

කවුරු හරි උදවු කරපු පිරිසක් ඉන්නවාද?

ඔව්, ඉන්නවා. මට මගේ වැඩවලට වැඩියෙන්ම මට උදවු කරන්නේ දිනූ අක්කි. හරි වැරදි කියලා මාව හැම වෙලාවෙම මෙහෙම කරන්න කියලා උපදෙස් දෙන්නේ දිනූ අක්කි තමයි. මං මේ වෙලාවේදී අක්කිට ගොඩක් ස්තූති කරනවා. තව මගේ යාළුවෝ උදවු කරනවා. නම කියන්න බැරි උන අය ඉන්නවානම් සමාව ඉල්ලනවා. මට වචනයකින් හරි උදවු කරපු හැමෝටම බොහොම ස්තූතියි.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

Dress by - Salon Tharu sri

 

2016-11-23-ent-87
2016-11-23-ent-86
2016-11-23-ent-85