රංගනයට දායක වෙන්න කැමැත්තක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170824Kaushi-1

පුංචි කාලේ ඉඳන්ම නිරූපණ ක්‍ෂේත්‍රයට ආසාවෙන් හිටිය කෙනෙක් තමයි කෞෂි කියන්නේ. වෙළෙඳ දැන්වීම් මගින් නිරූපණයට පිවිසි ඇය, ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන කතා කරන්න පසුගිය දිනක ඇය ‘සාරවිට‘ සමග දොඩමළුවුණා.

මුලින්ම ඔබ ගැන හැඳින්වීමක් කරන්න?

මම කෞෂි ගෝමස්. මගේ වයස 20 යි. මම ඉන්නේ කළුතර. මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි අප්පච්චියි.

නිරූපණයට යොමුවෙන්න හිතුවේ ඇයි?

මම පොඩිකාලේ ඉඳන්ම නිරූපණ ක්‍ෂේත්‍රයට කැමතියි. ඒ වගේම මට මේ ක්‍ෂේත්‍රය ගැළපෙනවා කියලා හිතුණා. මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ෂොටෝග්‍රැෆර් කෙනක් නිසා තවත් මට මේ ක්‍ෂේත්‍රයට එන්න කැමැත්ත ඇතිවුණා.

20170824Kaushi-5දැනට කොපමණ කාලයක්ද මේ ක්‍ෂේත්‍රයට ඇවිත්?

අවුරුද්දක් පමණ වෙනවා.

ඒ කාලය තුළ ඔබ දායක වුන වැඩකටයුතු මොනවාද?

ෆොටෝ ෂූට් කිහිපයක් කළා. ඊට අමතරව මොබිටෙල් cash bonanza 2016 අවුරුදු advertisement එකේ පෙනී සිටියා.

ඔබ නිරූපණය පිළිබඳව හැදෑරීමක් කරලා තියනවාද?

නැහැ, මම නිරූපණය පිළිබඳව හැදෑරීමක් කරලා නැහැ.

ඔබ වෘත්තීමය නිරූපිකාවක්ද?

නැහැ,, මම තාම අධ්‍යාපන වැඩකටයුතු කරන ගමන් නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කරනවා.

රංගනයට යොමුවෙන්න කැමැත්තක් නැද්ද?

රංගනයට දායක වෙන්න කැමැත්තක් තියෙනවා. මියුසික් වීඩියෝ කිහිපයකට ආරාධනා ලැබුණා.

නිරූපණයට යොමුවෙනවාට පවුලේ අයගෙන් බලපෑමක් ආවේ නැද්ද?

මුලින් අකමැති වුණත් නිරූපණ කටයුතු තෝරා බේරාගන්න අම්මි ගොඩක් උදවු කරනවා. එන හැම වැඩක්ම භාරගන්නේ නැහැ. හොඳ වැඩක් ආවොත් භාරගන්නවා. පවුලේ අය වගේම මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මේ කටයුතුවලට ගොඩක් සහයෝගය දෙනවා.

ඔබේ අධ්‍යාපන කටයුතු ගැනත් කියන්න?

මම ෆොටෝ ග්‍රැෆි වගේම ග්‍රැෆික්ඩිසයින් ඉගෙනගන්නවා. ගොඩක්ම කැමතියි මම ෆොටෝ ග්‍රැෆිවලට.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

නිරූපණ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. හොඳ වැඩක් ආවොත් අනිවාර්යයෙන්ම භාරගන්නවා. ඊට අමතරව ඡායාරූපකරණය පැත්තෙන් එකෙන්  Studio Romanic Colour එකේ වැඩකරන්න බලාපොරොත්තුවෙනවා.

ඔබට උදවු කළ මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?

විශේෂයෙන්ම මගේ බෝයි ෆ්‍රෙන්ඩ් තීක්ෂණ රණසිංහට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මගේ කැමැත්තට ඉඩ දීලා මේ තත්ත්වයට එන්න එයා මට ගොඩක් උදවු කළා. මගේ අම්මා අප්පච්චිත් මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම මගේ වැඩකටුයුතුවලට උදවු කරපු හැමෝම මතක් කරනවා. ගොඩක් ස්තූතියි හැමෝටම.

සටහන - දිනිත් කණිෂ්ක

20170824Kaushi-2 20170824Kaushi-3 20170824Kaushi-4