රංගනයට එන්නත් බලාපොරොත්තු වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-23-ent-42

නවෝදි කියන්නේ නිවේදිකාවක්.ඒ වගේම හඬ කැවීම් ශිල්පිනියක්.නවෝදි සමග සාරවිට කරපු සංවාදයේදි ඇය අපිට විස්තර කිව්වේ මෙන්න මෙහෙමයි.

 

මුලින්ම කියන්නකෝ ඔයා කවුද කියලා?

2017-11-23-ent-43මම නවෝදි චානිකා.මම දැනට සිරස නාලිකාවේ නිවේදන කටයුතු කරනවා.මගේ වයස අවුරුදු 22යි.ඒ අතර හඬ කැවීම් කටයුතුත් කරනවා.

 

එතකොට මේ හඬ කැවීම් සහ නිවේදනය කියන්නේ ඔයාගේ වෘත්තියද?

වෘත්තීයම නෙවෙයි.විනෝදාංශයක් විදියට කරන්නේ.නමුත් දැනට මේ දේවල් එක්ක තමයි වැඩ කරන්නේ

 

කොයි කාලේ ඉදන්ද මේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ?

දැනට අවුරුදු දෙකක් විතර ඇති

 

මොනවද ඔයා දායක වුණ නිර්මාණ

මම නිවේදිකාවක් විදියට තමයි එන්නේ.මුලින්ම දිදුල නාලිකාවෙන් තමයි නිවේදිකාවක් විදියට එන්නේ.ඒකේ වැඩසටහන් කිහිපයක් කරා.ඊට පස්සේ තමයි සිරසට එකතු වෙන්නේ.එතකොට මම හඩ කැවීම් කිහිපයකට දායක වුණා.දැනට සිරසේ "සිරස ආලින්දය"එකේ නිවේදනය කරනවා.එතකොට මැලිබන් ක්‍රීම් ක්‍රැකර් කමර්ෂල් එකක රඟපෑවා.

 

නිවේදන කටයුතු කරන්නේ ඉගෙනගෙනද?

පොඩි කාලේ තිබ්බ ආසවක්.පාසල් කාලේ නිවේදනය කරා.ඊට පස්සේ A/L වලින් පස්සේ "ජනමාධ්‍ය හා කලා"ආයතනයේ නිවේදනය හැදෑරුවා.ඊට පස්සේ තමයි දිදුල එකට එකතු වුනේ

 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද මේ දේවල්වලට?

ගෙදරින් අකමැත්තක් නෑ.එයාලා උදව් කරනවා.යාළුවෝ උදව් කරනවා.එහෙම තමයි.

 

මේ ක්ෂේත්‍රයේදි ලැබුනු අත්දැකීම් කොහොමද එතකොට?

මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා පොඩි කාලයයි ඉතිං.ඒ කාලේට වැඩ කරපු දේවල් එක්ක ලොකු අත්දැකීමක් ලැබුනා.පාසල් කාලේට වඩා මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කතා කලොත් අපි?

මම දැනට මේවා කරන්නේ විනෝදාංශයක් විදියට.වෘත්තීයක් විදියට කරන්න බලාපොරොත්තුවක් නැහැ.වෘත්තීයක් විදියට වෙන පැත්තක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ.රංගනයට එන්නත් බලාපොරොත්තු වෙනවා.හොද නිර්මාණයකට කතා කලොත්

 

ඔයා දැන් නාලිකා කිහිපයක වැඩ කරලා තියෙනවා.ඒවාගෙන් ලැබුණු අත්දැකීම් කොහොමද?

ඔව්, දිදුල නාලිකාව මතක් කරන්න ඕනේ විශේෂයෙන්.මොකද මම මුලින්ම නිවේදනය එන්නේ එතනින්.අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ අසේල ගාල්ලගේ මහත්මයාව.එතකොට සිරසේ චන්දන මහත්මා සහ සිරස ආලින්දයේ නිෂ්පාදකවරු.එයාලාගෙන් ලැබෙන දායකත්වය වටිනවා.

 

අවසාන වශයෙන් කතා කලොත් උදව් කරපු අය ගැන?

මගේ අම්මයි තාත්තයි.එතකොට පවුලේ අයයි. මහේන් මුදිත සහ මගේ ගුරුවරුන්ව මතක් කරනවා සහ ස්තූති වෙනවා.

 

ඡායාරූප - කවීත් මිලින්ද / ඩිලාන් ක්‍රිෂාන්ත

 

2017-11-23-ent-38   2017-11-23-ent-41 2017-11-23-ent-40 2017-11-23-ent-39