රංගනයට එක් වෙන්න තමයි ලොකුම බලාපොරොත්තුව
දක්ෂ නිරූපිකාවක් සහ ව්‍යාපාරිකාවක් වීමට උත්සහ කරන ලාබාල නිරූපිකාවක් තමයි ෂමූදි කියන්නේ. මේ වනවිට ෂමූදි පැජන්ට් එකකට සහභාගි වී තිබෙනවා. නිරූපණයෙන් රංගනයට පිවිසීමත් ෂමූදිගේ අරමුණක්. ඉතින් ෂමූදිව සාරවිටට එකතු කරගත්තේ මේ විදිහට.
ෂමූදි ගැන විස්තර ටිකක් කිව්වොත්?
මගේ නම ෂමූදි අයෝද්‍යා. මගේ වයස අවුරුදු 17යි. මම ඉන්නේ මාතර. මම දැනට නිරූපණ ක්ෂේත්‍රයේ නිරත වෙනවා.
නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොයි කාලේද?
මම නිරූපණයට එන්නේ 2016දි.
මේ වෙද්දි දායක වුණු නිර්මාණ ගැන කිව්වොත්?
මම ඩොක්ටර් ප්‍රසාද්ගේ පැජන්ට් එකට සහභාගී වුණා. එතකොට සිරිකත පත්තරයේ ෆොටෝ ෂූට් කිහිපයකට දායක වෙලා තියෙනවා.
නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මම නිරූපණය පිළිබඳව පන්තියකට ගියා. එතනදි තමයි මට ඩොක්ටර් ප්‍රසාද්ගේ පැජන්ට් එක ගැන දැනගන්න ලැබුණේ. එහෙම තමයි මම නිරූපණයට සම්බන්ධ වුණේ.
රංගනයට එන්න බලාපොරොත්තුවක් නැද්ද?
කලා කටයුතු පැත්තෙන් තිබෙන ලොකුම බලාපොරොත්තුව තමයි රංගනයට එන එක. රංගනයට එක්වෙන්න ගොඩාක් ආසයි. මියුසික් වීඩියෝවකට සම්බන්ධ වුණා. ආරාධනා කිහිපයක්ම ලැබුණා. නමුත් සම්බන්ධ වෙන්න හැකියාවක් තිබුණේ නැහැ.
ෂමූදි තවම අධ්‍යාපනය හදාරනවාද?
මම අධ්‍යාපනය හදාරලා ඉවරයි.
වෘත්තීමය නිරූපණ ශිල්පිනියක් වෙන්නද ෂමූදි බලාපොරොත්තු වෙන්නේ?
නැහැ. ව්‍යාපාරිකාවක් වෙන්න ආසයි. ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒකයි නිරූපණයයි දෙකම සමබරව කරගෙන යන්න උත්සහ කරනවා.
ඉදිරි බලාපොරොත්තු සහ ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?
රංගනයට එක් වෙන්න තමයි ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ.
අවසන් වශයෙන් උදව් කරපු පිරිස ගැන කිව්වොත්?
ධනික අයියාව මතක් කරන්න ඕනේ, එතකොට මොඩ්ලින් ක්ලාස් එකේ ගුරුවරු සහ ශිෂ්‍යයෝ, එතකොට ඩොක්ටර් ප්‍රසාද් සහ මට උදව් කරපු හැමදෙනාටම මම ස්තූති වෙනවා.
කැළුම් දේවින්ද / ඡායාරූප - සජීව ලක්ෂාන්