රංගනයට ආවෙ අහම්බෙන්
මේ සුන්දර රුවැන්තියගෙ නම, මධුෂානි පෙරේරා. පුංචි තිරයේ මන්දෝදරී බිසව වූ මේ මධුෂානී කවුද? අද සඳැල්ල කතා බහ මේ රුවැන්තිය සමගයි.
මධුශානි විතරද නම?
ඔව් මධුෂානි පෙරේරා - ගම- කොට්ටාව
පාසල් අධ්‍යාපන කළේ
පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලය
මොනවගේ අරමුණු ද තිබුණේ
ගුවන් සේවිකාවක වෙන්න හිතුවෙ. ඊට පසුව දැන්වීම් ආයතනයක රැකියාවක් කළා. ඊට පසුව මෙල්බර්න් ගිහින් නිරූපණ ඩිප්ලෝමාවක් කළා. පසුව මේ ක්ෂේත්රයට ආව.
ඇයි නිරුපණ පැත්ත තෝරා ගන්න හිතුවෙ.
දැන්වීම් ආයතනයක රැකියාව කරද්දි ඒ අදහස ආවේ
බෙල්බර්න් නතර නොවුණේ?
ඉගෙන ගෙන මෙහි ආවා. අම්මලා මෙහේ නිසා කැමැති මෙහේ.
පවුලේ විස්තර කිව්වොත්
අම්මායි - තාත්තයි අයියයි මමයි.
ගුවන් සේවිකා අරමුණට මොකද වුණේ?
ඒ හීනයට වඩා මේ හීනය හොඳයි කියලා හිතුවා.
අද දවසේ වෘත්තිය මොකක්ද?
නිරූපන ශිල්පිනිය වගේම අද මට රංගනයේ ඉදිරියට යන්න ලැබිලා.
‘රාවණ’ ප්‍රථම රංගනයද?
ඔව්
කොහොමද ඒ අවස්ථාවට මුහුණ දෙන විට ලැබුණු අත්දැකීම්
මේක අහම්බයක්. මීට කලිනුත් එහි තිර පරීක්ෂණය තියෙනවා. කියලා එන්න කීවා. ඒත් යන්න බැරි වුණා. මගේ හොඳම යාළුවෙක් වන තිළිණ කිව්වා මේකට නැවත ගන්නවා යන්න කියලා. ඉතින් මම ගියා. නොහිතපු විදියට අවස්ථාව ලැබුණා. මට පුදුමත් හිතුණා. ලොකු සතුටක් ඇති වුණේ.
මුලින්ම චරිතය නිරූපණය කරන්න තිබුණෙ මොන වගේ අවස්ථාවක්ද?
මාව තෝරාගත් පසුදාම රිවස්ටන් ගියා. කාලගුණය හොඳ නැහැ කියලා යළි ආවා. තවත් මාසයකින් මම සිටින දර්ශන පටන් ගන්නෙ.
මුලින්ම කරන්න තිබුණෙ?
පිපාරාන් මයෙදාන සිටුවරයා (සවිත්‍ර) එයත් එක්ක මුල්ම දර්ශනය තිබුණා. මාලිගාවක ඇතුළේ දර්ශනයක් හැමෝම උදවු කළා. තාත්තා සහ දුව අතර දෙබසක් තියන්න තිබුණා.
‘මන්දෝදරි’ මොන වගේ කෙනෙක්ද?
ආදරණීය, හොඳ නුවණත් තියෙන, තාක්ෂණික ඥාණයක් තියෙන රුවැත්තියක්.
‘මධුෂානි’ කොහොම කෙනෙක්ද මේ බිසවට සාපේක්ෂව
සැබෑ ජීවිතයේදී මම නිශ්ශබ්ද චරිතයක්. සතුටින් ඉන්න කැමතියි. මේ ක්ෂේත්රයට එන්න අදහසක් තිබුණෙම නැහැ.
දැන් මේ සුන්දර මධුෂානි පෙම්වතියක්ද?
නැහැ.
කොහොමද ආදරය දැනෙන්නෙ?
හොඳ කෙනෙක් හම්බ වුණොත් ආදරය හඳුනන කෙනෙක් ආදරණීය කෙනෙක් ලැබුණොත් හොඳයි.
ලැබිලා නැහැ.
ඔව්නෙ. ලැබෙන කල් බලාගන ඉන්නවා. යෝජනා එනවා. ඒක ඉතින් ස්වභාවයනෙ.
ගෙදරින් මොකද කියන්නෙ?
ඉක්මනට බන්ඳලා දෙන්න තමයි අම්මලාගෙ අදහස.
ඔබ කැමති යෝජිත විවාහයකටද? ප්‍රේම සම්බන්ධ විවාහයකටද?
ප්‍රේම සම්බන්ධ විවාහයකට.
රාවණාගෙන් පසුව?
තවම මෙහි ෂූටිං ඉවර නැහැ. දැනට තියෙන ලොකුම අභියෝගය ඒක සාර්ථකව ඉවර කරන එක.
ලැබෙන ප්‍රතිචාර?
බොහෝ දෙනා මන්දෝදරි දෙස බලන්නෙ ගෞරවයෙන්. භක්තියෙන්. ඒ නිසා බොහෝ අය ආදරෙයි. චරිතයට. එයාලා මේක ආසාවෙන් නරඹන බව කියනවා. සති අන්තයේ විකාශය වන්නෙ.
මධුෂානිගේ හොඳම ගුණාංගය?
අවංකව වැඩ කරන කෙනෙක්.
දිගටම රඟපාන්නද කල්පනාව?
තවම හිතලා නැහැ. මුලින් මේ දේ හරියට කරන්න ඕනෑ.
ගෙදර අය කැමතිද රඟපානවට?
අම්මා කැමතියි. තාත්තා මුලදී අකමැති වුණා. ඒත් අයිය, ගොඩක් කැමතියි. දැන් නාට්‍ය යද්දි තාත්තා නරඹන්නෙ ආසාවෙන්. අම්මා මම නිසා ලොකු මහන්සියක් වෙන්නෙ.
මේ හැර වෙනත් දක්ෂතා?
චිත්‍ර අඳින්න පුළුවන්. A/L කලා විෂයයන් කළේ. භාෂා අංශයෙන්. ජපන් භාෂාව කළා.
හොඳට උයන්නත් පුළුවනිද?
අම්මා එක්ක පුළුවනි.
හෙට දවස ගැන තියෙන ලොකුම බලාපොරොත්තුව?
නිරූපණ ක්ෂේත්රයේ ඉදිරියට යන්න හිතපු මට දැන් රංගනයක් ලැබිලා. ඉස්සරට බලමු.
නිහතමානි චරිතයක්ද? ආඩම්බරකාරි චරිතයක්ද?
නිහතමානියි. සමහර තැන්වලදි ටිකක් ආඩම්බරයි කියලා යාළුවෝ කියනවා. ඒත් මම ආඩම්බර නැහැ. රාවණා නාට්‍යයෙ අධ්යක්ෂතුමා වන තුෂාර තෙන්නකෝන් මහතාට සහ ටී.වී. දෙරණටත් උදවු කළ හැමෝටමත් ගොඩක්ම ස්තුතියි.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ
හැඩගැන්වීම: බුද්ධි තොටගමුව