රංගනය සඳහා ආරාධනාවක් බලාපොරොත්තුවෙන් ඉන්න 'සඳුනි'
නිදහස්ව කාලය ගත කරමින් නිරූපණ ශිල්පයට දැඩි කැමැත්තක් ආදරයක් දක්වන saravita.lk සමඟ කතා බහට එකතු වන ඇය සඳුනි වික්‍රමසිංහ.
ඉතිං සඳුනි කොහොමද මේ දවස් වල වැඩ කටයුතු?
මේ දවස් වල නම් විශේෂ වැඩ කටයුතු මුකුත් නෑ.පසු ගිය දින වල ලංකාවේ හිටිය නැති නිසා ලැබුනු ආරාධනා භාර ගත්තේ නෑ.ඉතිං මේ දින වල විවේකයෙන් ඉන්නවා.
මේ වෙනකොට නිරූපණ වැඩ සඳහා ආරාධනා ලැබිලා තියනවද?
ඔව්. මේ වෙනකොට photo shoot දෙක තුනකටම ආරාධනා ලැබිලා තියනවා. ඉදිරියට ලැබෙන ආරාධනා සතුටින් භාර ගන්නවා.
මෝස්‌තර නිරුපණය වගේම රඟපාන්න ආරාධනා ලැබුනොත් භාරගන්නවද?
අනිවාර්යෙන්ම ඔව්. ලැබෙන ආරාධනා හොඳද නැද්ද බලලා හොඳ ආරාධනා සතුටින් භාර ගන්නවා.
දිගටම නිරූපණ ශිල්පයේ ඉන්නවද?
ඔව්. අනිවාර්යෙන්ම.
මේ වෙලාවේ ඔයාට විශේෂයෙන් කියන්න මතක් කරන්න කවුරු හෝ ඉන්නවද?
ඔව්.මට මේ දේවල් වලට උදව් කරන පුංචි කාලේ ඉඳලා මගේ යාලුවෙක් ඉන්නවා.එයා තමයි මේ දේවල් වලට උදව් කරන්නේ.එයාව විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.
සටහන සහ ඡායරූප - ඉෂාන් සංජීව