රංගනය පැත්තට සම්බන්ධ වෙන්න මම කැමති නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-02-ent-44

ජාත්‍යන්තර රූප රාජිණි තරගයකට එක්වෙමින් නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ප්‍රමෝදි කෞශල්‍යා වර්තමානය වනවිට නව පරපුර අතර ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් බවට පත්ව සිටියි. නිරූපිකාවකට අමතරව වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් හා රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරන ඇය ඉදිරියේදී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස දිගු ගමනක් යන්නට අපේක්ෂා කරමින් සිටියි. මෙවර %සාරවිට^ තරු කතා බහ දිග හැරෙන්නේ අය සමගය.

 

ප්‍රමෝදිගේ අලුත් වැඩ කිහිපයක් එන්න තියෙනවා නේද?

2017-08-02-ent-45මා රංගනයෙන් දායක වුණ ගීත රූප රචනා දෙකක් ඉදිරියේදී එළිදක්වන්න නියමිත වෙලා තියෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. තවමත් ඒක සාකච්ඡා මට්ටමින් යන නිසා තොරතුරු කියන්න බැහැ. ඊට අමතරව චිත්‍රපටයකටත් කතා කළා. නමුත්, මම භාර ගත්තේ නැහැ.

 

සිනමා නිර්මාණයකට දායක වෙනවා කියන්නේ ලොකු වාසනාවක් නේ?

නැහැ රංගනය පැත්තට සම්බන්ධ වෙන්න මම කැමති නැහැ. ඒකයි චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අකමැත්ත පළ කළේ. මගේ අවධානය තියෙන්නේ මම දැනට කරන රැකියාවට හා මගේ අධ්‍යාපන කටයුතුවලට. නිරූපිකාවක් විදහට වැඩ කරන්න කැමතියි. එහෙත්, හැමදේම නෙවෙයි හොඳ දේවල් විතරක් තෝරා බේරා ගෙන කරනවා මම.

 

නිවේදිකවෙක් විදිහට තාමත් කැමතියි ඔබ?

ඔව්, නිරූපිකාවක් හා රංගන ශිල්පිණියක් විදිහට මම වැඩ කළත් බොහෝ දෙනෙක් මාව අඳුන ගත්තේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට. අදටත් මම නිවේදන කටයුතුවලට එදා වගේම වැඩිදායකත්වයක් ලබා දෙනවා.

 

ක්ෂේත්‍රයට ඇවිල්ලත් ඔබ වැඩි කාලයක් නැහැ නේද?

ගිය අවුරුද්දේ චිනයේ තිබුණ ‘%මිස් වර්ල්ඩ් යුනිවර්සිටි පැජන්ට්’ තරගයට එක්වෙමින් තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. මේ රූපරාජිණි තරගයට රටවල් 70 තරගකාරියන් සහභාගී වුණා. එහිදි මට හිමිවුණේ හයවැනි තැන. එම තරගයේ අවසන් තරගකාරියන් අතරට එක්වීමත් සමග මා පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය යොමු වුණා. ඊට පස්සේ නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරන්න අවස්ථාව ලැබුණේ.

 

දැනට දායක වෙලා තියෙන කලා කටයුතු?

දැනට මම ගීත රූප රචනා කිහිපයකටම පෙනි ඉඳලා තියෙනවා. ඊට අමතරව ‘%ක්ලෝගාඩ්’ ඇතුළු වෙළෙඳ දැන්විම් කිහිපයකටත් දැනට මම දායක වෙලා තියෙනවා. ගොඩක්ම පොටෝ ෂූට් වලට තමයි පෙනි හිටියේ. මෑතක ඉඳලා ගීත රූප රචනා වලටත් දායක වුණා.

 

උදව් කළ අය?

මම පෞද්ගලික ආයතනයක දැනට සේවය කරනවා. ඒ ආයතනයේ සියලු දෙනා මතක් කරන්න ඕනා. ඊට අමතරව මගේ පවුලේ අය, මගේ මිතුරු මිතුරියන් සියලු දෙනා විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මේ වෙලාවේ. මොකද, ඔවුන්ගේ දිරිමත් කිරීම හා සහයෝගය මැද තමයි මට මේ තරම් දුරක් මේ ක්ෂේත්‍ර තුළින් එන්න පුළුවන් වුණේ.

 

බුද්ධික සේනාධීර

 

  2017-08-02-ent-46