රංගන ශිල්පිණියක් වුණේ වාසනාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-0-02-ent-42

මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ දකින කවුමිණී වර්ණා විමලසිරි තරුණ පරපුර අතර ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. සඳුන් රාජකරුණාගේ ‘පැහැසරා’ ටෙලි නාට්‍යයේ පැහැසරාගේ දුවට පණ පෙවූ ඇය ඉදිරියේදී ටෙලි නාට්‍යය බොහෝමයකින් ප්‍රේක්ෂක ඔබ මුණගැසීමට සූදානමින් සිටින්නීය. මේ ‘සාරවිට’ අප සමග එක්වූ මොහොතක්.

 

මේ දිනවල කවුමිණීව අපි දකින්නේ?2018-0-02-ent-43

‘සිරස’ රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘දංකුඩු බණ්ඩා’ ටෙලි නාට්‍යයේ මාව දකින්න පුළුවන්. මා රංගනයෙන් දායක වුණ සඳුන් රාජකරුණා මහත්මයාගේ ‘පැහැසරා’ වගේම; ශාන්ත සොයිසා මහත්මයාගේ ‘පිනි’ කියන නාට්‍යය දෙකම මේ වනවිට විකාශය වෙලා අවසන්. ඉදිරියේදී මා රංගනයෙන් දායක වුණ ‘දේදුණ පාලම’ හා ‘පිනි පබළු’ ඇතුළු ටෙලි නාට්‍යය කිහිපයක්ම විකාශය වීමට නියමිතයි.

 

ක්ෂේත්‍රයට ඔබගේ පැමිණීම සිදුවන්නේ?

2010 වසරේ තිබුණ ‘අයි.ටී.එන්’ අවුරුදු කුමරිය ලෙස දිනාගැනීමත් සමග තමයි ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබෙන්නේ. ‘අයි.ටී.එන්.’ අවුරුදු කුමරිය මෙන්ම, මම 2016 වසරේ දී ස්වර්ණවාහිනි නාළිකාව මගින් පැවැත්වූ ‘ස්වර්ණකුමරිය’ තරගයේ දෙවැනි තැනත් දිනාගත්තා. මුලින්ම රඟපෑවේ ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ ‘ඉතින් ඊට පස්සේ’ටෙලි නාට්‍යයේ.

 

ප්‍රේක්ෂකයන් ඔබ ගැන කතා කරපු චරිත තියෙනවාද?

ඔව්, ශාන්ත සොයිසා මහත්මයාගේ ‘පිනි’ ටෙලි නාට්‍යයේ ‘රංගනී’ කියන චරිතය බොහෝ දෙනෙක් කතා කළ චරිතයක්. ඊට අමතරව ‘පැහැසරා’ නාට්‍යයේ ‘චුටී දූ’ කියන චරිතයටත් හොඳ රසික ප්‍රතිචාර ලැබුණා.

 

රංගන ශිල්පිනියකට අමතරව?

රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකටම මම පෙනී ඉඳලා තියෙනවා. ‘සෙලින්කෝ’, ‘බොබි හඳුන්කූරු’, ‘සිංගර්’ කියන වෙළෙඳ දැන්වීම් බෙහෙවින් ජන්‍රපිය වුණා. දැනට ගීත රූප රචනාවකටත් මම දායක වෙලා තියෙනවා. ඉදිරියේදී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසත් කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

 

රංගන ශිල්පිනියක් වුණ එක ගැන මොකද හිතෙන්නේ?

ඒක වාසනාවක්. මොකද හැම කෙනෙක්ටම රංගන ශිල්පිනියක් වෙන්න බැහැ. ඉතින් ඒ වගේ වෘත්තියක නියැළෙන්න ලැබුණ එක පිනකට ලැබුණ දෙයක්. ජනප්‍රිය වගේම, දක්ෂ නිළියක් විදිහට වැඩ කරන්න තමයි මගෙ ලොකුම ආසාව.

 

උදව් කළ අය?

ගෙදර අය තමයි. විශේෂයෙන්ම අම්මයි, නංගියි දෙන්නා. ‘නිල්වලා’ ආයතනයේ අධ්‍යක්ෂක තුමා ඇතුළු සියලු දෙනාවත් මේ වෙලාවේ දී මතක් කරනවා.

 

2018-0-02-ent-41