යශෝධරා චරිතය රඟපාන්න එන්නෙ පේවෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-13-ent-127

මේ චරිතයට රඟපෑමට පෙර යශෝදරා ගැන ඔබ දැන ගෙන හිටියෙ කොහොමද?

බුද්ධාගමේ ඉහළ වටිනාකමක් ලැබෙන චරිතයක් තමයි රාහුල මාතාව. ඒ ගැන හැර මේ චරිතයට අවශ්‍ය දේ මුලින් දැනගෙන හිටියෙ නැහැ. මීට කලින් මේ චරිතයට සම්බන්ධ ටෙලිනාට්‍යයක් නිර්මාණය වෙලා තිබුණෙත් නැහැ. ඒ නිසා මේ චරිතය ලැබුණාම මට ඇතිවූ සතුට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් දෙයක්. මටත් වඩා අපේ ගෙදර අම්මා ඇතුළු කට්ටියම සතුටු වුණා. එත් එක්කම පුංචි චකිතයකුත් ආවා, අඩුපාඩු ඇති නොවන විදියට මේ චරිතය කරන්නෙ කොහොමද කියලා? ඒත් ඒ අභියෝගය ජයගන්න පුළුවන් වුණා.

 

අද මේ චරිතයට ලැබෙන ප‍්‍රතිචාර මොන වගේද?2019-05-13-ent-128

සමාජජාලා වෙබ් අඩවි වගේම හමුවන පේ‍්‍රක්‍ෂකයින් ඇතුළු සියල්ලන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර ඉතා ඉහළයි. මෑතකදී ඩුබායි පැවැත්වූ අවුරුදු උත්සවයකට අපට ආරාධනා ලැබී තිබුණා. එය නරඹන්න ඇවිත් හිටපු ශ්‍රී ලාංකීය පවුලක් මාව වට කරගෙන ‘‘අනේ දුව ඔයාට අපි ගොඩාක් ආදරෙයි’’ කිව්වා. ඒ අම්මාට ඒ වෙලාවෙ දෙන්න දෙයක් නැහැ කියලා අතේ තිබුණු වළල්ල මට දුන්නා. මම එපා ඇන්ටි කියලා කිව්වත්, සතුටට එයාට ඇඬුණා. ඒක හරි හැඟුම්බර අවස්ථාවක් වුණා.

 

යශෝදරා චරිතය රඟපාද්දී සිදුවූ සිදුවීම් ගැන කිව්වොත්?

අශ්ව කරන්තයෙන් යද්දී, වෙනදාට යොදා ගත්ත අශ්වයා එදා නැතුව වෙන අශ්වයකු යොදා ගෙන තිබුණා. ඒ අශ්වයා හීලෑ නැහැ. අශ්ව කරත්තයෙන් යද්දී එය පෙරළුණා. අපි හොඳටෝම බය වුණා. අපට තුවාල සිද්ධ නොවුණත් අශ්වයාට හොඳටම තුවාල වුණා. ඒ ගැන අපිට දුකයි.

 

මෙහි සිද්ධාර්ථගේ චරිතය ඉදිරිපත් කරන කැළුම් ශ්‍රී සහ ඔබ අතර මිත‍්‍රත්වය මොන වගේද?

මේ ඩ‍්‍රාමා එකට පෙර අපි දෙන්න දැන්වීමකදී හමුවී තිබුණා. ඒත් හොඳ යාළුවෝ වුණේ මේ නාට්‍යයේ රඟපෑමට එක්වීමත් සමගයි. මේ නාට්‍යයේ කුමාරවරු හතර දෙනයි, කුමාරියන් හතර දෙනෙකුයි ඉන්නවා. දැන් අපි කට්ටිය ඔක්කෝම හොඳ මිත‍්‍ර සන්ධානයක් ගොඩ නැගිලා. චරිතය රඟපාන දිනවලදී මම නම් මස් මාළු කන්නෙත් නැහැ. කැළුම් ශ්‍රී කොහොමටත් නිර්මාංශ චරිතයක්. හැමෝම වගේ හොඳට පේවෙලා එන්නෙ.

 

කාවින්ද්‍යා නැරඹූ කැමතිම බෞද්ධ චිත‍්‍රපටය ගැන කිව්වොත්?

මෑතකදී තිරගත වූ බිම්බාදේවී නොහොත් යශෝදරා.

 

බොදු බැති ගී අතරින් වඩා කැමති ගීත ගැනත් කිව්වොත්?

වෙසක් ලබනවා තොරණ බඳිනවා. ගීතයට සහ ‘‘හිමි සණරාමර ලෝක දිවංකර සම්බුදු හිමි සමිදේ...’’ ගීතයට හරිම ආසයි.

 

වෙසක් සමයේදී මොන වගේ දේවල්ද කරන්නෙ?

තාත්තයි මායි නංගිලා තුන්දෙනයි එකතු වෙලා කූඩු හදනවා. පහන් පත්තු කරනවා. සැරසිලිත් කරනවා. හැම වෙසක් කාලයේදීම අපි ඒවා කරනවා.

 

දන්සල් වඳින්නත් යනවා?

අපොයි ඔව්.

 

පෝලිමේ ඉඳලත් තියෙනවා?

ඔව්, අපේ ගෙවල් කිට්ටුව දන්සලක් දෙනවා. අපි පෝලිමේ ඉඳලා දන්සලට සහභාගී වෙලා එනවා.

 

දන්සැල් දීලා නැද්ද?

ඉස්සර අපේ තරුණ සංගමයක් තිබුණා. මාත් ඒ සංගමයේ සිටියදී ඒවාට සහභාගි වුණා.

 

තොරණ බලන්නත් යනවද?

කොළඹ වෙසක් කලාපය සහ ගම්පහ වෙසක් නරඹන්න යනවා.

 

සිල් අරගෙන නැද්ද?

පාසල් යන කාලයේදී දිගටම සෑම පෝයකටම වගේ සිල් ගත්තා. ඉන්පසුව ඉඳහිට තමයි සිල් ගත්තෙ. අද වන විට පෝය දවසෙත් ෂූටිං.

 

යශෝදරා කියන දෙබස් කණ්ඩයක් මතකද?

‘‘පියාණෙනි මා නුඹට සිදුකළ වරදට මා හට මඩු වලිගයෙන් තලන්න. නැති නම් ගස් බැඳ සුනඛයින් ලවා තුවාල සිදු කරන්න. එසේත් නැතිනම් මගේ කෙස් වැටියෙන් අල්ලා, බිම දිගේ ඇදගෙන යන්න පියාණෙනි.’’

 

නාට්‍යයේ වස්ත‍්‍රාභරණ - සංජීව

හැඩගැන්වීම - ධනුෂ්ක හුලංගමුව

ඡායාරූප සඳහා හැඩගැන්වීම - රංගන පේ‍්‍රමරත්න

 

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ