යකාට පෙම් බැඳි ‘නදීෂා’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-05-ent-26

පසුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණු ඡායාරූප පෙළක් තමයි යකෙක් සමග තරුණියක් කරපු ෆොටෝෂූට් එක. මේ ෆොටෝෂූට් එක නිසා නදීෂා කරළියට එනවා. නදීෂා තමයි යකා සමග ඡායාරූපවලට පෙනී සිටි තරුණිය. ඉතින් අපි නදීෂාට සාරවිටෙන් ඉඩක් වෙන් කළේ මේ විදිහට.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2018-09-05-ent-24

මගේ නම නදීෂා ෆ්‍රැන්සිස්කු. මගේ වයස අවුරුදු 25යි. මගේ ගම තංගල්ල. පවුලේ විස්තර කිව්වොත් මමයි, අම්මයි, තාත්තයි තමයි ඉන්නේ. මට අක්කලා දෙන්නෙක් සහ අයියා කෙනෙක් ඉන්නවා. දැනට මම රැකියාවක් කරනවා. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක් ලෙසත් පුංචි පුංචි වැඩ කරනවා.

 

නදීෂා එකපාරටම ජනප්‍රිය වෙන්නේ කොහොමද?

පහුගිය කාලේ සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වුණේ යකෙක් එක්ක කරපු ෆොටෝෂූට් එකක්. ඒකෙන් තමයි එකපාරටම මාව ජනප්‍රිය වුණේ. මම නවකයෙක් නිසා ඇත්තටම මට ලොකු අත්දැකීමක් නැහැ. මේ මගේ දෙවැනි ෆොටෝෂූට් එක. මේකට මාව සම්බන්ධ කළේ මගේ යාළුවෙක්. තිසර කියලා මල්ලි කෙනෙක්ගේ තමයි මේ ෂූට් එක. මේක ඇත්තටම කන්සෙප්ට් එකකට තමයි අපි කළේ. ඉතින් ඒක වෙනස් නිර්මාණයක්නේ. වාසනාවට හෝ අවසානාවට ඒ ෆොටෝෂූට් එක නිසා මම ජනප්‍රිය වුණා හිතපු නැති විදිහට. ඇත්තටම මම කලාව පැත්තෙන් ඉස්සරහට යන්න ආසයි. හොඳ නිර්මාණ ලැබුණොත් ඉදිරියේදී දායක වෙනවා.

 

එකවරම ලැබුණු ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. මම හිතුවේ නැහැ මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. ගොඩක් අය බැනලත් තිබුණා සංස්කෘතිය විනාශ කරනවා කියලා. හැබැයි ඇත්තටම මම හිතන්නේ නෑ මේකෙන් සංස්කෘතියට හානියක් වුණා කියලා. තවත් සමහරු හිතලා තිබුණා මේක ප්‍රී - ෂූට් එකක් කියලා. ඒක වෙඩින් ප්‍රී ෂූට් එකක් නෙවෙයි. මේක කන්සෙප්ට් ෂූට් එකක්.

 

වර්තමානයේ අපි දකින ෆොටෝෂූට්වලට වඩා මේක වෙනස් නේද?

ඇත්තටම මම මීට කලින් මෙහෙම දෙයක් ෆේස්බුක් එකේවත් කොහේදිවත් දැකලා තිබුණේ නැහැ. මේක වෙනස් නිර්මාණයක් නිසා තමයි මමත් කැමති වුණේ. දැන් අපි දකින්නේ ගොඩක් වෙලාවට නිරුවත් හෝ අඩ නිරුවත් ෆොටෝෂූට්නේ. ඒක ඇත්තටම දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලානේ. පෞද්ගලිකව මම ඒ වගේ නිර්මාණ බාරගන්නේ නැහැ. මේක ඇත්තටම සංස්කෘතික දෙයක් සහ ට්‍රෙන්ඩ් එකක් වෙනස් කරපු දෙයක්.

 

මේ ජනප්‍රියත්වය නිසාම තවත් ආරාධනා ලැබෙන්නත් ඇති නේද?

ඔව්. ෂූට්වලට නම් ආරාධනා ලැබුණා. නමුත් මට ඒ දේවල් බාරගන්න විදිහක් නැහැ මම කරන රැකියාව නිසා. නමුත් හොඳ නිර්මාණයක් ලැබුණොත් කාලය හදාගෙන කරනවා.

 

නදීෂාට මේ දේවල්වලට ගෙදරින් ලැබෙන සහාය කොහොමද?

අම්මා තමයි හැමදේටම පස්සෙන් ඉන්නේ. මම වැඩවලට යන්නෙත් අම්මා සමගයි. තාත්තයි අක්කලයි උදවු කරනවා. උපදෙස් දෙනවා. ඒත් අම්මා තමයි හැමදේටම ළඟින් ඉන්නේ.

 

නදීෂා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ නිරූපණය පැත්තෙන්ද?

නිරූපණයට වඩා මම ආසයි ටෙලි නාට්‍ය හෝ සිනමාව පැත්තට සම්බන්ධ වෙන්න. ඒක මගේ හීනයක්. ඇත්තටම එහෙම ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම බාර ගන්නවා.

 

නදීෂාගේ ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

ලොකු ලොකු බලාපොරොත්තු සහ සැලසුම් නම් නැහැ. හොඳ නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණොත් බාරගෙන කරනවා. කලාව පැත්තෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

 

මේ ගමනට උදවු වුණු අය ගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ තරිඳු විදානආරච්චිගේව. මොකද එයා තමයි මාව මේ නිර්මාණයට සම්බන්ධ කළේ. එතකොට ෆොටෝෂූට් එක කරපු ඩී.ජී. තිසර මල්ලිව සහ එයාගේ යාළුවන්ව. තව මගේ අම්මා, පවුලේ අයටත් මම මේ වෙලාවේ ස්තූති කරනවා.

 

( සටහන - කැළුම් දේවින්ද)

 

2018-09-05-ent-22  2018-09-05-ent-25  2018-09-05-ent-23