මොන දේ තිබුණත් සතුට නැත්නම් ඒ ජීවිතේ වැඩක් නෑ
රංගනයට, නිවේදනයට, ගායනයට වගේම තවත් බොහෝ අංශවලට දක්ෂ ඇය ඉඳුනිල් නුගවෙලය. මේ දිනවල ජාතික රූපවාහිනියෙ හිරු වියන සමඟ හමුවන ඉඳුනිල් හමුවන්න ආයෙමත් නිර්මාණය ඔස්සේ ද දැකගත හැකියි. ? අහසේ ගීතයේ රූප රචනය සමග මියුසික් වීඩියෝ කලාවට ආ ඇය ‘මා නෙතු දැහැනේ’ ප්‍රසංගය ඉදිරිපත් කළ අතර ගීත අට ඇතුළත් ගීත ඇල්බමය ද ඉදිරිපත් කළාය. රැුඟුම ගැයුම නිවේදනය යන අංශවල නියැලී සිටින ඇය තවදුරටත් උසස් අධ්‍යාපනයෙහිද නියැලෙන්නීය. මෙලෙසින් කලාවට සම්බන්ධ වී සිටින ඕල්රවුන්ඩර් කෙනෙක් වූ ඉඳුනිල් ‘සඳැල්ල’ හැඩකළ නිමේෂයකි මේ.
ඉඳුනිල් කලා ක්ෂේත්රයට ආ අතීතය ගැන මුලින්ම සඳහනක් කළොත්?
මම ඉගෙන ගත්තෙ ගම්පහ රත්නාවලී බාලිකාවෙන්. උසස් පෙළින් පසුව නිවේදන අංශයට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. නිකම්ම නිවේදිකාවක ලෙස නෙවෙයි ක්ෂේත්රයට ආවේ. මගේ උපාධියට හැදෑරුවේ ජන සන්නිවේදන අංශයෙන්. කැලණි සරසවියේ උපාධිධාරිනියක්. නිවේදිකාවක ලෙස මුලින්ම පටන් ගත්තෙ ජාතික රූපවාහිනියෙන්. ඉන්පසුව ස්වර්ණවාහිනියෙ ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහන සමග එක්වුණා. පසුව නැවතත් ජාතික රූපවාහිනියෙ හිරුවියන සමග නිවේදන කටයුතුවල යෙදෙනවා.
කලාවේ මොන අංශයෙන් ඉදිරියට යාමද අරමුණ වුණේ?
කුඩා කාලයේදී රංගන ශිල්පිනියක වීමට පුදුම ආශාවක් තිබුණෙ. මුලදි ගෙදරින් ඊට අකමැති වුණා. නමුත් ක්ෂේත්රයට ආවාම උදව් කළා. ජාතික රූපවාහිනියෙ නිවේදිකාවක ලෙස සිටියදී දයාරත්න රටගෙදර සර්ගෙ ‘සිත නිවන කතා’ කීපයකත්, අවුරුදු නාට්‍ය කීපයකත් රඟපෑමට අවස්ථා ලැබුණා. ඉන්පසුව ස්වර්ණවාහිනියට ගියාම, දීර්ඝ ටෙලිමාලා සමග රඟපෑමේ අවස්ථා හිමිවුණා. පාරාවළලූ, මෙගා, සයුරි, කළු අරලිය, මොණර කඩදාසි ඇතුළු නාට්‍ය කීපයකම රඟපෑවා.
වාර්තාමය වැඩසටහන්වලටත් පෙනී සිටියා නේද?
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ ප්‍රථම වාර්තාමය වැඩසටහන වූ ‘සමනළ පාලම’ සමගත්, තවත් රූප රචනා සමගත් එක්ව කටයුතු කළා.
ඒ කියන්නෙ රඟපෑම කියන එක ඔබට අහම්බයක් වුණේ නැද්ද?
ඇත්තටම මගේ ගමන පටන් ගත්තෙ පාසල් වේදිකාවෙන්. පසුව ජයලාල් රෝහණ සර් යටතේ ඉගෙන ගත්තා. ටෙලිනාට්‍ය ක්ෂේත්රයට ආපසු දෙරණ ගෙනා පෝය දින කතාවල රඟපෑමෙන් එක්වුණා. දිලූක ප්‍රසාද් ගුණතිලක තමයි මට ඊට ආරාධනා කළේ.
රඟපෑමට එක්වන්නෙ ආරාධනා ලැබුණොත් විතරද?
ආරාධනා ලැබෙන විදියට නිර්මාණවලට එක්වෙනවා. පසුගිය දිනවල චිත්‍රපට දෙකක රඟපෑමේ අවස්ථාව හිමිවුණා. මගේ පශ්චාත් උපාධියේ වැඩ තිබුණු නිසා සමහර ඒවා මගහැරුණා. නමුත් දැනට රංගනය මත්තෙම මම හඹා යන්නෙ නැහැ.
දැන් මේ විදියට කටයුතු කරන ඔබගෙ නිශ්චිත අරමුණ මොකක්ද කියලා කිව්වොත්?
නිවේදනය මම මගේ කලා ජීවිතයේ ආරම්භයේ සිටම කළ දෙයක්. ඊට පෙර නිරූපණ ක්ෂේත්රයේත් සිටියා. පසුව සංගීත ක්ෂේත්රයට පැමිණියා. සංගීත ක්ෂේත්රයට ඇවිත් අවුරුදු 4ක් වෙනවා. වත්මනෙහි මේ කලා ක්ෂේත්රයට පැමිණි බොහෝදෙනා බොහෝ දේට දක්ෂ වූ අයයි. ඉතින් මගේ අරමුණත් හැකියාව අනුව හැකි උපරිමයෙන් මේ නියැලී සිටින ක්ෂේත්රවල නිරතවීමයි. අවුරුදු තුනක් තිස්සෙ සංගීත විශාරද වෙනුවෙන් හදාරනවා. දැන් එහි මධ්‍යම විභාගය හමාර කරලා තියෙන්නෙ.
ගැයූ ගීත අතරින් වඩා ජනප්‍රිය වුණේ?
හමුවන්න ආයෙමත්, දරාගන්න බැරි ආල කතන්දර වෙනුවෙන් වැඩි ප්‍රතිචාර ලැබෙනවා.
කාටද හමුවන්න ආයෙමත් කියලා කියන්නෙ?
ප්‍රියන්ත නාවලගේ සංගීතවත් කළ ඒ ගීතය ලිව්වෙ ෂෙහාන් ගලහිටියාව. මට ඕනෑ වුණේ විරහවට වඩා ආදරණීය ගීතයක් ගැයීමයි. හමුවන්න ආයෙමත් කාටවත් කිව්ව ගීතයක් නොවෙයි.
විරහවට අකමැති විරහව අත්විඳලා තියෙන නිසා ද?
විරහවට වඩා ආදරයටයි මම කැමති. මම විවාහකයි. මගේ ආදරේ චන්දන ජයසිංහ මගේ සැමියාටයි. එයා ප්‍රවීන මාධ්‍යවේදියෙක්. මාධ්‍ය අංශයේ කෙනෙක් එක්ක විවාහ වීමේ අරමුණක් මට තිබුණෙ නැහැ. ඒත් චන්දන ඒ අදහස වෙනස් කළා. මොන දේ තිබුණත් ජීවිතයට සතුට නැත්නම් වැඩක් නැහැ. චන්දන හොඳ අදහස් ඇති සැමියෙක්. එයාගෙන් මගේ ජීවිතයට ලැබෙන්නෙ සහනයක්. ජීවිතයේ අපට බොහෝවිට අහන්න දකින්න ලැබෙන්නෙ දුක. ඉතින් ඒ නිසා විරහවේ දුකට වඩා මම ආදරයට කැමතියි.
චන්දනගෙ හමුව ඇතිවුණේ කොහොමද?
2009 දී විතර මම ශ්‍රී ත්‍ඵ එකේ හඬ කැවීම් ශිල්පිනියක ලෙස කටයුතු කළා. චන්දන දැකලා තිබුණත් මුණගැහිලා කතා කරලා තිබුණෙ නැහැ. එතකොටත් එයා ප්‍රවීණ දක්ෂ කෙනෙක්. ඉතින් අපි අතර ගෞරවයක් තිබුණෙ. ඒ තමයි මගේ ප්‍රථම පේ‍්‍රමය. ඒක විවාහයෙන් කෙළවර වුණා.
ඉඳුනිල් මොන වගේ කෙනෙක් ද?
අවංකව හරි දේ හරි විදියට කරන්න උත්සාහ ගන්න කෙනෙක්.
සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ