මොන දේ කළත් මම මුල්තැන දෙන්නේ මගේ ජොබ් එකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-06-ent-36

නිතර ගීත රූප රචනා හරහා දුටු මල්ෂා ශලිනි ජයවර්ධන පසුගිය කාලයේ නිරූපිකාවක් ලෙස කාගෙත් ආදරය දිනාගත් යෞවනියකි. නව රැකියාවකට යොමු වීමත් සමග නිරූපණයෙන් මෙන්ම කලා කටයුතුවලින්ද තාවකාලිකව ඉවත්ව ඇති ඇය ‘සාරවිට‘ තරු කතා බහට සම්බන්ධ වෙමින් ඒ පිළිබඳව මෙසේ අදහස් අප සමග දැක්වූවාය.

 

මල්ෂා ෆිල්ඩ් එකට ආවේ කොහොමද?

2017-09-06-ent-40පුවත්පත්වල මුල් කවර සඳහා පෙනී ඉඳලා. මීට අවුරුදු 2කට කලින් තමා ෆිල්ඩ් එකට ආවේ.

 

දැනට කරලා තියෙන වැඩ?

ගොඩක්ම පෝටෝ ෂුට්වලට පෙනී හිටියා. ඒ වගේම මියුසික් වීඩියෝස්වලට දායක වුණා.

 

හිට් වුණ මියුසික් වීඩියෝස් තියෙනවාද?

ඔව්, දැනට මම මියුසික් විඩියෝස් 10කට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ අතරින් සලින්දගේ ‘ඔබ කියන්න‘, මියුරු සරංගගේ ‘ඉන්න තැනක ඔබ‘, සමිත් අනුරාධාගේ ‘මොනවාද‘ කියන මියුසික් වීඩියෝස් ගොඩක් ජනප්‍රිය වුණා.

 

ඉදිරියට එන්න තව මියුසික් වීඩියෝස් තියෙනවාද?

ඔව්, කිහිපයක් තියෙනවා. මෑතකදී මම ඉසුරු ජයරත්න කියන අලුත් ආටිස්ගේ ‘සඳවතිය‘ කියන මියුසික් වීඩියෝවට දායක වුණා. බොහෝ විට එය ඉක්මනින් එළිදක්වාවි.

 

මියුසික් වීඩියෝස් හා පොටෝ ෂුට්වලට පමණක් ඔබ සීමා ඇයි?

රඟපාන්නත් ගොඩක් ආරාධනා ලැබුණා. ඒත්, මගේ ජොබ් එකත් එක්ක තියෙන කාර්යබහුලත්වය නිසා ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා.

 

කලාවට වඩා ඔබ රැකියාවට මුල් තැන දෙනවා?

ඔව්, ඒ නිසා තමයි කලා කටයුතුවල මම ඒ තරම් දකින්න නැත්තේ. ඉදිරියේදී කලාවෙන් ඉවත් වෙන්න සූදානමක් තියෙනවා. නමුත්, තවමත් ඒ පිළිබඳව නිශ්චිත දිනයක් නම් නැහැ.

 

හොඳ ටෙලි නිර්මාණයකට ආරාධනා ලැබුණොත්?

බොහෝ විට මම ඒ ආරාධනාව භාර ගන්නේ නැති වේවි. මොකද ජොබ් එක තමයි මගේ අංක එක. මොන දේ කළත් මගේ වැඩිදායකත්වය ලැබෙන්නේ මගේ ජොබ් එකට. අනික ජොබ් එකයි කලා කටයුතුයි මම පටලවා ගන්නේ නැහැ. ඔය දෙකටම මම දායකත්වය දුන්නොත් එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා.

 

ගෙවුණු වසර දෙක ගැන හිතනවා නම්?

ගොඩක් සතුටු වෙනවා. මොකද යම් පිරිසක් අද වනවිට මාව හඳුන ගෙන තියෙනවා.

 

උදවු කරපු අය?

අජන්ත ඒකනායක අයියගේ මියුසික් වීඩියෝවක් හරහා තමයි මම මුලින්ම ප්‍රේක්ෂකයෝ අතරට ගියේ. ඔහුව විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරන්න ඕනා. ඊට අමතරව ගෙදර කට්ටිය. හැම වෙලාවෙම මගේ වැඩවලට උදවු දුන්නා.

 

 2017-09-06-ent-37 2017-09-06-ent-38 2017-09-06-ent-39