මොන ක්ෂේත්‍රයක වුණත් මේ දිනවල වැඩ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200502Dinithi-(6)

මෑතකදී විකාශය නිමා වූ ‘බ්ලැක් ටවුන්’ හා ‘හිරු ඇවිදින්’ ටෙලි නාට්‍යයවල ප්‍රධාන නිළි භූමිකාවට පණදුන් දිනිති වල්ගමගේ සමග අද අපි කතා බහ කළේමු. වෘත්තියෙන් ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන ඇය පසුගිය දිනවල විදේශයන්හි සිරවි සිටි ලාංකීකයන් බේරා ගැනිමේ ගුවන් ගමන් සඳහාද එක්ව සිටියහ. ‘සාරවිට’ තරු කතාබහට එක්වූ ඇය පැවසු දේ..

මේ දිනවල ඔබ ටෙලි නාට්‍යය කිහිපයකින් ප්‍රේක්ෂක අපි දකිනවා?

ඔව්, ස්වර්ණවාහිනියේ විකාශය වෙන ‘බ්ලැක් ටවුන්’ හා ස්වාධින රූපවාහිනියේ විකාශය වුණ ‘හිරු ඇවිදින්’ ටෙලි නාට්‍යයවල. මම හිතන්නේ ඒ ටෙලි නාට්‍යය දෙකේම සියලු කොටස් විකාශය වෙලා අවසන් කියලා.

ගුවන් සේවිකාවක් විදිහට ඔබ දැන් කාර්යබහුලද?

එහෙම නැහැ. මොකද, ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපිව යොදා ගන්නේ (ස්ටැන්ඩ්බයි) අවශ්‍යතා ගුවන් වාරවලට පමණයි. ඔවුන් අපෙන් විමසනවා මේ ගුවන්වාරයට යන්න කැමතිද කියලා. අපි කැමති නම් එයට සහභාගි වෙන්න පුළුවන්. අකමැතිනම් නොයා ඉන්න පුළුවන්. මම හිතන්නේ ඔවුන් ඔවුන්ගේ සේවයට වඩා අපේ ආරක්ෂාව ගැන හිතන නිසා තමයි එහෙම විමසලා අපේ කැමැත්ත මත සේවයේ යොදවන්නේ.

විදෙස් රටවල සිටින පුද්ගලයන් බේරා ගැනීමේ ගුවන්වාරවලට ඔබ සහභාගි වුණාද?

ඔව්, කිහිප වාරයක් සහභාගි වුණා. ඉන්දියාවේ දඹදිව වන්දනාවේ ගිය පුද්ගලයන් නැවත ලංකාවට ගෙන එන ගුවන්වාරයට මම සහභාගි වුණා. එය අමුතුම අත්දැකිමක් ගෙන දෙන සිද්ධියක්. හැබැයි මම හිතන්නේ ඒක අපේ රැකියාවට වඩා එහා ගිය ජාතික යුතුකමක් කියලා. 

ඉදිරියටත් මෙවැනි ගුවන්වාර වලට ඔබ සහභාගි වෙනවාද?

දැනට විදෙස්ගත වෙලා ඉන්න ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ නැවතත් ලංකාවට ගේන ගුවන්වාර කිහිපයක්ම ඉදිරියට අපිට තියෙනවා. මගේ පවුලේ අය නම් කොහෙත්ම කැමති නැහැ ඒ වගේ ගුවන් ගමන්වලට මම සම්බන්ධ වෙනවාට. නමුත්, මේක මගේ යුතුකම. ලාංකිකයෙක් විදිහට මගේම රටේ ඉන්න සහෝදර, සහෝදරියෝ විදෙස් රටවල අසරණ වෙලා ඉන්න මොහොතක ඔවුන් යළිත් ලංකාවට රැගෙන ඒම මගෙන් විය යුතු සේවයක් කියලයි මම හිතන්නේ.

වර්තමාන තත්ත්වයත් එක්ක අපි හැම දෙනාම අසරණ වෙලා ඉන්නේ?

ඔව්, මොන ක්ෂේත්‍රයක වුණත් දැන් කඩාවැටිමක් වෙලා තියෙනවා. කලා ක්ෂේත්‍රය වුණත් එහෙමයි. දෛනිකව වැඩ කළ බොහෝ දෙනෙකු අසරණයි. අපිට නරඹන්න දැන් අලුත් නිර්මාණ නැහැ. කරගෙන ආපු අතරමඟ නැවතිලා. මේ තත්ත්වය කවදා අවසන් වෙයිද කියල ගැටළුවට අපි හැමෝම මුහුණ දීලා තියෙන්නේ.

යළිත් අපිව ඔබ දකින්න ලැබෙන්නේ?

ප්‍රියන්ත ෆර්නැන්ඩෝ අයියාගේ ‘සුසුම් රස්තියාදුවේ’ කියලා තවත් ටෙලි නාට්‍යයක පසුගිය කාලයේ වැඩ කළා. එහි තවත් එක් දිනක රූපගත කිරිම් ඉතුරු වෙලා තියෙනවා. වර්තමානයේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ඒ කොටස ඉවර කරගන්න බැරි වුණා. මම හිතනවා මම දායක වුණ නිර්මාණ අතරින් මේක තමයි ඉක්මනිටම විකාශය වෙන්න නියමිත වෙලා තියෙන ටෙලි නාට්‍යය කියලා.

බුද්ධික සේනාධීර

20200502Dinithi-(5) 20200502Dinithi-(4) 20200502Dinithi-(3) 20200502Dinithi-(2) 20200502Dinithi-(1)