'මොඩ්ලින්' වලට වඩා මම කැමති 'ඇක්ටින්' වලට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-20-ent-14

නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනා ඇති අයිශ් අතුකෝරළ වර්තමානය වනවිට බොහෝ පිරිසක් හඳුනාගෙන ඇත්තේ රංගන ශිල්පිනියක් ලෙසිනි. මේ වනවිට චිත්‍රපට හා ටෙලි නිර්මාණ රැසකට සිය දායකත්වය සපයා ඇති අයිශ් ප්‍රවීණ සිනමා නිර්මාණකරු ජයන්ත චන්ද්‍රසිරිගේ ‘හංකිති 13’ වේදිකා නාට්‍යය තුළද රංගනයෙන් දායකත්වය සපයයි. ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති ඉසුරු මුදලිගේ ‘පැණි මකුළුවෝ’ චිත්‍රපටයේද ප්‍රධාන චරිත නිරූපණය කරන ඇය, ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ අපිට මෙලෙස අදහස් දැක්වුයෙමු.

 

අයිශ්ගේ පළමු චිත්‍රපටය තමයි ‘පැණි මකුළුවෝ?

2017-04-20-ent-13ඔව්, ‘පැණි මකුළුවෝ’ චිත්‍රපටයට මාව සම්බන්ධ කළේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන දිනෙත් ද සිල්වා. මීට අවුරුදු එකහමාරකට කලින් තමයි මේ චිත්‍රපටයේ වැඩ පටන් ගත්තේ. මේ වනවිට එහි වැඩ කටයුතු සියල්ල නිමවෙලා තියෙනවා. මම හිතන්නේ චිත්‍රපටය ඉතාම ඉක්මනින් තිරගත වේවි කියලා.

 

‘පැණි මකුළුවෝ’ චිත්‍රපටයෙන් පස්සේ ඔබට වෙනත් නිර්මාණ සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණද?

ඔව්, ‘පැණි මකුළුවෝ’ චිත්‍රපටයේ මම පෙනී හිටියෙ සනත් ගුණතිලක මහත්මයගෙ බිරිඳ විදිහට. ඔහු විසින් නිර්මාණය කරන ‘මංගල තෑග්ග’ කියන චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ප්‍රදීප් ධර්මදාසගේ ‘අයිස් ක්‍රිම්’ කියන චිත්‍රපටයටත් දායක වෙන්න ලැබුණා. මේ දවස්වල ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ‘හංකිති 13’ කියන වේදිකා නාට්‍යය සමග සම්බන්ධ වෙලා වැඩ කරනවා. දැනට එහි දර්ශන වාර 100කටත් වඩා ප්‍රදර්ශනය කරලා තියෙනවා.

 

අයිශ් කියන්නේ ලංකාවේ ඉන්න ‘සුපර් මොඩල්’ කෙනෙක්. දැන් ඒ වෘත්තිය කරන්නේ නැද්ද?

දැන්නම් මොඩ්ලින්වලට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ අඩුවෙන්. නමුත්, මා කලින් ඉඳන් කරගෙන ආපු වැඩවලට දායක වෙනවා. අමතර වැඩක් නම් භාරගන්නේ නැහැ. මොකද ‘හංකිති 13’ කියන වේදිකා නාට්‍යයත් එක්ක දිගින් දිගටම කාර්යබහුල වෙලා ඉන්න නිසා. වර්තමානයේ නම් මොඩ්ලින් පැත්තට වඩා මම ඇක්ටින් පැත්තට තමයි වැඩිපුර තැන දීලා තියෙන්නේ.

 

නිරූපණ හා රංගනය කියන්නේ දෙකක්. නිරූපිකාවක් වුණ පලියට රංගන ශිල්පිනියක් වෙන්න බැහැ නේද?

ඔව්, ඒ කාරණය ඇත්ත. නිරූපණය වගේම රංගනය කියන දේත් හදාරන්න අවශ්‍යයි. මම මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ ඇකඩමියට සම්බන්ධ වෙලා රංගනය කියන දේ ඉගෙන ගත්තා. ඒ වගේම මට ජයන්ත චන්ද්‍රසිරි ප්‍රවීණතම නිර්මාණකරුවා ඔහුගේ ‘හංකිති 13’ කියන වේදිකා නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. මම හිතන්නේ එය මගේ ජීවිතේ මා ලබපු ලොකුම භාග්‍යයක් කියලා. ඔහුව මට මුණගැස්සුවේ සරත් සේනාරත්න මහත්මයා. ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, ජයලාල් රෝහණ, ගාමිණී ජයලත් වැනි ප්‍රවීණ නළුනිළියන් සමග මෙහි වැඩ කරන්න ලැබුණා. ඔවුන් සමග වැඩ කරද්දී රංගනය කියන දේ මට ගොඩක් දුරට ඉගෙන ගන්න පුළුවන් වුණා.

 

නිරූපණයටද? රංගනයටද? ඔබ වඩාත් කැමති

ක්ෂේත්‍රයට ආවෙ නම් නිරූපිකාවක් විදිහට. නිරූපිකාවක් විදිහට මම ලොකු ගමනක් දැන් ඇවිල්ලා තියෙනවා. රංගන ශිල්පිනියක් විදිහට තව මට ලොකු ගමනක් යන්න තියෙනවා. ඒ හින්දා මම අද ගොඩක් කැමතියි රඟපාන්න.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක

 

  2017-04-20-ent-12 2017-04-20-ent-11 2017-04-20-ent-10 2017-04-20-ent-09 2017-04-20-ent-08 2017-04-20-ent-07