මොඩ්ලින් කියන්නේ මගේ 'ජොබ්' එක නොවෙයි
දිගු කාලයක් තිස්සේ නිරූපණ ක්ෂේත්රයේ දකින සජානි චමාලි සමගින් අපි අද තරු කතා බහ මෙළෙස අරඹන්නට සුදානම් වුණේමු. දැනට ඉතාලියේ රැකියාවක නිතර වී සිටින ඇය ඉතාලියේ හා ප්‍රංශයේ විවිධ නිරූපණ කටයුතු සඳහාද යොමුව සිටියි. ඉදිරියේදී තමාගේම ව්‍යාපාරයක් අරඹන්නට සූදානමින් සිටින සජානි මෙසේ සිය අදහස් අපි සමගින් බෙදාහදා ගත්තේමු.
ඉතාලියේ නිරූපණය කටයුතුවලට ඔබ දායක වෙන්නේ?
ඉතාලියට ආපු දවසේ ඉඳලා මම මොඩ්ලින් කරනවා. ඒ අතර රූපලාවන්‍ය හා කෝණඩ විලාසිතා පිළිබඳව ඉගෙන ගන්නවා. ඒ වැඩත් එක්ක ඉඩ ලැබෙන විදිහට තමයි මම මෙහෙ නිරූපණ වැඩ කරන්නේ. මොඩ්ලින් මගේ ‘හොබි’ එක. වාර්ෂිකව ඉතාලියේ පැවැත්වෙන ප්‍රධාන පෙලේ විලාසිතා දැක්මකට මම සහභාගි වෙනවා. ඉතාලියට ආපු කාලයේ ඉඳලා නොකඩවා මම මේ විලාසිතා දැක්මට මොඩල් කෙනෙක් විදිහට සහභාගි වෙනවා.
මොඩ්ලින් ඇයි ‘හොබි’ එකක් විදිහට කරන්නේ?
මම රූපලාවන්‍ය ශිල්පිනියක්. ලංකාවේ මගේම කියලා සැලෝන් එකක් තිබුණා. ඒ අතරේ තමයි මොඩ්ලින්ග් කළේ. ඉතින්, මගේ වැඩිපුර අවධානය යොමු වෙලා තියෙන්නේ රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට වැඩ කරන එකයි.
ලංකාවේ හා ඉතාලියේ මොඩ්ලින්වල වෙනස දකින්නේ කොහොමද?
මම ඉතාලියේ ගොඩක් වෙලාවට මොඩ්ලින් කරන්නේ නැ. ප්‍රංශයේ තමයි මම ගොඩක් වැඩ කළේ. ප්‍රංශයේ පොටෝග්රෑෆර්ස්ලාගේ ආර්ට් එකක් තියෙනවා. එයාලා කරන වැඩේ ගැන ගොඩක්ම හිතනවා. ඒ වගේම ඒ වෙනුවෙන්කැපවෙලා මහන්සි වෙනවා. ලංකාවේ හා ඉතාලියේ මොඩ්ලින් ෆිල්ඩ් එකේ ලොකු වෙනසක් වගේම ලොකු පරතරයක් තියෙනවා.
විදෙස් ඡායාරූප ශිල්පින් එක්ක වැඩ කරද්දි විලාසිතාවලට තියෙන ඔබගේ අවධානය කොහොමද?
එයාලගේ ෂුට් එකට ඕනා විදිහට කළින් ඇඳුම් පැළඳුම් බලලා අපි කැමති විදිහට එක ලැහැස්ති කරගන්නවා. ඒකට අපිට සම්පුර්ණ නිදහස ඒ ගොල්ලෝ දීලා තියෙනවා. අනික මොඩ්ලින් කියන ජොබ් එක එයාලා හරියට ගෞරව කරනවා.
ලංකාවට ඇවිල්ලා ආයෙත් මොඩ්ලින් පැත්තට යොමු වෙන්න අදහසක් නැද්ද?
අදහසක් නම් තියෙනවා. නමුත්, ලොකුම අවධානය යොමු කරලා තියෙන්නේ මගේම කියලා cosmetic shop එකක් පටන් ගන්න එක. ඒක පටන් අරගෙන තමයි අනිත් දේවල් ගැන හිතන්නේ. මොකද, මට තෙරේන කාලේ ඉඳලා මගේ ඉලක්කය තිබුණේ ව්‍යාපාරික කාන්තාවක් විදිහට දියුණු වෙන එක.
විදෙස් රටවලට ඇඳුම් පැළඳුම්වල සීමාවක් නැහැ?
නැහැ. මගේ වර්ගකිරිමක් තියෙනවා. ඒ වගේම සීමාවකුත් තියෙනවා. මං ඒ සීමාව ඇතුලේ ඉදගෙන තමයි මොඩ්ලින් කරන්නේ. කොටින්ම කියනවා නම් මොඩ්ලින් කරන ඇඳුමක් පවා තෝර ගන්නේ ඒ සීමාව ඇතුලේ ඉඳලා.