මොඩ්ලින් එක දිගටම කරන්න අමාරුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-17-ent-110

නිවේදිකාවක මෙන්ම, නිරූපිකාවක ලෙසද කටයුතු කරන ඇය, වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝ මෙන්ම මේ වනවිට රංගනයටද අත්පොත් තබා සිටින්නීය. ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් යම් කලකිරීමකින් අදහස් දක්වන ඇය, නිලූෂි පවන්‍යාය. රූපවාහිනී නිවේදිකාවක ලෙසද කටයුතු කරන ඇය, සිය ඉදිරි කටයුතු පිළිබඳව කතාබහ කිරීමට 'සාරවිට' සමගින් මෙලෙස දොඩමළු වූවාය.

 

මේ දවස්වල වැඩකටයුතු මොනවාද?

මේ දවස්වල "exam" තිබුණා "university" එකේ. 24 ඉවර වෙන්නේ. ඒ නිසා ගොඩක් වැඩ කළේ නෑ. සියත රූපවාහිනී ආයතනයේ නිවේදන කටයුතු කරගෙන යනවා.

 

නිරූපණය සඳහා විතරද ඔබ දායක වෙලා තියෙන්නේ?

නැහැ, මම නිවේදිකාවක ලෙසත් කටයුතු කරනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කළා. මියුසික් වීඩියෝ සඳහා දායක වෙලා තියෙනවා.

 

වෙළෙඳ දැන්වීම් ගැන කතා කළොත්?

දැනට මම ඩයලොග්, කැන්ඩි, කොමර්ෂල්, මෙගා වාසනා වැනි දැන්වීම සඳහා දායක වෙලා තියෙනවා. තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයක් තියෙනවා.

 

නිරූපණයට ඔබ යොමු වෙන්නේ කොයි කාලයේ වගේද?

මම උසස් පෙළ කරන කාලයේ තමයි මුලින්ම පැජන්ට් එකකට ආවේ. %සිරිකත අයි පබා^ කියලා කියන පැජන්ට් එකේ තුන්වැනි ස්ථානය හිමිවුණා. ඒ කාලෙ මම මොඩ්ලින් ගැන දන්නේ නෑ. ඉගෙන ගෙන නෑ. නිකම්ම ගිහින් තමයි මම ජයග්‍රහනය කළේ. මම ඉගෙන ගෙන මේ පැත්තට යොමු වෙන්නේ 2015දී. ඒ දෙරණ මිස් ශ්‍රී ලංකා 2015 තරගාවලියේ. මම පළමු වැනියටම මොඩ්ලින් ඉගෙන ගත්තේ බ්‍රයන්ගෙන්. එතැනින් පටන් අරගෙන තමයි දැන් දිගටම කරන්නේ.

 

2017-07-17-ent-116

 

නිරූපණය ඔබේ වෘත්තියද?

නැහැ. වෘත්තිය විදියට කරන්නේ නෑ. ඇත්තටම මම මොඩ්ලින්වලට ගොඩක් ආසයි. වෘත්තීය මට්ටම්න් ලංකාවේ මොඩ්ලින් කරන්න බැහැ. මොකද ඒ තරම් පිළිගැනීමක් නෑ. ජාත්‍යන්තරය එක්ක ගත්තොත් මොඩ්ලින් ලංකාවට වැඩිය වෘත්තීය පැත්තෙන කරන්න පුළුවන් අවස්ථාව වැඩියි. මම ඉගෙනීම පැත්තෙන් තමයි යන්න හදන්නේ. ඒ අතරතුර මම මොඩ්ලින්, ප්‍රසන්ටින්, ඩාන්සින් කරනවා.

 

ප්‍රවීණයන් ඉන්නවා වෘත්තිය විදියට නිරූපණය කරපු, ඒත් දැන් එහෙම කරන්න තත්ත්වයක් නැද්ද?

ඉස්සර ගොඩක් ෂෝ තිබුණා. ඒත් දැන් ඉස්සර එක්ක බලද්දි ෂෝ අඩුයි. ඉස්සර දවස ගාණෙ වගේ ෂෝ තිබුණා. දැන් තියෙන්නේ අවුරුද්දටම එකක්, දෙකක් විතර. මොඩ්ලින් කිවුවාම ප්‍රමිතියක් තියෙනවා. නමුත් ලංකාව තුළ ඒ ප්‍රමිතිය නැතිවෙලා තියෙනවා. දැන් බලන බලන තැන මොඩ්ල්ස්ලා. වෙන වෘත්තියක් කරන්නේ නැති කෙනෙකුට වෘත්තියක් විදියට මොඩ්ල් කෙනෙක් කියලා එක දිගටම කරන්න අමාරුයි. මම හිතන විදියට එක දිගටම මොඩ්ලින්වලින් ඉදිරියට යන්න අපහසුතාවක් තියනවා.

 

ප්‍රමිතියක් නැති නිසා නේද අද නිරූපණ ක්ෂේත්‍රයට මෙවැනි දෙයක් උදාවෙලා තියෙන්නේ?

ඇත්තටම ඔව්. මොඩ්ල් ස්කූල් තියනවා. ඒ හරහා හැදෑරීමක් කරන්න ඕනේ. නිශ්චිත හයිට් එකක් තියෙනවා මොඩ්ල් කෙනෙකුට. ගර්ල් කෙනෙකුට නම්, 5'6" විතර බෝයි කෙනෙකුටනම් 6’2" විතර තියෙනවා. සමහර අය දන්නේ නැහැ, සමහර අය හයිට් නැහැ. සමහර අය ෆොටෝ ෂූට් එකක් කරලා මම මොඩ්ල් කෙනෙක් කියනවා. එතකොට අපට කියන්න ලැජ්ජයි මොඩ්ලින් කරනවා කියලා. දැන් ලංකාවේ මොඩ්ලින් කියලා ගත්තාම චුලක්ෂි, අසංකි, විෂ්ව ෆ්‍රැනෑන්ඩෝ, රොසෑන් ඩයස්, පුෂ්පිකා වගේ අය තමයි දකින්නෙ. නමුත් දැන් අපි ඇහැක් පියලා ඇහැක් අරිද්දි හැමතැනම මොඩ්ල්ස්ලා. ඒක නිසා ලංකාව තුළ ඒ ප්‍රමිතිය ඇති කරන්න ඕනෙ. නැත්නම් ඉස්සරහට මෝඩ්ලින් කියන දේ නැතිවෙලා යයි ඇත්තටම.

 

ප්‍රසන්ටින් පැත්තෙන් ඔබ දායක වෙන දේවල් මොනවාද?

ප්‍රසන්ටින් පැත්තෙන් මම %චැනල් සී^ එකේ ප්‍රසන්ටින් කරනවා. ඊට අමතරව %සියත ටීවී^ එකේ මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ප්‍රසන්ටින් පැත්තෙන් මම ඒ දෙක තමයි කරන්නෙ.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ඉගෙනීම් පැත්තට තමයි මම ගොඩක් යොමුවෙන්නෙ. මේ දෙසැම්බර් මගේ උපාධිය අවසන් වෙනවා. මේ අවුරුද්දේ මගේ ෆයිනල් එක්සෑම්. මොකද ඩිග්රි එක ගන්න බැරිවෙනවා, ෆේල් හරි රිපීට් හරි වුණොත්. ඒ නිසා ඉගෙනීම් පැත්තට මුල්තැන දෙනවා. ගොඩක් කරන්නනෙ නෑ, මම වැඩ. ඒක නිසා අඩුවෙන් කරන්නේ. පැජන්ට්වලට ආරාධනා ලැබිලා තියෙනවා. මගේ ස්ටඩිස්වලට අවශ්‍ය කාලය බලලා තමයි ඒ හැමදෙයක්ම තෝරගන්නෙ. මේ ඩිග්රි එක ඉවර වුණාට පස්සේ යොමුවෙන්න බලාපොරොත්තු වෙනවා, මොඩ්ලින් හා අනෙක් නිරූපණ කටයුතුවලට වගේම ප්‍රසන්ටින් පැත්තට. දැනට මම ෆොටෝ ෂූට්, වෙළෙඳ දැන්වීම් කරගෙන ඉන්නවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවිත් මිලින්ද

 

2017-07-17-ent-106 2017-07-17-ent-107 2017-07-17-ent-108 2017-07-17-ent-109  2017-07-17-ent-111 2017-07-17-ent-112 2017-07-17-ent-113 2017-07-17-ent-114 2017-07-17-ent-115  2017-07-17-ent-117 2017-07-17-ent-118 2017-07-17-ent-119 2017-07-17-ent-120 2017-07-17-ent-121 2017-07-17-ent-122 2017-07-17-ent-123 2017-07-17-ent-124 2017-07-17-ent-125 2017-07-17-ent-126 2017-07-17-ent-127 2017-07-17-ent-128 2017-07-17-ent-129 2017-07-17-ent-130 2017-07-17-ent-131 2017-07-17-ent-132 2017-07-17-ent-133 2017-07-17-ent-134 2017-07-17-ent-135