මොඩ්ල් කෙනෙක් විදියට මේ කරන රස්සාව වයස ගියාට පස්සේ කරන්න අමාරුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-01-ent-56

 

This job is not forever!

2017-08-01-ent-55මොඩ්ල් කෙනෙක් විදියට මේ කරන රස්සාව වයස ගියාට පස්සේ කරන්න අමාරුයි. ඇත්තටම පුලුවන් වුනත් මම හිතන්නේ වයස ගියාට පස්සේ ඒක ගැලපෙන්නේ නැහැ කියලයි. දැනට මගේ ඔලුවේ තියෙන්නේ මොඩ්ල් කෙනෙක් විදියට මොඩ්ලින්ග් ෆීල්ඩ් එකේම ඉස්සරහට යන්න ඕන කියන එක තමයි. හැබැයි මම විවාහ වුණහම ඒක නවත්තනවා. සමහර වෙලාවට මම කවදාහරි විවාහ වෙන කෙනා කැමති වෙන්න පුලුවන් මම දිගටම මොඩ්ල් කෙනෙක් විදියට වැඩ කරනවට. එයා සම්පූර්ණ සහයෝගය දෙන්න පුලුවන්. හැබැයි විවාහයෙන් පස්සේ මොඩ්ලින්ග් නවත්තනවා කියන්නේ මගේ තීරණයක්. ඒ නිසා ඒක වෙනස් කරන්නේ නැහැ.

 

We do have talented people…

අපිට අල්ලපු රටෙන් ඉන්ටර්නැෂනල් පැජන්ට් වලට යන අය ක්‍රවුන් එක දිනලා එනකොට ලංකාවේ අපිට මිස් වර්ල්ඩ්, මිස් යුනිවර්ස් වෙන්න තියා මිනි පැජන්ට් ක්‍රවුන් එකක් වුනත් කලාතුරකින් හම්බුවෙන්නේ. මම හිතනවා ඒකට හේතුව දක්ෂතාවය තියෙන අය නැතිවීම නෙවෙයි කියලා. ඉන්ටර්නැෂනල් පැජන්ට් වලට ‍තෝරලා යවන ක්‍රමයේ තියෙන ගැටළුවක් වෙන්න ඕන මේ තත්වය. මම දන්න තරමින් අනෙක් රටවලින් ඉන්ටර්නැෂනල් පැජන්ට්ස් වලට ඉදිරිපත් කරන්න තමන්ගේ තරගකාරියෝ ‍තෝරගන්නේ සෑහෙන්න තේරීමක් කරලා. ඒත් ලංකාවේ ඒ තරම් සියුම් තේරීමක් වෙනවා කියලා මම හිතන්නෙ නැහැ. හැබැයි මම ආයෙත් කියනවා, ඉන්ටර්නැෂනල් පැජන්ට් එකක ඉස්සරහට එන්න තරම් දක්ෂ අය ලංකාවේ ඉන්නවා.

 

Learn before you walk…

මම හිතනවා වෙනත් ඕනම ක්ෂේත්‍රයක වගේ මොඩ්ලින්ග් වලදීත් ඉස්සරහට එන්න නම් නියමාකාර ඉගෙනීමක් තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ මෙහෙමයි. අපි නියම ඉගැන්මක් එක්ක මේ දේ කරනකොට අපිට ඒකේ ලොකු වටිනාකමක් හැදෙනවා. ඒ ඉගෙනීමෙන් එන දැනුමත් එක්ක අපිට තියෙන දක්ෂතාවයන් නියම විදියට යොදාගන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න පුලුවන් වෙනවා. එතනින් එහාට අත්දැකීම් එක්ක අපේ දක්ෂතාවයන් මුවහත් වෙනවා.

කොහොමත් අද කාලේ අපි දකිනවනේ උදවුවක් විදියට බ්‍රයිඩ්ල් ෂෝ එකකට එක පාරක් ගිහින් ආපු ගෑණු ලමයෙකුත් එතනින් එහාට කියන්නේ එයා මොඩ්ල් කෙනෙක් කියලා. හැබැයි ඇත්තටම මොඩ්ල් කෙනෙක් වෙන්න ඉගෙනගත්තු කෙනෙක් තමන් ඇත්තටම මේ ක්ෂේත්‍රයේ යම් දෙයක් කරනකල් තමන් මොඩ්ල් කෙනෙක් කියලා හඳුන්වලා දෙන්න යන්නෙ නැහැ. මොකද එහෙම ඉගෙනගත්තු කෙනෙක් දන්නවා හරියාකාරව මොඩ්ල් කෙනෙක් වෙන එක කොයි තරම් අමාරු දෙයක්ද කියන එක.

 

Love is an amazing feeling…

අපි විහිළුවට නැතුව, තාවකාලික දෙයක් විදියට නැතුව කෙනෙක්ට ඇත්තටම ආදරේ කරනකොට අපිට දැනෙනවා ඒ කෙනා එක්ක ජීවිත කාලෙම ඉන්න ඕන කියන හැඟීම. ඒ නිසා තමයි එහෙම ආදරයක් කරනකොට අපි ඒ කෙනා එක්ක විවාහ වෙන්නම හිතාගෙන ආදරේ කරන්නේ. එහෙම ආදරේක ඉන්නකොට ජීවිතේට පුදුමාකාර සතුටක් දැනෙනවා.

අපි ගෑණු ළමයි ඕනම කෙනෙක්ගේ හිතේ තියෙනවනේ මට ලැබෙන්න ඕන මෙන්න මේ වගේ කෙනෙක් කියලා. මගේ හිතේ ඉන්න කෙනාගේ තියෙන්න ඕනම මූලිකම ගුණාංගය තමයි වැදගත්කම. ඒ කියන්නේ හොඳ උගත්කමක් තියෙන, වැදගත් ‍රැකියාවක් කරන, වැදගත් ගතිගුණ තියෙන, සමාජයේ වැදගත් විදියට හැසිරෙන්න දන්න කෙනෙක්. හැබැයි එයාට විහිළුවක් කරලා ෆන් එකේ ඉන්න සෙන්ස් එකකුත් තියෙන්න ඕන. ඒකත් ඩීසන්ට් විදියට. එතනින් එහාට වැදගත්ම දේ වෙන්න ඕන එයා මට විතරක් ආදරේ කරන එක. ඒ කියන්නේ මටයි තව කීපදෙනෙක්ටයි ආදරේ කර කර යන්න පුලුවන් කෙනෙක් නම් මට ඕන නැහැ.

පෙනුම කියන එක තාවකාලිකයි කියලා ඕනම කෙනෙක් කියනවනේ. ඒකට මමත් එකඟයි. හැබැයි උඩ කිව්ව ගතිගුණ එක්ක හොඳ පෙනුමකුත් මගේ කෙනාට තියෙන්න ඕන. ඒ කියන්නේ මාර හැන්ඩි පෙනුමක් නෙවෙයි. පාරේ බැහැලා එකට යන්න පුලුවන් පෙනුමක් තියෙනවා නම් ඇති.

 

What you do inside your bedroom shouldn’t be a problem to anybody else

ලංකාවේ ලිංගිකත්වය ගැන නොයෙක් විදියේ මතයන් තියෙනවනේ. ගොඩක් දෙනෙක් අනික් අයගේ සෙක්ස් ලයිෆ් එක මේ විදිය වෙන්න ඕන, මැරි කරන්න කලින් මෙහෙමයි, මැරි කලාට පස්සේ මෙහෙමයි කියලා තමන්ගේ මතයන් දක්වනවනේ. මම ඒ ගැන හිතන්නේ මෙහෙමයි. දෙන්නෙක්ගේ සෙක්ස් ලයිෆ් එක ඒ දෙන්නගේ ප්‍රයිවට් දෙයක්. ඒක ගැන මත පළකරන්න ලෝකේ අනික් මිනිස්සුන්ට අයිතියක් නැහැ. හැබැයි එකක්. ඕනම දෙයක් කරන විදියක් තියෙනවා ඕනම දේකට නියමිත සීමාවක් තියෙනවා. ඉතින් දෙන්නෙක්ට තමන් ඉන්න සංස්කෘතිය ගැන හැඟීමක් තියෙනවා නම්, තමන් යන්න ඕන දුර නැත්නම් තමන්ගේ සීමාව ගැන අදහසක් තියෙනවා නම් එතනින් එහාට ඒ දෙන්නගේ ජීවිතේට ඇඟිලි ගහන්න සමාජය හදිසි වෙන්න ඕන නෑ.

 

Text: Pathum Punchihewa

Photography: lahiru lewke bandara

Make up: Yadu Rana

 

2017-08-01-ent-53 2017-08-01-ent-60 2017-08-01-ent-59 2017-08-01-ent-58 2017-08-01-ent-57   2017-08-01-ent-54