මේක මට දෙවියෝ දිපු වරමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-30-ent-47

මේ දිනවල ‘සිරස’ රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘16 පලස්’ වැඩසටහනේ පසුබිම් ගීත ගායිකාවක ලෙස කටයුතු කරන කාංචනා අනුරාධි ප්‍රනාන්දු සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අපි මෙළෙස දිගහැරියේමු. පාසල් අවදියේම ගායිකාවක ලෙස කුසලතා දක්වමින් ඉදිරියට පැමිණෙමින් සිටින කාංචනා, ඉදිරියේ දී ගී නිර්මාණ කිහිපයක්ම එළිදැක්වීමට අපේක්ෂා කරමින් සිටියි.

 

ගීත ගායනයට ඔබ යොමු වෙන්නේ?2018-08-30-ent-46

පාසල් කාලයේදීම තමයි. මුලින්ම අධ්‍යාපනය ලැබුවේ මිරීගම ඩී.එස්.සේනානායක විද්‍යාලයෙන්. අ.පො.ස උසස් පෙළ කළේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ. එහි ඉගෙන ගන්න කාලේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සංවිධානය කරපු ගායනා තරගාවලියට සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම ජයග්‍රාහිකව බවටත් පත් වුණා. 2016 වසරේ තිබුණ රාජ්‍ය සම්මාන තරගාවලියේදී වසරේ ප්‍රසස්තම සාම්ප්‍රදායි ජන ගායිකාව විදිහට සම්මාන දිනාගන්න මට හැකිවුණා.

 

දැනට කාංචනා සතු නිර්මාණ තියෙනවාද?

තවමත් මම මගේම කියලා ගීතයක් එළිදක්වලා නැහැ. නමුත්, තවත් සති කිහිපයකින් විතර මගේ කුලුඳුල් ගීතය අහන්නට පුළුවන් වේවි. තරිඳු ප්‍රියංකර හා පසන් ලියනගේ අයියලා තමයි මගේ මේ නිර්මාණයට සහය වෙන්නේ. මේක ලස්සනම ලස්සන නිර්මාණයක්. ඒකට මගේ හඬ ලබාදෙන්න හැකිවීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා. මේ ගීතය මට ආදරය කරන හැම දෙනාම ඉතා ආදරයෙන් රසවිඳිවි කියලා මම හිතනවා. මේ ගීතයට අමතරව සමන් පන්නිපිටිය ගුරුතුමා සමග කළ ජන ගීත කිහිපයක් දැනට කරලා තියෙනවා. ඒවත් ඉදිරියේ දී මගේ රසික පිරිසට අහන්න ලැබේවි.

 

මේ දිනවල ඔබව අපි රූපවාහිනි වැඩසටහන්වල දකිනවා?

ඔව්, සිරස රූපවාහිනි නාළිකාවේ සෑම ඉරිදාවකම සවස 5.00ට විකාශය වෙන ‘16 පලස්’ වැඩසටහන තුළින්. එහි මා පසුබිම් ගායිකාවක් විදිහට කටයුතු කරනවා. බොහෝ දෙනෙක් කාංචනා අනුරාධි කියන නම අඳුන ගත්තේ මේ රූපවාහිනි වැඩසටහන හරහා කිව්වොත් නිවැරදියි.

 

වර්තමාන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මේක මට දෙවියෝ දුන්නු වරමක්. ක්ෂේත්‍රය ඇතුළේ මම නම් වරදක් දකින්නේ නැහැ. උදව් කරන අය ගොඩක් මට ඉන්නවා. ක්ෂේත්‍රය ගැන මගේ අම්මාට හෝ තාත්තාට දැනුමක් නැහැ. ඒ වුණාට ඒ දෙන්නාගේ මඟ පෙන්වීම මත සියලු දේ සමබරව කරගෙන යනවා. තාම මම ක්ෂේත්‍රයට ආධුනික කෙනෙක්. වර්තමාන ක්ෂේත්‍රය ගැන මට ලොකු දෙයක් කියන්න බැහැ.

 

නිර්මාණයක් ජනප්‍රිය කරගන්න රූප රචනාවක් අවශ්‍යද?

මට තේරෙන විදිහට නිර්මාණයක් ජනප්‍රිය කරගන්න නම්, රූප රචනාවක අවශ්‍යතාවය අද වෙන කොට ඇති වෙලා තියෙනවා. ඒ වුණාට ගායකයා හෝ ගායිකාව ඉදිරිපත් කරන ගීතය ශ්‍රාවකයෝ අහනවා නම්, ඒක ඔවුන් අතරට යනවා නම් රූප රචනාවක අදාළත්වයක් මම දකින්නෙත් නැහැ.

 

ඉදිරි අනාගතය?

ගායිකාවක් විදිහට ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. මොකද, දැන් මම තෝරගෙන තියෙන්නේ ඒ වෘත්තිය නිසා. ඒ වගේම සංගීත ගුරුවරියක් වෙන්න හීනෙකුත් මට තියෙනවා.

 

ඡායාරූප - කවීත් මිලින්ද

 

  2018-08-30-ent-48 2018-08-30-ent-49