මේක මගේ පළමු ටෙලි නාට්‍යය රංගනය
පසුගියදා විකාශය නිමාවට පත්වන ශාන්ත සොයිසාගේ "ජිවීතේ ඇතිතුරා" ටෙලි නාට්‍යයේ "හිමිදිරි" නම් ප්‍රධාන චරිතයෙන් ඔබ මුණ ගැසුණු සංජනා ගමාරච්චි සමගින් අපි අද කතා බහා කළේමු. සංජනා ඉදිරියේදී තවත් ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණිමටද සූදානමින් සිටියි.
"හිමිදිරි" චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මේක මගේ පළමු ටෙලි නාට්‍යය රංගනය. පළමු රංගනය තුළින්ම ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගන්න ලැබෙනවා කියන්නේ ඒක ලොකු වාසනාවක්. විශේෂයෙන්ම මේ ලැබෙන ප්‍රතිචාර අතරේ විදේශයන්වල සිටින අයගෙන් තමයි වැඩිපුරම ප්‍රතිචාර මට ලැබුණේ.
රංගන ශිල්පිනියක් විදිහට ඔබව දකින්න කළින් ඔබ "අවුරුදු කුමාරි" තරග කිහිපයක අපි දුටුවා?
ඔව්, ගිව වසරේදී මම %හිරු^ අවුරුදු කුමරිය තරගයට සහභාගි වුණා. ඒ තරගයේදී ජයග්‍රහණයක් නම් දිනාගන්න බැරිවුණා. අවසන් තරගකාරියන් 12 දෙනා අතරට විතරයි එන්න මට ලැබුණේ. නමුත්, මේ වසරේ%දෙරණ^ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා එහි තුන්වැනි ස්ථානය දිනාගන්න මට පුළුවන්කම ලැබුණා. ඒ හරහා බොහෝ පිරිසක් මාව අඳුන ගත්තා.
කලාව පැත්තට යොමු වෙන්න, රංගන ශිල්පිනියක් වෙන්න අදහස් තිබුණද ඔබගේ?
ඔව්, පුංචි කාලේ ඉඳලා මගේ තිබුණ හීනයක් තමයි. විශේෂයෙන්ම රංගන ශිල්පිනියක් වෙන්න. අද පුංචි කාලේ ඉඳලා තිබුණ ඒ හීනය සඵල වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි ඒ ගැන.
%ජිවිතේ ඇතිතුරා^ නිමාවට පත් වෙනවා. ආයෙත් අපිට ඔබව දකින්න ලැබෙන්නේ?
නොබෝ දිනකින්ම ආයේ මාව දකින්න පුළුවන්. දැනට මට ටෙලි නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතර ටෙලි නාට්‍යයක රූපගත කිරීම් කටයුතු ඉදිරියේදී ආරම්භ කරන්න නියමිත වෙලාත් තියෙනවා.
රංගනය ගැන හැදැරීමක් කළාද?
නැහැ. %ජිවීතේ ඇතිතුරා^ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ අහම්බෙන්. නමුත්, හැදෑරිමක් නොකළට මම හිතනවා %හිමිදිරි^ කියන චරිතයට මම උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලා. මොකද, ඒ චරිතයට ලැබුණ ප්‍රතිචාර ඉතා ඉහළයි. ගොඩක් දෙනෙක් කියන්නේ %හිමිදිරි^ කියන චරිතය මම හොඳටම කරලා තියෙනවා කියලා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ශ්‍රියන්ත ඩයස් මහත්මයා වගේම ගයාත්‍රි ඩයස් මහත්මිය දෙන්නා. ඔවුන් ගොඩක් උදව් කළා මට මේ චරිතයට ඉහළ සාධාරණයක් කරන්න. ඒ වගේම අධ්‍යක්ෂක ශාන්ත සොයිසා මහත්මයා වගේම %ජිවීතේ ඇතිතුරා^ තිර කතාව ලියූ මහේෂ් රත්සර අයියා මතක් කළ යුතුයි.
රංගනය පැත්තට යොමු වෙනවට ගෙදරින් බලපෑමක් ඇති වුණේ නැද්ද?
ඇති වුණා. අම්මා, තාත්තා දෙන්නම මම මේ ක්ෂේත්රයට එනවට කැමැත්තක් තිබුණේ නැහැ. නමුත්, මම ඒ අයට ක්ෂේත්රය ගැන හොඳ අවබෝධයක් ඇති කළා. ඊට පස්සේ තමයි ඔවුන් මාව මේ පැත්තට යොමු කළේ. ක්ෂේත්රය ගැන විවිධ මත තියෙනවා. දෙමව්පියෝ බයයි ඉතින් තමන්ගේ ළමයි එවැනි වට පිටාවක් ඇති ක්ෂේත්රයකට යොමු කරන්න. නමුත්, මම තේරුම ගත්ත දෙයක් තමයි ඔය කියන තරම් මේ ක්ෂේත්රය නරක නැහැ කියලා. අනික අපි හොඳට හැසිරෙනවා නම් එවැනි ප්‍රශ්න මතු වෙන්නේ නැහැ.
බුද්ධික සේනාධීර