මේක මගේ පළමු ජාත්‍යන්තර අත්දැකිමයි
පසුගියදා තුර්කියේ පැවැති FUTUER FASHION FACES WORLD 2019 තරගයේ දෙවැනි ස්ථානය දිනාගන්නට ශ්‍රී ලංකාවේ නිලු තනාෂා සමත් විය. එහිදි ඇයට හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානයද හිමිවීම විශේෂත්වයකි. නිලු වෘත්තිය මට්ටමේ නිරූපිකාවක් වන අතර, ඇය පසුගියදා ශ්‍රී ලංකා පැවැති ‘මිස් ශ්‍රී ලංකා’ තරගය සඳහාද සහභාගි විය. මෙම ජයග්‍රහණය පිළිබඳව ‘සාරවිට’ අපි ඇය සමග කතා බහකට මෙසේ මුල පිරුවෙමු.
මේ තරගය සඳහා ඔබට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
ලංකාවේ තිබුණ ‘මිස් ශ්‍රී ලංකා’ තරගය සඳහා මම සහභාගි වුණා. එය පැවැත්වුණේ පසුගිය මාර්තු 10 වැනිදා කොළඹ ‘ගලධාරි’ හෝටලයේ. එහිදි මට FUTUER FASHION FACES WORLD කිරූළ හිමි වුණේ මට. එම කිරූළ හිමිවීමත් සමග තමයි මගේ ජිවීතේ ගොඩක් දේවල් වෙනස් වුණේ.
තුර්කියේ තිබුණ මේ තරගය ගැන කියමු?
ඒ තරගය පැවැත්වුණේ මීට දින කිහිපයකට පෙර. ඇත්තටම, කිව්වොත් පෞද්ගලික හේතුවක් මත මට දින තුනක් පහුවුණා ඒ රටට යන්න. මම යද්දි ඒ තරගයේ මිනි පැජන්ට් කිහිපයක්ම පටන් අරගෙන තිබුණේ. මම හිතුවා මට මේ තරගයෙන් කිසිම ජයග්‍රහණයක් ලබාගන්න බැරි වෙයි කියලා. ඒත්, මම ආවේ මගේ රට නියෝජනය කරන්න. තරගයට සහභාගි වීම මගේ රටට ගෞවරයක්. ඒ ගැන හිතලා මම මේ තරගයට අවසන් මොහොතේදී සහභාගි වුණා. ජාතින් 30ක තරගකාරියන් මේ තරගයට ඇවිල්ලා තිබුණා. මගේ වාසනාවට හොඳම ජාතික ඇඳුම තේරිමේ ඉසව්වත් තිබුණේ මේ තරගයේ අවසන් දිනයේ. ඒක මට වාසනාවක් වුණා. අවසන් තරගයේදි මට පුළුවන් වුණා හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානය වගේම තරගයේ සමස්ත දෙවැනි ස්ථානය දිනාගන්න. මම ගොඩක් සතුටු වෙනවා මගේ රටට මෙවැනි කිර්තියක් හා මෙවැනි සුවිශේෂි ජයග්‍රහණයක් ලබා දෙන්න හැකිවීම ගැන.
මේක ඔබේ පළමු ජාත්‍යන්තර අත්දැකීමද?
ඔව්, මේක මගේ පළමු වැනි ජාත්‍යන්තර අත්දැකීම. විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනා පියුමි හංසමාලි අක්කාය. මොකද, ඒ රටට යන්න මට හුඟක්ම උදව් කළේ පියුමි අක්කා. එයා නැත්නම් ඇත්තටම ඒ ජයග්‍රහණයවත් මට ඒ අත්දැකීම් එකක්වත් ගන්න ලැබෙන්නේ නැ. ලංකාවේ තියෙන පැජන්ට්වලට වඩා විදෙස් රටවල තියෙන පැජන්ට් ගොඩක්ම වෙනස්. මේ තරගයට සහභාගි වෙලා විදෙස් රටක තියෙන පැජන්ට් එකක අත්දැකිම් ලබාගන්න ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.
මේ ජයග්‍රහණයත් සමග වෙනත් විදේශිය පැජන්ට් සඳහා ආරාධනා ලැබිලා නැද්ද?
මට තව පැජන්ට් සඳහා තවම නම් ආරාධනා ලැබිලා නැහැ. මොකද. මම මේ ජයග්‍රහණය ලබාගෙනත් තාම දින කිහිපයයි. මම වසර 9ක් තිස්සේ බලාගෙන හිටියා මේ අවස්ථාව ලැබෙනකම්. ඉදිරියට ඒ වගේ පැජන්ට් සඳහා ආරාධනා ලැබුණොත් මේ තරගයට සුදානම් වුණාට වඩා කල් ඇතිව හොඳින් සුදානම් වෙනවා. මොකද, විදේශිය පැජන්ට් එකක් කිව්වාම ලංකාවේ ඒවා වගේ නොවෙයි ලොකු තරගකාරීත්වයක් තියෙනවා. ජාත්‍යන්තර අත්දැකිමුත් තියෙන හින්දා මම හිතනවා ඉදිරියට ජාත්‍යන්තර තරගවලදී මීට වඩා ලොකු දෙයක් මම මගේ රට වෙනුවෙන් කරනවා කියලා.
දේශීය හා විදේශිය තරගවල වෙනස ඔබ දකින්නේ කොහොමද?
ලොකු වෙනසක් දකිනවා. මොකද විදේශිය තරගවලට එන්නේ විදෙස් රටවල තරගකාරියන්. ලංකාවේ නම් අපි දන්න කියන අයනේ මේ තරගවලට ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම තමයි ඒ රටවල ලොකු පිළිගැනිමක් තියෙනවා මේ වගේ තරගවලට.