මේක කලාවට සම්බන්ධ වෘත්තියක්
අංජලී රවින්දි වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඊට අමතරව ඇය රංගන ශිල්පිනියක ලෙසත් නිර්මාණ කටයුතු කිහිපයකට දායක වෙනවා. ඉතින් අංජලී සාරවිට කතාබහට සම්බන්ධ වුණේ මේ විදිහට.
මගේ නම අංජලී රවින්දි. මම වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පිණියක්. අවුරුදු 06ක පමණ ඉඳලා මම රූපලාවණ්‍ය ශිල්පිණියක විදිහට වැඩ කරනවා. දැනට මම සැලෝන් එකක් කරනවා රාගම. රාගම “සැලෝන් දිව්‍යා” කියන්නේ මගේ සැලෝන් එක.
නිරූපණය පැත්තට දායක වෙලා නැද්ද?
මම මේ වෘත්තියට අමතරව නිරූපණයට සහ රංගනයට දායක වෙනවා.
මේ වෙද්දි රංගනයෙන් දායක වුණු නිර්මාණ ගැන කිව්වොත්?
මම නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනවා. මහරජ අජාසත්ත කියන වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව ඉදිරියේදී ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
වර්තමානයේදී රූපලාවණ්‍ය ශිල්පිණියකට හොඳ ආර්ථික මට්ටමක් හදා ගන්න පුළුවන්ද?
ඔව් අනිවාර්යෙන්ම. හරියටම මේ ක්ෂේත්රය පිළිබඳ දැනුම ලබා ගත්තොත් ඒක ඒ තරම් අපහසු දෙයක් නොවෙයි.දැන් ගොඩක් අය රූපලාවණ්‍ය පැත්තට නැඹුරු වෙලා තියෙනවා. අනික මේක කලාවට සම්බන්ධ වෘත්තියක්. ඒ නිසා මේ වෘත්තිය හොඳට ඉගෙන ගත්තොත් ඕනෑම කෙනෙකුට හොඳ ආර්ථික මට්ටමක් ගොඩනගා ගන්න පුළුවන්.
අද වනවිට රූපලාවණ්‍ය සහ නිරූපණය කියන ක්ෂේත්‍ර දෙක ගැන බොහෝ අය කතා කරන්නේ අමුතු විදිහට නේද?
මෙහෙමයි. මේ වෘත්තින් දෙකම හොඳ වෘත්තීන් දෙකක්. නමුත් සමහරු මේ වෘත්තීන් වල ඉඳලා වෙනත් දේවල්වලට පෙළඹෙනවා. නමුත් මේ වෘත්තීන් දෙක හරියටම ඉගෙනගෙන කරනවා නම් මම විශ්වාස කරනවා හොඳ ගමනක් යන්න පුළුවන් කියලා.
අංජලීට මේ දේවල්වලට ගෙදරින් ලැබෙන සහාය කොහොමද?
ගෙදරින් උපරිම සහායක් ලැබෙනවා. ඒ නිසා මට හොඳ දේවල් තෝරලා බේරා කරගන්න පුළුවන්.
ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
රූපලාවණ්‍ය ශිල්පිණියක් විදිහට ඉදිරියටම යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
අවසාන වශයෙන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ පිරිසක් ඇතිනේ?
ඔව්. මුලින්ම මගේ පවුලේ අය. එයාලා මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මම මුලින්ම වැඩ කරේ නයනා කුමාරි මිස් ළඟ. එයා මට ගොඩක් උදව් කරා මේ තැනට එන්න. ඒ හැමදෙනාවම මම මතක් කරනවා.
සටහන - කැළුම් දේවින්ද
ඡායාරූප - කවීත් මිලින්ද