මේ ෆිල්ඩ් එකේ රැඳෙන්න මගේ අයිඩියා එකක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-14-ent-06
 

නිතර ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම්වල දකින මාෂි හේවගේ අද ‘සාරවිට’ තරු කතා බහට අපි මෙළෙස සම්බන්ධ කරගත්තේමු. නිරුපණ ක්ෂේත්‍රයට තවමත් ආධුනිකයෙක් වන මාෂි නිරූපිකාවක් ලෙස දිගු ගමනක් යන්නට අපේක්ෂාවෙන් පසුවේ. ඇය මෙසේ අපිට සිය අලුත් තොරතුරු පැවසුවෙමු.

 

මාෂි නිරූපණයට පිවිසෙන්නේ?2018-08-14-ent-08

ෆිල්ඩ් එකට මම එන්නේ යාළුවෙක්ගේ ප්‍රඩක්ෂන් හවුස් එකක වැඩ කරන ගමන් අහම්බෙන් ලැබුණ ආරාධනාවක් එක්ක. එකේ කරපු විඩියෝ එකකට පෙනී හිටියා. ඒ විඩියෝ එකෙන් පස්සේ ගොඩක් වැඩ ආවා. මට මතක හැටියට මම ෆිල්ඩ් එකට ආවේ 2014 වසරේදී.

 

දැනට කරලා තියෙන නිර්මාණ?

ඇක්ට් කරලා නම් නැහැ තවම. කරන්න ආසාවකුත් නැහැ මට. මියුසික් විඩියෝ හා ටි.වී. කොමර්ෂල් වගේ දේවල් ගොඩක් පෙනී ඉඳලා තියෙනවා මම. ඉදිරියට තව එන්නත් තියෙනවා ඒ වගේ වැඩ ගොඩක්. මියුසික් විඩියෝ හා ටි.වී. කොමර්ෂල් වලට අමතරව පොටෝ ෂූට්වලට මම පෙනී ඉන්නවා.

 

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

මොඩ්ලින් ෆිල්ඩ් එකේ තාම මම ඉන්නේ පළමු පියවරේ. අලුත් මුහුණු ගොඩක් අද වෙන කොට මේ ෆිල්ඩ් එකට එනවා. මම නම් හිතන්නේ මොඩ්ලින් කියන දේ ඉගෙන ගත යුතු දෙයක් කියලා. එහෙම ඉගෙන ගෙන මේ ෆිල්ඩ් එකට ආවොත් තමයි අපිට අනිත් පියවරවල් වලට යන්න පුළුවන් වෙන්නේ. හරිහැටි අධ්‍යාපනයක් නොමැතිව මේ ෆිල්ඩ් එකට ආවා ගොඩක් අය අතරමං වෙලා ඉන්නවා දකිනවා.

 

නිරූපිකාවක් විදිහට ඉලක්ක තියෙනවාද?

මගේ ටාගට් එක දැන්ම කිව්වොත් හරි නැහැ. මම පොඩි හින්ට් එකක් දෙන්නම් ඒක ගැන. දැන්නම් මගේම කියලා බ්‍රෑන්ඩ් එකක් වෙන්න තමයි මගේ ටාගට් එක.

 

නිරූපිකාවක් නොවුණා නම් ඔබ?

එයාර් හොස්ටල් කෙනෙක් වෙන එක තමයි මගේ හීනේ වුණේ. මොඩල් කෙනෙක් විදිහටත් මේ ෆිල්ඩ් එකේ ඉන්නත් අයිඩියා එක්ක නැහැ මගේ. මොඩ්ලින් මම කරන්නේ ‘හොබී’ එකක් විදිහට.

 

උදව් කළ අය?

මුලින්ම අර මම වැඩ කරපු ප්‍රඩක්ෂන් හවුස් එකේ යාළුවෝ ටික. ඒ අය තමයි මට ගොඩක්ම උදව් කළේ. ඊට අමතරව මගේ පවුලේ අයයි. ෆිල්ඩ් එකේ අයයි, ළඟම ඉන්න යාළුවෝ කිහිප දෙනා තමයි මට නිතරම වගේ උදව් කරන්නේ මේ වැඩ වලට.

 

බුද්ධික සේනාධීර

 

2018-08-14-ent-01 2018-08-14-ent-02 2018-08-14-ent-03 2018-08-14-ent-04 2018-08-14-ent-05  2018-08-14-ent-07  2018-08-14-ent-09