මේ ෆිල්ඩ් එක මට හදන්න බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-07-ent-05

නිරූපිකාවක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ ෆියෝනා ප්‍රනාන්දු සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි මෙළෙස සූදානම් වුණේමු. ක්ෂේත්‍රයට අවතිර්ණ වී වසර කිහිපයක් ගෙවුණද ෆියෝනා මේ වනවිටත් දායක වී ඇත්තේ කලා නිර්මාණ අතළොස්සකට පමණි. පෞද්ගලික රැකියාවකද මේ වනවිට නිරත වී සිටින ඇය නිරූපණය විනෝදාංශයක් ලෙස සිදු කරන බව අපට පැවසීය.

 

ෆියෝනා කොහොමද ෆිල්ඩ් එකට එන්නේ?2018-06-07-ent-06

2014 වසරේදී. රොසෑන් ඩයස් මහත්මියගේ නිරූපණ ඇකඩමිය හරහා.

 

දායක වුණ කලා කටයුතු මොනවද?

ගීත රූප රචනා හා ටෙලි නාට්‍යයවලට මම දැනට දායක වෙලා නැහැ. කොටින්ම කිව්වොත් මම ගොඩක් වැඩ කරලා නැහැ. දැනට රූපවාහිනි වෙළෙඳ දැන්වීම් දෙකකට දායක වෙලා තියෙනවා. හැටන් නැෂනල් හා නේෂන් ට්‍රස්ට් බැංකු ආයත වලින් කරපු වෙළෙඳ දැන්වීම්වලට.

 

මොඩ්ලින්ග් ෆිල්ඩ් එක ගැන මොකද හිතෙන්නේ?

ෆිල්ඩ් එක ගැන නම් තියෙන්නේ ලොකු කළකිරීමක්. ඇත්තටම මේ ෆිල්ඩ් එකේ වැඩ කරන්න බැහැ. ඒ හින්දාම මේ ෆිල්ඩ් එකෙන් මම දැන් අයින් වෙලා ඉන්නේ. කතා කරන්න පවා මම අකමැතියි. නිදහසේ මගේ රැකියාව කරගෙන ඉන්න එක හොඳයි කියලා මට හිතුණා.

 

ඒ කියන්නේ දැන් ෆියෝනා ෆිල්ඩ් එකේ නැහැ කියන එකද?

ඔව්, 2016 වසරේ අන්තිම වෙන කොට මම ෆිල්ඩ් එකෙන් ටිකෙන් ටික අයින් වුණා. දැන් මම වැඩි කාලයක් රැඳිලා ඉන්නේ මගේ රැකියාවත් එක්ක.

 

ආයෙත් ෆිල්ඩ් එකට එන්න උවමනා නැද්ද?

දැන් ෆිල්ඩ් එකේ ඉන්න කට්ටියත් එක්ක මොඩ්ලින්ග් කරන්න බැහැ. ඒ නිසා තමයි ෆිල්ඩ් එකෙන් අයින් වුණේ.

 

දැන් ඉන්න පිරිස කියලා ඔයා අදහස් කරන්නේ?

කවුද කියලා කියන්න අවශ්‍ය නැහැ. අනික මං කැමතිත් නැහැ. මම මගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න කෙනෙක්. අනික මට මේ ෆිල්ඩ් එක හදන්න බැහැ. මම දැන් කරන රැකියාව ගැන ගොඩක් සතුටුයි.

 

හොඳ වැඩකට කතා කළොත්?

සළකලා බලනවා. අනික මම අන්තිමට කරපු වෙළෙඳ දැන්වීම් දෙක හොඳ නිර්මාණ. ඒ වගේ වැඩක් ආවොත් භාරගන්නවා.

 

පුංචි කාලේ හීනේ වුණේ?

ගුවන් සේවිකාවක් වෙන්න. නමුත්, ඒ ආසාව ඉෂ්ට කරගන්න බැරි වුණා.

 

ඉලක්ක?

මගේ රැකියාව හොඳින් කරගෙන යන එක. ඒ වගේම තව තවත් අධ්‍යාපනය පැත්තට යොමු වෙන්න ආසාවක් තියෙනවා. ඉගෙන ගත්තොත් අහක යන්නේ නැ කියලා කියමනකුත් තියෙනවා නේ.

 

බුද්ධික සේනාධීර

 

  2018-06-07-ent-04 2018-06-07-ent-03 2018-06-07-ent-02 2018-06-07-ent-01