මේ හැමෝගෙම ආදරය ලැබෙන මොහොතක්
මෙම වසරේ අපේ‍්‍රල් මාසයේදී පැවැත්වූ දෙරණ අවුරුදු කුමරිය තරගයේදී කිරුළ පැළඳියේ ඇයයි. මේ රුවැත්තිය නමින් දමිත්‍රි නිෂාදි සුබසිංහය. ‘‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’’ නාට්‍යයේ ද්විත්ව චරිත රංගනයකට ඇය දායකව සිටින්නීය. අද සඳැල්ල කවරය හැඩ කරන මේ ‘‘දමිත්‍රි’’ කවුද?
‘‘දමිත්‍රි’’ ඒ නම ගැන විග්රහ කළොත්?
මම දැනගත්ත විදියට ‘‘දැහැමි ස්ත්‍රිය’’ යන අරුතයි.
එතකොට ‘‘දමිත්‍රි’’ එහෙම කෙනෙක්ද?
මේ වනතෙක් කාටවත් වරදක් නම් කරලා නැහැ. දැහැමි කෙනෙක් තමයි.
කාගේ කවුද කියලා කිව්වොත්?
මම පවුලේ එකම දරුවා. ඉගෙන ගත්තෙ කොළඹ ශාන්ත පාවුළු විද්‍යාලයේ. පවුලේ අම්මයි තාත්තයි මමයි. කලා ක්ෂේත්රයේ නැතත් කලාවට ලැදි පවුලක්. ලොකු අම්මා, මාමා කලාවට හරිම ආදරේ කරන අය. ඒ අයගෙ ආභාෂය මටත් ලැබෙන්න ඇති.
‘‘දමිත්‍රි’’ රඟපෑමට ආවෙ?
දෙරණ අවුරුදු කුමරිය වූ පසුව තමයි මට මේ අවස්ථාව ලැබුණෙ.
ඊට පෙර රඟපාලා නැද්ද?
නැහැ, ඒත් නර්තනය හදාරනවා.
මුලින්ම දායක වුණේ ‘‘පාවෙලා වලාකුලේ’’ නාට්‍යයටද?
ඊට පෙර දිලූක ගුණතිලක මහතා නිර්මාණය කළ ‘‘නොනිමි’’ ටෙලි චිත්‍රපටයේ රඟපෑවා. ඒ නිසාම තමයි ‘‘පාවෙලා වලාකුලේ’’ නාට්‍යයේ රඟපෑමට ලැබුණෙ. මේ චරිතය ද්විත්ව චරිතයක්. ඒ නිසා ඒක මට හරිම විශේෂයි. එක් වතාවක් පොඩි බබාගෙ අම්මා ලෙස රඟපාන මම බබාගෙ පුංචිගෙ චරිතයත් රඟපානවා. මේ චරිත දෙක එකකට එකක් වෙනස්. එකක් ජීවිතයෙ සියල්ල තේරුම් ගත් චරිතයක්. අනෙක් චරිතය දඟකාර කටකාර චරිතයක්.
ප්‍රථම වතාවට ද්විත්ව චරිතයක් රඟපෑමේ අත්දැකීම මොනවගේද?
පළමු වතාවට මම දායක වුණේ ‘නොනිමි’ නාට්‍යයේ චරිතයට. එය මට රංග පාසලක් වුණා. ඒ අත්දැකීම එක්ක මේ ද්විත්ව චරිතය පාවෙලා වලාකුලේ නාට්‍යයේ රඟපෑමට ලැබීම තවත් අපූරු අත්දැකීමක්. ජ්‍යෙෂ්ඨයින්ගෙන් ලැබෙන උදව් බොහෝමයි. නාට්‍යය චරිතයෙන් තොරව කතා කළොත්, මෙය ජීවිතයටම හොඳ අත්දැකීමක්. මම කිසිවිටෙකත් බලාපොරොත්තු නොවුණ වෙලාවක අහම්බෙන් ලැබුණු ලස්සන අත්දැකීමක්.
ඒ අත්දැකීම ආස්වාදය කරන්නෙ මොන විදියටද?
ලොකු සතුටක් තියෙන්නෙ. මේ විදියෙ චරිතයක් ලැබෙන්නට වගේම කලාත්මකව හිතලා කටයුතු කරන්නට ලැබීම පෙර පිනක් වෙන්න ඇති. කලාකරුවකු වීමට ලැබීම මම හිතන විදියට පෙර පිනක්. මම ඒක විඳිනවා.
මේ චරිත ද්විත්වය රඟපාද්දී, මුහුණ දුන්න සිදුවීම් එහෙම තියෙනවද?
මට දැණුන විදියට සෑම දවසක්ම ලොකු අභියෝගයක්. චරිත දෙක වෙනxවෙනම හඳුනා ගන්න ඕනෑ. දෙබස් කියන්න වෙන්නෙත් චරිත දෙකට අදාළවයි. ඒ නිසා හොඳ අවබෝධයෙන් රඟපෑම කරන්න ඕනෑ. සමහර අවස්ථාවලදී දෙබස් වැරදුණ තැන් තිබුණා. ඒවා ආයෙත් හදාගන්න පුළුවන්. කණ්ඩායමේ හැමෝගෙන්ම ලැබෙන්නෙ ලොකු සහයෝගයක්.
මේ නාට්‍යයෙන් පසුව තවත් අවස්ථා ලැබුණද?
ඇරයුම් බොහොමයක් ලැබුණා. ඒත් දැනට දෙරණ එක්ක සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා. රැුකියාවක් කරන නිසා රඟපෑම පූර්ණ කාලීනව කරනවද කියලා තවම තීරණය කරලා නැහැ.
‘‘දමිත්‍රි’’ ඉගෙන ගන්නෙ මොන අරමුණකින්ද?
උසස් පෙළ හැදෑරුවේ වාණිජ අංශයෙන්. ඉන්පසුව ව්‍යාපාර කළමනාකරණ අංශයෙන් උසස් අධ්‍යාපනයට පෙළැඹුණා. තවමත් එම අංශයේ උසස් අධ්‍යාපනය හදාරනවා. ඒ අතරේ පුද්ගලික බැංකු ආයතනයක බැංකු නිලධාරිනියක ලෙස සේවය කරනවා. කලාවට සම්බන්ධ වුණේ නොහිතපු විදියට. ඒ නිසා වෙලාවකට මගේ යාළුවන්ටත් හරි පුදුමයි. බැංකුවෙ යාළුවොත් නාට්‍ය නරඹනවා. එයාලත් මාව දිරි ගන්වනවා. හැමෝගෙම ආදරේ ලැබෙන මොහොතක් මේ.
‘‘දමිත්‍රිගෙ’’ ආදරේ ගැන කිව්වොත්?
හරිම ලස්සන ආදරයක්. මම පෙම්වතියක්. එයා ඉංජිනේරු අංශයේ රැුකියාව කරන්නෙ. ඒ වුණාට කලාවට පුදුම විදියට ලැදියි. මට කවදාවත් තහංචි දාලා නැහැ. අපි ආදරෙන් සතුටින් ඉන්නවා.
‘‘ආදරේ’’ දැනෙන්නෙ කොහොමද?
මනුෂ්‍යයකුට ජීවත්වීමට ආහාර වගේම ඊටත් එහා ගිය අත්‍යාවශ්‍ය සාධකයක්. ජීවත් වෙන්න ආදරේ ඕනෑ. ආදරේ තියෙන තැන ජිවිතය සතුටින්.
ජීවිතය කියන්නෙ?
අමුතුම අත්දැකීමක්. සතුටත්, දුකත්, එක්ක ගලායන දෙයක්. දුකxසතුට උස්xපහත් තැන් තියෙනවා. ඒවාට මුහුණදී සතුටින් ගත කළ යුතු දෙයක්. නිමාවක් නැති ගමනක්.
‘‘දමිත්‍රි’’ කොහොම කෙනෙක්ද?
බොහොම සංවේදී චරිතයක්. සරලයි. සමාජය හොඳට දැනෙන කෙනෙක්. ලස්සනට ජීවත් වෙන්න වගේම, මගේම විදියට නිර්මාණශීලී වෙන්න කැමති කෙනෙක්.
දමිත්‍රිගෙ ජීවිතයට එක් වරම රඟපෑමේ වාසනාව ලැබුනා වගේම, විශ්ව බලයක් ලැබුණොත් එය පාවිච්චි කරන්නෙ මොන විදියටද?
මිනිසුන්ගෙ හිත්වල තියෙන දුක නැති කරන්න උත්සාහ ගන්නවා. මනස වෙනස් කළොත් මුළු සමාජයක්ම යහපත් කරවන්න පුළුවනි.
නර්තනය, රංගනය හැර වෙනත් දක්ෂතා තියෙනවද?
බොහෝ දේ අත්හදා බලන්න කැමති කෙනෙක්. තවම මම මගේ දක්ෂතා හොයන කෙනෙක්. ලැබෙන සෑම තත්පරයකම අරුතක් දෙන්න අපි උත්සාහ ගන්න ඕනෑ.
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ