මේ ලෝකෙ කැතයි කියන්න කවුරුවත් නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-03

රංගන ක්‍ෂේත‍්‍රයට පිවිස ඉතාම කෙටි කලක් වුව ද වසරේ ජනප‍්‍රියම රංගන ශිල්පිනිය ලෙසින් අභිෂේක ලබන්නට තරම් ඇය වාසනාවන්න වූවාය.

සුන්දර ඇයට අද වන විට පේ‍්‍රක්ෂක ආදරය නොඅඩුව ලැබෙන අතර, රංගන කටයුතු නිසා ඇය තරමක් කාර්යබහුලය. නයෝමී තක්ෂිලා නම් වන ඇය අපි අද ලස්සන රහස් පිටුව සරසන්නට තෝරා ගත්තෙමු.

සඳැල්ල අපි පළමුව ඔබේ ජයග‍්‍රහණයට හදවතින්ම සුභ පතනවා.

බොහෝම ස්තුතියි.2019-12-18-ent-02

 

ලස්සන නිසා ද අද ඔබ මෙතරම් ජනප‍්‍රිය වී තිබෙන්නේ.

නැහැ. ලස්සන තිබුණ පමණින් කෙනෙකු ජනප‍්‍රිය වෙනවා කියලා හිතන්න අමාරුයි. මම හිතන්නේ, මා සතු රංගන කෞෂල්‍යයත්, කැපවීම, උනන්දුව වගේම වාසනාවත් අද මා මෙතනැට ඔසවා තැබීමට එකට එකතු වීම හේතුවක්.

 

ලස්සන වෙන්න අපිට මුදල් ඕනෙද?

මෙහෙමයි, ඇතැම් රූපලාවන්‍ය කටයුතු සඳහා යම් මුදලක් වැය වෙනවා. නමුත් පිරිසිදුව, පිළිවෙළට, ප‍්‍රියමනාපව ඉන්න අපිට සත පහක්වත් වැය වෙන්නෑ. තියෙන එක ඇඳුම හරි පිළිවෙළට පිරිසිදුව අඳින්න පුළුවන්නම්, ලොකු දෙයක්. මේ හැම දේම එක්ක හිත ලස්සනට තියාගන්න පුළුවන් නම් අපි ඉබේම ලස්සන වෙනවා. විශේෂයෙන්ම තරහව පාලනය කර ගන්න උත්සාහ කර ගත්තොත් අපේ ලේ පිරිසිදුව තියා ගන්න පුළුවනි. තරහා යනවා කියන්නේ මනස ව්‍යාකූල වෙලා ලේ අපිරිසිදු කරන දෙයක්නේ.

 

කාන්තාවකට ලස්සන වැදගත් ද?

ලස්සන කාන්තාවට පමණක් නොවේ. පිරිමි පාර්ශවයටත් වැදගත්. මම හිතන්නේ නම් ලස්සන කියන දේ සාපේක්ෂයි. ඒ හැරෙන්න මේ ලෝකයේ කැත කිසිම කෙනෙක් නැහැ.

 

ඔබ ලස්සන වෙන්න නිවසේ දී කරන දේවල් දැන ගන්න කැමතියි.

ම්... ප‍්‍රධාන දේ තමයි වතුර ගොඩක් බොන එක. මම පුරුද්දක් විදිහට බෙලිමල් හරි ඉරමුසු තම්බා ගත් වතුර වීදුරුවක් දිනක් හැර දිනක් උදෑසන දහයට විතර හකුරු කෑල්ලක් එක්ක ගන්නවා. එම ඖෂධීය පානයෙන් ශරීරය සිසිල් වෙනවා. සමේ පැහැය රැුක ගන්නත් මෙම ඖෂධීය පානය උපකාරී වෙනවා. ෂූටින් වලින් පසු වෙහෙසකර ඇස්වලට තේ කුඩු හෝ පිපිඤ්ඤා පෙති කපා තැබීමත් කරනවා.

මම ගෙදරදීම කර ගන්න තව සත්කාරයක් තමයි පරිප්පු සෝදලා, පෙගෙන්න තියලා, බ්ලෙන්ඞ් කරලා, මුහුණේ ආලේප කරන එක. මෙම පරිප්පු සත්කාරයෙන් හම පැහැපත් වෙනවා වගේම, කුරුලෑ පැල්ලම් එහෙමත් හොඳින් ඉවත් වෙනවා. සමේ පැහැය ආරක්ෂා කරගන්න දෛනිකව ගස්ලබු, කොමඩු, අලිගැටපේර වගේ පළතුරු ගොඩක් ආහාරයට ගන්නවා. අලිගැටපේරවලට මම ගොඩක් ආසයි. යුෂ විදිහයට පිළියෙළ කරලත් පළතුරු ගන්නවා. එළවළු නම් මම වැඩිය කන්න කැමති නැහැ. ඇෙඟ් හැඩය ලස්සනට තියා ගන්න පුළුවන් හැම වෙලාවකම ව්‍යායාමවල නිරත වෙනවා. ඒත් රාජකාරි බහුල වුණාම ව්‍යායාම කෙරෙන්නේම නැති තරම්. ඒ දිනවලට ඉතින් කෑමෙන් තමයි ඇඟ පාලනය කරන්නේ.

 

කොණ්ඩයට කරන සත්කාර

ඖෂධ වට්ටෝරුවකට අනුව ගෙදර හිඳලා හදපු තෙල් පාවිච්චි කරනවා. නිවාඩු දවසට තෙල් ඔළුවට දාලා හොඳට මසාජ් කරලා විනාඩි 20ක් විතර ඉඳලා හෝදලා දානවා.

 

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව

දීපිකා පදුකෝන්. මම ඇගේ සුන්දරත්වයට ගොඩක් කැමතියි.

 

ඔබ ලස්සනයි කියා ඔබට දැනෙන්න පටන් ගත්තේ

වැඩිවිය පැමිණුනාට පස්සේ. ඒ කාලෙන් පසුව ගැහැණු ළමයි තමන් ගැන ගොඩක් හිතනවානේ. එතකොට තමයි මට ලස්සනයි කියා දැනුණේ.

 

විලාසිතා කරන්න කැමති ද?

ඔව්. මට ගැළපෙන විදිහට විශේෂයෙන්ම වයසට, ඇෙඟ් හැඩයට, සමේ පැහැයට වගේම සහභාගි වෙන තැන අනුව ගැළපෙන විදිහට විලාසිතා තෝරා ගන්නවා.

 

ඇඟට ගොඩක් ලස්සන පාට

නිල් පාටට මම ගොඩක් ආසයි. නිල්පාට ඇඳුම් ඇන්දාම ලස්සනයි කියලා හිතෙනවා.

 

රූපය නිසා ඔබ ආඩම්බර වෙනවා ද?

කවදාවත් නැහැ. මම හිතන් නෑ මම ලස්සනයි කියලා. ලස්සන කියන්නේ හරිම තාවකාලික දෙයක්. රැුයක් නිදාගෙන පසුදා අවදි වෙනකොටත් අපි වයසට යනවා නම් රූපය නිසා අඩම්බර වෙනවා කියන්නේ ඇත්තටම මෝඩකමක්.

 

අසුන්තා එදිරිසූරිය

ඡායාරූප - සුමුදු හේවාපතිරණ