මේ රටේ මිනිස්සු තරම් හොඳ මිනිස්සු මම කොහේදීවත් දැකලා නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-22-ent-58

මේ සුරූපිනියන් දෙදෙනා නිළියන් නම් නොවෙයි. දෙදෙනාම රූ රැජින තරග නියෝජනය කරමින් ජයග‍්‍රහණ ලැබූ සුන්දරියන් දෙදෙනෙකි. රූ රැුජින තරග සඳහා වෙනිසියුලා රාජ්‍ය ලෝකයේ බෙහෙවින් ප‍්‍රකටය. 2017 - දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයේ ජයග‍්‍රාහිකාවට කිරුළ පැළඳවීම සඳහා මෙවර ලංකාවට පැමිණියේ ඇයයි.

ඇය නමින් ස්ටෙෆනි ඞී. සෝර්සිය. වයස අවුරුදු 24කි. උස අඩි 5 අඟල් 9 1/2කි. රූ රැජිනක ලෙස ඇය මුලින්ම කරළියට පැමිණියේ ඇයගේ උපන් ගම වන ටර්මෙරෝ ඇරාගුවා නගරයේ පැවැති තරගයකදීය. එනම් 2013 මිස් ඇරගුවා කිරුළ දිනා ගිනිමිනි. ඉන්පසුව එරට පැවැත්වූ මිස් ටියෙරා - 2013 තරගයේදී ද කිරුළ හිමිකර ගත්තේ ඇයයි. ඉනික්බිතිව 2013 දී වෙනිසියුලා රූ රැජින ලෙස කිරුළ දරාගෙන 2016 දී මිහිකත රූ රැුජින තරගයට ඇය ඉදිරිපත් වුවාය. එහිදී ප‍්‍රධාන කිරුළක් වන ජලජ රූමතිය හෙවත් මිස් වෝටර් ලෙස කිරුළ හිමිකර ගත්තේ ඇයයි.

2017-08-22-ent-57වෙනිසියුලාව ඇයගේ උපන් රට වුවද දැනට ඇය වෙසෙන්නේ යාබද මෙක්සිකෝවේය. ඇය මෙක්සිකෝවට ගොස් සිටින්නේ රංගනය ගැන හැදැරීම සඳහාය. රංගනයෙන් ඉදිරියට පැමිණ කෙදිනක හෝ හොලිවුඞ් සිනමාවට සම්බන්ධවීම ඇයගේ සිහිනයකි.

ශ්‍රී ලංකාවට පැමිණි මේ ගමනේදී ඇය පරිසරය සුරැකීමේ වැඩ සටහනකට දායක වූ අතර රුක් රෝපණ වැඩසටහනකටද දායක වූවාය. ආසියාවේ රටකට පැමිණි දෙවැනි අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාවට ඇය පැමිණියේ පළමු වතාවටය. මේ ආ ගමනේදී සුන්දර ගාලූ නගරයේ හැඩබලා ගැනීමටද ඇය අමතක නොකළාය. මේ දක්වා ලෝකයේ රටවල් 15ක පමණ සංචාරය කර ඇති ඇයට ශ්‍රී ලංකාව කෙරෙහි ඇත්තේ ආදරණීය හැඟීමකි.

‘‘ මේ රටේ මිනිස්සු තරම් හොඳ මිනිස්සු මම කොහේදීවත් දැකලා නැහැ. මේ රටේ කෑමවලටත් මම හරිම කැමතියි. මහත්වීම ගැන නොහිතා මේ රටේ කෑම ඇති පදම් කෑවා’’. සෝර්සි තලූ මරමින් කීවේ එහෙමය.

ඒ රටේ සහ ශ්‍රී ලංකාවේ ගැහැනු ළමුන් සැසඳීම කරන්නේ කොහොමද?

ඒ ගැන ඇය කියා සිටියේ එය හාත්පසින්ම වෙනස් බවය. මේ රටේ ගැහැනු ළමුන් හරිම තැන්පත්, වඩා ආචාරශීලීයි, විනීතයි. ඒ ඇය කී වදන්ය.

ඇය විසින් කිරුළ පැළැන් ශ්‍රී ලංකා රූමතිය ශ්‍යාමා දහනායකයි.

2017 දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා මෙම වසර අවසන පැවැත්වෙන ලෝක මිහිකත රූ රැජින තරගය නියෝජනයට වරම් ලද්දේ ඇය ශ්‍යාමා දහනායකය. ශ්‍යාමාගේ වයස අවුරුදු 23කි. උපන්ගම කුරුණෑගලය. මලියදේව බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇත. ශ්‍යාමා ඇය ගැන තවත් විස්තර අපට කීවේ මෙලෙසිනි.

මගේ පවුලේ අම්මයි, අප්පච්චියි, අක්කයි, මමයි. රූ රැජිනක වීම කුඩා කාලයේ සිටම මට තිබුණු සිහිනයක්. ඒ සිහිනය දරාගෙන මම රැුකියාව ලෙස හෙදියක වීම අරමුණු කර ගත්තා. දැන් මම හෙද විදුහලේ අවසන් වසරේ සිසුවියක්. ඒ අතරේ ප‍්‍රායෝගිකව හෙදියක ලෙසත් කටයුතු කරනවා. කුඩා කාලයේ ඉඳලම මම පරිසරයට හරිම ලැදියි. ඒ නිසා පරිසර ව්‍යාපෘතිවලට බෙහෙවින් දායක වුණා. කුරුණෑගල ඇරඹුණු හරිත අගෝස්තුව ව්‍යාපෘතිය හා සම්බන්ධව කටයුතු කරන්නන් පටන් ගත්තා. මේ නිසාම තමයි මට මෙවර දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට යන්න හිතුණේ. මොකද එය මිහිකත රූ රැුජින තරගය සඳහා තේරෙන අවස්ථාවක් නිසා.

 

මෙහි ජයග‍්‍රහණය ලැබේවි කියලා හිතුවද?

ජයග‍්‍රහණයට වඩා පරිසරයට බෙහෙවින් ආදරය කරන නිසාත්, පරිසරය සුරැකීම වෙනුවෙන් වූ ව්‍යාපෘති ගණනාවකට දායක වන නිසාත් මේ තරගය මට වඩා හොඳයි කියලා හිතුවා. ඉතින් ඇත්තටම අවසාන කිරුළ ලැබීමට ඒ පරිසර කටයුතුවලට දායකවීම ලොකු රුකුලක් වුණා.

 

හෙදියක ලෙස කටයුතු කිරීම මේ නිසා නතර වේවිද?

මේ වසර අවසන් වනතෙක් මහිකත රූ රැජින තරගය ගැන හිතන්න වෙනවා. ඒක කොහොමටවත් අත්රින්න බැහැ. හැබැයි ඒ වගේම හෙදියක ලෙස කටයුතු කිරීමත් මම නතර කරන එකක් නැහැ.

 

එතකොට රඟපාන්න එහෙම?

මම හදාරලා නැහැ. විශේෂ කැමැත්තකුත් නැහැ. හැබැයි හිතට අල්ලලා ගිය හොඳ චරිතයක් ලැබුණොත් ආසා හිතේවි.

 

රූපයට එහා ගිය ඔබ සතු වෙනත් දක්‍ෂතා ගැන කිව්වොත්?

පාසලේදී මම ශිෂ්‍ය නායිකාවක වුණා. තුර්ය වාදක කණ්ඩායමෙත් හිටියා. කුඩා කාලයේදී මුතුහර ළමා සමාජයේත් හිටියා. බටනලා වාදනය පුළුවනි. බටනලා වාදනයෙන් සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය පවා ලැබුවා. නර්තනයටත් ලැදියි. නර්තනයෙන් සමස්ත ලංකා ප‍්‍රථමයා පවා වුණා. දැල් පන්දු කි‍්‍රඩිකාවක ලෙස සහ පිහිනුම් අංශයෙන් ද දක්‍ෂතා පෙන්නුවා.

 

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

2017-08-22-ent-52   2017-08-22-ent-56 2017-08-22-ent-55 2017-08-22-ent-54 2017-08-22-ent-53