මේ දිනවල 'හීනයක්ද මේ' කථාවේ ප්‍රධාන චරිතයට හඬ කවනවා
හංසි සාරා පෙරේරා හඬකැවීම් ක්ෂේත්රය තුළ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ අයෙකි. ඇයගේ දක්ෂතා බොහෝමයක් තිබුණද ඇයව ප්‍රසිද්ධ මාධ්‍ය තුළ දැක ගැනීමට අවස්ථාව ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි. හඬකැවීම් ශිල්පිනියක සේම නිවේදිකාවක් වශයෙන්ද ඇය කටයුතු කරනු ලබයි. අප රට තුළ ඇය හඬකැවීම් තුළින් දායක වූ බොහෝ නිර්මාණයන් මේ වන විට රසිකයන් වැළඳගෙන තිබේ. මේ කතාබහ ඇය සමගයි.
මොනවද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල සතියේ දවස් පහේ උදේ 7 ඉඳන් 10 වෙනකම් නාරද බක්මීවැව අයියා එක්ක .ITN FM බලාපොරොත්තුවේ අලුත් උදෑසන. වැඩසටහන කරනවා. FM 93.5 FM 93.7 ITN FM අලුත් උදෑසන අහන්න පුළුවන්. මම රූපවාහිනී නාළිකාවක් විදියට ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවී නාළිකා අංක 20 ඉවෙන්ට් ටීවී නාළිකාව එක්ක කාලයක සිට නිවේදන වැඩකටයුතු කරනවා. අපි ගොඩක් කරන්නේ විවිධ ඉසව් සඳහා සජීවී රූපවාහිනී මාධ්‍ය ආවරණය ලබාදීමයි. ඊට අමතරව හිරු ටීවී එකේ රාත්‍රී 9 ට අලුත් කතාවක් පටන් ගත්තා %හීනයක්ද මේ^ කියලා. ඒකෙ ප්‍රධාන චරිතය වන 'ගයාත්‍රි දේවී^ රැජිනගේ චරිතයට හඬ කවනවා. හීනයක්ද මේ ගයාත්‍රිට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දෙරණ ටීවී එකේ 'අලි මල්ලියි මමයි' එකේ 'පිංකි' චරිතයට, 'හස්ති කුමරිය' පළමුවන කතා මාලාවේ 'හෂ්මා' චරිතයට, දෙවන කතා මාලාවේ 'වෙරෝනිකා' චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම TV One නාළිකාවේ 'සරස්වතීචන්ද්‍ර' කතාවේ 'කලිකා' චරිතයට හඬ කවනවා.
එතකොට මේ දවස්වල කෙරෙන ඉවෙන්ට් වැඩ මොනවද?
ඇත්තටම .තම්බපණ්ණි වෙඩින් ෆෙයා 2017. මේ පාර හුඟක් සාර්ථකව අපි නිම කළා. දැන් අපි කර්මාන්ත ප්‍රදර්ශනයක් සඳහා සුදානම් වෙනවා. ඒක තියෙන්නේ දෙසැම්බර් 20 සිට 24 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා මණ්ඩප පරිශ්‍රයේ. ඉතින් තම්බපණ්ණි ආයතනයේ සම්බන්ධීකරණ කටයුතු සහ ප්‍රධාන වශයෙන් මාධ්‍ය මෙහෙයවීම් කරන්නේත්, නිවේදන කටයුතු කරන්නේත් මම.
නිවේදනය හා හඬකැවීම කියන මේ ක්ෂේත්‍ර දෙකට ඔබ පිවිසෙන්නේ කොයි කාලයේද?
පාසල් කාලෙ ඉඳන් තමයි නිවේදනය පැත්තට යොමු වෙන්නේ. පාසලේ මාධ්‍ය ඒකකයේ ක්‍රියාකාරී සාමාජිකාවක් විදියට හිටියා. පාසලෙන් සමස්ත ලංකා තරගවලින් ජයග්‍රහණ ලබාගත්තා. හඬකැවීම් කරන්නෙත් පාසල් යන කාලේ ඉඳලමයි. මම සිරස ටීවී එකේ %සිරස කිඩ්ස් වීඩියෝ ටීම්^ එකේ හිටියා (KVT Hansi). හඬකැවීම් සඳහා සම්බන්ධ වුණෙත් ඒ කාලයේදීමයි. පාසල් අවසාන කාලේ සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කරපු වසරේ හොඳම ගායකයා ගායිකාව හා නිවේදකයා නිවේදිකාව කියන තරගයෙන් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඒ කාලේ මම සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉගැන්වීම් කටයුතු වලටත් සම්බන්ධ වුණා. ඇත්තටම පුංචි ළමයි එක්ක ගෙවුණ ඒ කාලය හරිම සුන්දරයි, සැහැල්ලුයි. ඔය අතරේ - එෆ් එම් කටකාරයන් ඕනෑකර තිබේ කියලා පොඩි දැන්වීමක් ගියා. ශ්‍රී එෆ් එම් එකේ හිටපු අයියා කෙනෙක් මට කිවුවා අයඳුම් කරන්න කියලා. ඒක කළේ සියත එෆ් එම් එකෙන්. ලංකාවෙන්ම තේරුණු අවසන් 7 දෙනා අතර මම හිටියා. මට උදෑසන වැඩසටහන් දෙකක් කරන්න අවස්ථාව ලැබුණා.
ඔබ කරපු වැඩසටහන් වලින් පෞද්ගලිකව කැමති මොනවාටද?
මම කාගිල්ස් රේඩියෝ එකේ සිංහල මාධ්‍ය නිවේදිකාවක් විදිහට වැඩ කළා. එහි 2011 වසරේ සිට මේ දක්වා මම කරපු %ලස්සන දවස^ වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර නිසාම මම ඒ වැඩසටහන කළේ හරිම ආසාවෙන්.
එතකොට හඬකැවීම් අංශයෙන්?
හඬකැවීම් කරපු ඒවායෙන් මට වැඩියෙන්ම ප්‍රතිචාර තියෙන්නේ හිරු ටීවී එකේ %බෙන්ටෙන්^ කතාවට. බෙන්ටෙන් %ගුවේන්ගේ^ චරිතයට තමයි මම හඬකැවීම් කළේ. %සිත්තරාවි^ කියන කතාවේ කොන්ඩෙ දිග කුමාරිය 'ආකාෂාට' හඬකැවීම් කළා. ඒකට අදටත් ආදරය කරන අය ඉන්නවා. පෞද්ගලිකව අදටත් ගොඩක් අය මතක් කරනවා ඒ දෙක. ඊට අමතරව මේ මෑතක හඬකැවීම් කළ %හස්ති කුමරියට^ ලැබෙන ප්‍රතිචාර හොඳයි. පෞද්ගලිකව මම කරපු චරිතවලින් හොඳ ප්‍රතිචාර ලැබුණේ බෙන්ටෙන් ගුවේන්ගේ චරිතයට හා සිත්තරාවි කියන චරිතයට. මම දැන් කරන %හීනයක්ද මේ^ කතාවේ ගයාත්රිගේ චරිතයත් ගොඩාක් ආසාවෙන් කරන්නේ. %ජෝදා අක්බර්^ කතාවේ ජෝදගේ නංගි 'සුබන්යා' ගේ චරිතයටත් මම හඬකැවීම් කළා.
ප්‍රධාන චරිතවලට හඬකැවීම් කරපුවා මතක් කළොත්?
මේ දිනවල විකාශය වන 'හීනයක්ද මේ' හින්දි කථාවේ ප්‍රධාන චරිතය වන ගයාත්රිගේ චරිතයට හඬ කවනවා. ඒ වගේම %සරස්වතී චන්ද්‍ර^ එකේ කලිකා කියන චරිතය, %ස්වප්නා^ එකේ මීනක්ෂිගේ නංගී සුද්දි කියන චරිතය, ජෝදගේ නංගි සුබන්යාගේ චරිතය, %අලි මල්ලියි මමයි^ එකේ පිංකිගේ චරිතය, %සදහටම ඔබ මගේ^ එකේ ෂෙනායගේ චරිතය, %හස්ති කුමරිය^ පළවෙනි එකේ හෂ්මා හා දෙවෙනි එකේ වෙරොනිකා චරිතය, %වලස්මුල්ල^ කාටුන් එකේ %කිංකිණි^, %සූටිං මාටිං^ එකේ චරිත කිහිපයක් කළා, %මේ ආදරයයි^ කතාවේ ආරාධිත චරිත කිහිපයකට හඬකැවීමෙන් දායක වුණා. ඒ වගේම සිරසේ %අනන්තයෙන් ආ තරුකුමරා^ එකේ %යූ සෙමි^ කියන චරිතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.
මේ වැඩකටයුතු එක්කද ජීවිතේ ගෙවෙන්නේ?
මම වෘත්තීය වශයෙන් හඬකැවීම් ශිල්පිනියක් විදියට වැඩකටයුතු කරනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් හා ඉසව් සම්බන්ධීකරණ නිලධාරිනියක් විදියට වැඩ කරනවා. වෙළඳ දැන්වීම්, වොයිසින් වැඩ, කෝඩිනේෂන් වැඩ කරනවා. ප්‍රධාන වශයෙන් ඒ වැඩ තමයි කරන්නේ.
වෙළඳ දැන්වීම් වොයිස් කරපුවා මොනවාද?
කැප්ටන් ටින් මාළු, ටෙලිකොම් එකේ කිහිපයක්, මැගී පිටි කළ පොල්කිරි, බොබී හඳුන්කූරු ඇඩ් එකේ වොයිස් සහ කොර්ඩිනේෂන් පැත්ත කළේ මම.
ඔබ නිවේදනය හා හඬකැවීම් පැත්තේ කාලයක සිට රැඳී සිටින කෙනෙක්. නවකයින්ට මොනවද කියන්න තියෙන්නේ?
ඉස්සරනම් එකපාරට මේ ක්ෂේත්රයට එන්න අමාරුයි. ඒත් දැන් එහෙම නෑ. මේ පැත්තට එන්න විවිධ මාර්ග විවර වෙලා තියනවා. විවිධ තරග තියෙනවා. නමුත් අපි ආවේ ඉන්ටර්විව්වලට ගිහින්, ඒවා පාස් වෙලා, කට්ට කාලා. හුඟක් අත්දැකීම් එකතු කරගෙන දක්ෂතාවය නිසා තමයි අද මේ තැන ඉන්නේ. ගොඩක් අයගෙන් සහයෝගය ලැබුණා. ඉතින් රටට සමාජෙට මේ වෘත්තියෙන් දෙයක් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ගොඩක් වැදගත්. වෘත්තිය වෙනුවෙන් කැපවෙන අය මම ගොඩක් අගය කරනවා. අදටත් අපේ වෘත්තියේ ඉන්න ප්‍රවීණයෝ පුදුමාකාර නම්‍යශීලීභාවයක්, ගෞරවයක් තියෙන අය. අපි ඒ අය තුළින් හොඳ ගතිගුණ දකිනවා. මම හිතන්නේ අපෙනුත් ඒ දේ අපෙන් පස්සේ අයට ලැබෙන්න ඕනෙ. අපේ ජ්‍යෙෂ්ඨයන් ගැනත් පුංචි හරි හැදෑරීමක් කරලා එනව නම්, මේ වෘත්තියට ආදරය කරනවා නම්, වෘත්තිය ගෞරවනීය තැනක තියන්න වගේම මේ වෘත්තියේ රැදෙන්න පුළුවන් කියලා මම හිතනවා.
නිරූපණයට මුලින්ම ඇවිත් මේ පැත්තට එන්න ලේසියි කියනවා. ඒකෙ ඇත්තක් තියෙනවාද?
ඔව්. අද එහෙම අවස්ථාවන් ගොඩක් අයට ලැබිලා තියෙනවා. ඒකයි එහෙම කියන්නේ. හැබැයි නිරූපණ කටයුතු, නිවේදන කටයුතු ඔය දෙකම හොඳින් කරන්න නම් නිහතමානීකමත් අවශ්‍යයයි. ඒ වගේම අපි යමක් තෝරගන්නවා නම් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙනවා. මම වේදිකා නාට්‍ය කරල තියෙනවා. ඒ වගේම ටෙලිනාට්‍ය, චිත්‍රපට, වාර්තා, කෙටි චිත්‍රපට වලට සම්බන්ධ වෙලා තියෙනවා. මම ඒ හැමදෙයින්ම අදටත් ආදරය කරන තැනක් තමයි වේදිකාව. වේදිකාව කියන තැනට ගිහින් ආපු කෙනෙක් කවදාවත් වැරදි පාරක යන්නෙ නෑ. හැකියාව තියෙනව නම්, තමන්ට තමන් විශ්වාස නම් එහෙම යන්න ඕන වෙන්නෙත් නෑ. ඊට ලංකාවේ උදාහරණ ඕන තරම් තියෙනවා. මාදනී මල්වත්ත, කුසුම් රේණු, දසුන් පතිරණ, ධර්මප්‍රිය ඩයස් ඒ වගේම සාරංග දිසාසේකර වගේ අයගේ රංගනය තුළ අපි දකිනවානේ පුදුම තාත්ත්විකත්වයක්. නිවේදකයෙක් වුණත් තමන්ගේ වෘත්තිය හදාරමින්, තමන්වම වර්ධනය කරගනිමින් ඉස්සරහට යන්න ඕන කියලා තමයි මම හිතන්නේ.
ඉදිරි කටයුතු හා ඉදිරි බලාපොරොත්තු මොනවාද?
සජීවී ගුවන්විදුලි නාළිකාවක උදෑසන වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ කාලෙකට පස්සේ. ඒකත් එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. රූපවාහිනී, ගුවන්විදුලි වගේම ඉසව් නිවේදන වැඩ හා හඬකැවීම් වැඩ ඒ සියල්ල හොඳින් කරන අතරේ හැකි අයුරින් අනිත් අයටත් අත්වැලක් වෙන්න බලාපොරොත්තු වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත