මේ දවස්වල මගෙ රයිටින් පැත්ත දියුණු කරගන්න මහන්සි වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200426Hot-(3)

නිරූපණය, රංගනය සහ නර්තනය යන ක්ෂේත්‍ර තුළම නිරත වන නවක ශිල්පිනයක් තමයි රංගි අප්සරා කියන්නේ. ඒ වගේම ඇය කොරොනා වෛරසය පිළිබඳව කෙටි චිත්‍රපටයක්ද නිෂ්පාදනය කර තිබෙනවා. මේ දිනවල රංගි ඇයගේ ලිවීමේ හැකියාවට මූලිකත්වය දීලා කියලත් ආරංචි වුණා. ඉතින් ඒ ගැන කතා කරන්න අපි ඇයව සාරවිටට සම්බන්ධ කරගත්තා.

රංගි ක්ෂේත්‍රයට එකතු වෙන්නේ කොහොමද?

මම අවුරුදු තුනේ ඉඳලාම ඩාන්සින් කළා. එතකොට පාසල් කාලයේදීත් නර්තනය, රංගනය කළා. ඊටපස්සේ දමයන්ති ෆොන්සේකා මහත්මියගෙන් රංගනය පිළිබඳව හැදෑරුවා. ඒ විදිහට තමයි ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල මේ කොරොනා නිසා ගෙදරට වෙලානේ ඉන්නේ. ඒක එක් පැත්තකින් බැලුවාම අපිට ලැබුණු නිවාඩුක්. ඉතින් ඒ ලැබුණු නිවාඩුවත් එක්ක මගේ ලිවීමේ හැකියාවට පොඩි ඉඩක් ලබාදුන්නා. මේ දවස්වල මගෙ රයිටින් පැත්ත දියුණු කරගන්න මහන්සි වෙනවා.

කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරා නේද?

ඔව්. මේ කොරොනා වෛරසයේ බලපෑම ගැන කියවෙන කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා. නමුත් ස්ක්‍රිප්ට් එක ලිව්වාට පස්සේ කල්පනා වුණා ඇඳරිනීතිය නිසා ලොකේෂන් හොයාගන්නත් බෑ, කැමරා හොයාගන්නත් බෑනේ කියලා. ඒ නිසා අපේ දුරකතනවලින් තමයි වීඩියෝ කළෙත්. මම තමයි පිටපත ලිවුවෙත්, අධ්‍යක්ෂණය කළෙත්. මේකට රංගනයෙන් සම්බන්ධ වෙන්නේ සහන් දුලංජන සහ කවීෂ කෞෂල්‍ය.

ඔබ කලාවේ බොහෝ චරිත නිරූපණය කරනවා?

ඔව්. මම නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදිහට නියැළුණා. නමුත් මම පහුගිය කාලේදි නම් ඒ වැඩ ටිකක් නතර කරලා පිටපත් ලිවීමට මූලිකත්වය දුන්නා. මම ඉස්සර ඉඳලාම පිටපත් ලියනවා. ඒ වගේම ව්‍යාපාර පැත්තටත් යොමුවුණා.

මොනවාද ව්‍යාපාර?

මගේ මාමාගේ ව්‍යාපාරවලට තමයි සම්බන්ධ වු‍ණේ. ඔන්ලයින් බිස්නස් වැඩ වගයක්.

සම්බන්ධ වුණු නිර්මාණ ගැන කිව්වොත්?

මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ කසුන් තරින්ද්‍ර අයියා හරහා. ඉන්පසුව දමයන්ති ෆොන්සේකා මිස්ගේ 'රංකිරි අම්මා' ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනවා. ඊටපස්සේ නාලක විතානගේ අයියා හමුවනවා. ඔහුගෙන් පිටපත් රචනය ගැන හැදෑරුවා.

කලාව තුළ ඔබ නියැලෙන්න කැමතිම ක්ෂේත්‍රය මොකද්ද?

මම ආසයි ලියන්න. ලියනවා කියන්නේ කියවන්න ඕනේ වෙනවා. මම කැමැතියි මේ පිටපත් ලිවීම පැත්ත ටිකක් හදාරලා ඒ පැත්තට සම්බන්ධ වෙන්න. නමුත් හොඳ නිර්මාණයක් ආවොත් රංගනයෙන් හෝ නර්තනයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

පුළුවන් විදිහට කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව ව්‍යාපාර වැඩ කරගෙන යනවා. ඒ වගේම ඉදිරියේදී රැකියාවකටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

උදව් කළ පිරිස ගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මාව. ඒ වගේම දමයන්ති ෆොන්සේකා මිස්. ඇය මගේ කලා ගමනට විශාල ශක්තියක් වුණා. එතකොට නාලක විතානගේ, කසුන් තරින්ද්‍ර අයියා ඇතුළු මට උදව් කළ හැමෝවම මම මේ වෙලාවේදී මතක් කරනවා.

කැළුම් දේවින්ද

20200426Hot-(1) 20200426Hot-(2) 20200426Hot-(4)