මේ දවස් ගත වෙන්නෙ හඳයාත් එක්ක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-28-ent-256

සිරිපැකුම් සිනමාපටයේ කළුඑතනා චරිතයෙන් කරළියට ආ සිනෙති අකිලා සිනමාව තුල වැඩි පේ‍්‍රක්‍ෂක ආදරයත් දිනාගත් රුවැත්තියක්. මේ දිනවල ‘‘හඳයා’’ ටෙලිනාට්‍ය ඔස්සේද මීනා චරිතයෙන් පුංචි තිරයට සමීප වන සිනෙති සමග කතාබහ කරන්න අපි පුංචි හෝරාවක් වෙන්කරගත්තා. අද කතාබහට සිනෙති අකිලා අප සමග එකතු වුණේ මෙලෙසින්.

වැඩිපුරම සිනමාවෙන් දකින සිනෙති මේ දිනවල ‘හඳයා’ හරහා මීනාගේ චරිතයෙන් පේ‍්‍රක්‍ෂකයාට සමීප වෙනවා. කොහොමද ලැබෙන ප‍්‍රතිචාර? ඇත්තටම. තාමත් හඳයා ටෙලිනාට්‍යයේ කොටස් විකාශනය වුයේ පොඩි ප‍්‍රමාණයක්. ඒ වුණත් මීනාට ලැබෙන ප‍්‍රතිචාර ඉතාමත් ඉහළයි. කවදාවත් බලාපොරොත්තු නොවූ විදිහේ ප‍්‍රතිචාරයක් මීනාට ලැබෙනවා.

 

ඉතින් මේ දවස්වල මොනවද අලූත් වැඩ.

2017-09-28-ent-253මේ දවස්වල නම් වැඩිපුරම කාර්යබහුල වෙලා. ඉන්නේ ‘හඳයා’ ටෙලිනාට්‍ය එක්ක. ඊට අමතරව ‘‘වෙස්සන්තර ජාතකය’’ සිනමා නිර්මාණයක් විදිහට මේ දිනවල රූගත කිරීම් කරනවා.

 

සිනෙතිට හඳයා ටෙලිනාට්‍යයට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මීදුම් අම්මා, වැලි ඔටුන්න ටෙලිනාට්‍ය වලට පස්සේ තමයි මට ‘හඳයා’ නාට්‍යයට දායක වෙන්නත් ලැබෙන්නේ.

සුදත් දේවපි‍්‍රයගේ නිර්මාණයකට දායක වෙන්න ගොඩක් ආසාවෙන් තමයි හිටියේ. මට මේ අවස්ථාව සලසා දුන්නේ ප‍්‍රභාත් රෝහණ අයියා සහ දනුෂ්ක අයියා. ඒ දෙන්නටම මම ස්තුති කරනවා.

 

හඳයා ටෙලිනාට්‍යය මෑතකදි කරලියට එන්නේ මීට දශක ගණනාවකට ඉහතදී ටයිටස් තොටවත්තගේ් හදපු චිත‍්‍රපටයක් හරහා ‘හඳයා‘ ටෙලිනාට්‍යයේ රඟපාන්න කලින් ‘හඳයා’ චිත‍්‍රපටය බැලූවද?

තවම නම් චිත‍්‍රපටය බලන්න ලැබුණේ නැහැ. මේ දවස්වල රූගතකිරීම් වැඩ නිසා ඒක මඟ අරුණා. ඉදිරියේදී අනිවාර්යෙන්ම චිත‍්‍රපය බලන්න හිතාගෙන ඉන්නවා.

 

ඔබ මෙතෙක් රඟපෑ චරිත ගත්තම හඳයා ටෙලිනාට්‍යයේ මීනා, සිනෙතිට මොනවගේ වෙනසක්ද ගෙනාවේ?

ඇත්තටම ,මීනා කියන චරිතය මගේ ජීවිතේට ලොකු වෙනසක් ගෙනාවා. පේ‍්‍රක්‍ෂකයෝ මාව හැමදාම දැක්කේ දඟකාර ළමා චරිතයක් විදිහට. ඒත් මීනා කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්.

 

සිනෙතිගේ ජීවිතේට ලොකු වෙනසක් ගෙනාපු මීනා කියන්නේ ඇත්තටම කවුද?

මීනා ගමේ ඉඳලා කොළඹට එන්නේ ගාමන්ට් යන්න. ගාමන්ට් ගියත් මීනාගේ හිතේ දවසක නිලියක් වෙන්න ලොකු හීන බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒක පේළියට හදපු ගෙවල් ගොඩක් ඇතුළේ පුංචි බෝඩිං කාමරේකට කොටුවෙලා. හීන දකින මීනා කටකාර කාටවත් බය නැති කෙල්ලෙක්.

 

හඳයා දර්ශන තලයේ අමතක නොවන මතකයන් කොහොමද?

අම්මෝ... සූප්පුවාට ගහන කනේ පාරවල් නම් ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. මීනා සුප්පුවගේ ආදරේ නිතරම ප‍්‍රතික්‍ෂේප කරනවා. නිතරම මීනාට තියෙන්නේ සුප්පුවා ඉදිරියේ තරහ යන දර්ශන. ඇත්තට ඒ සිදුවීම්වලදි මට කසුන් අයියගේන් ලොකු සහයෝගයක් ලැබෙනවා. දවසක් කසුන් අයියාගෙන් ඇස් වලින් කඳුළු පනින්න මම කනට ගැහුවා.

 

මීනාට වගේ සිනෙතිටත් ඒ කාලේ නිළියක් වෙන්න හීනයක් තිබුණා නේද?

අම්මේ ඔව් පොඩි කාලේ මම ළමාපිටියේ සින්දු කියන කොට රඟපාන්නත් පුංචි ආසාවක් හිතේ තිබුණා. සෝමරත්න සර් සහ රේණුකා මිස් නොහිටින්න අද මම මෙතන නැහැ. සිරිපැරකුම් චිත‍්‍රපටයට තිර පරීක්‍ෂණයට ගියත් මාව මේ චිත‍්‍රපටයට තේරේවි කියලා කවදාවත් හිතුවේ නැහැ. එදා මට තිබුනේ ජපන් යන හීනයක්. ඒත් මාව චිත‍්‍රපටයට තේරුණා කියලා දැනගත්තාම මගේ අරමුණ වෙනස් වුණා.

 

සිනෙති ගොඩක්ම පේ‍්‍රක්‍ෂකයන් අතරට ආවේ ළමා චරිත හරහා නේද?

ඔව්... මුලින්ම පේ‍්‍රමනීය චරිතයක් කළේ වැලිඔටුන්න ටෙලිනාට්‍යයේ. සිනමාවේ මම මුලින්ම පෙම්වතිය වුනේ සරිගම චිත‍්‍රපටයේ. තවම මට පෙම්වතියකගේ චරිතයක් ප‍්‍රධාන චරිතයක් විදිහට කරන්න ලැබිලා නැහැ.

 

පුංචි තිරයට වඩා සිනෙතිට වැඩි ඉල්ලූම තියෙන්නේ සිනමාවෙන්ද?

ඇත්තටම ඔව්. පුංචි තිරයට වඩා මට වැඩි ඉල්ලූම තියෙන්නේ සිනමාවෙන්. මම දැනට චිත‍්‍රපටි හතක විතර රඟපාලා තියෙනවා. ඉදිරියේදි මම දායක වූ සේයා ඇතුළු තව චිත‍්‍රපටි කිහිපයකුත් තිරගත වෙන්න සුදානම්.

 

රඟපෑ චරිත අතුරින් වැඩිපුරම ප‍්‍රතිචාර ලැබෙන්නේ?

සිනමාවේ කරපු චරිතවලට සරිගම චිත‍්‍රපටයේ ඕලූ චරිතයට තාමත් පේ‍්‍රක්‍ෂකයෝ ආදරෙයි. අදටත් මට ගොඩක් අය කතා කරන්නේ ඕලූ කියලා.

 

කළුඑතනා චරිතයෙන් එළියට ආපු ඔබට රංගන ක්‍ෂේත‍්‍රයේ ඔබ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ.?

අප‍්‍රමාන සතුටක් දැනෙනවා. මම මහා ලොකුවට ජනපි‍්‍රය නැතත් මට ආදරය කරන පිරිසක් මගේ වටේ ඉන්නවා. විශේෂයෙන් පොඩි ළමයි. හැබැයි චිත‍්‍රපට බලන්නේ නැති අය නම් මාව අඳුරන්නේ නැහැ. මම ටෙලි නාට්‍යවල රඟැපෑවා නම් මීට වඩා මම පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රය වෙන්න තිබුණා. හොඳ ටෙලිනාට්‍යයක් ලැබුනොත් කරනවා. ඒත් මගේ ලොකුම ආශාව තියෙන්නේ සිනමා නිළියක් වෙන්න

 

ඉදිරියේදි සිනෙති දකින්න පුළුවන් නිර්මාණ ගැන කිව්වොත්?

ළඟදීම සේයා චිත‍්‍රපටය සහ ඊට අමතරව රන්දෝණි තිරගත වෙනවා. තව වෙස්සන්තර චිත‍්‍රපටයේ මන්තී‍්‍ර දේවි චරිතය මගේ රංගන ජීවිතේ ගොඩක් වෙනස් මාවතකට ගෙනයාවි කියලා හිතනවා.

 

සිනෙති රංගන දායකත්වය දෙන්න ලොකු මුදලක් ගන්නවා කියන්නේ ඇත්තද?

මම දෙයක් ඉගෙන ගෙන ක්‍ෂේත‍්‍රයට ආපු කෙනෙක්. ඒ නිසා මම නිර්මාණයකට දායක වෙන්න මේ මුදල ගන්නවා කියන්න මම බය නැහැ. මොකද මම චරිතයක් කරන්නේ මම ගැන හොඳ ආත්ම විශ්වාසයකින්.

 

ඒ කියන්නේ තමන්ගේ මුදලට එනවානම් ඕනම චරිතක් භාරගන්නවාද?

අපෝ නැහැ ඒත් මෙච්චර කාලෙකට ප‍්‍රතික්‍ෂේප කළ යුතු චරිත මට ලැබිලා නැහැ. මට ලැබුණු හැම චරිතයක්ම මට ගැලපෙන චරිත.

 

නදීශා අතුකෝරළ / ඡායාරූප චමත් වින්දුල

 

 2017-09-28-ent-254 2017-09-28-ent-255