මේ ක්‍ෂේත්‍රයට එන්න වාලේ ඇවිත් වැඩක් නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-31-ent-76

කෞෂි වික්‍රමසිංහ මෑතකදී නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණි රුවැත්තියක්. ඈ නිරූපණය පිළිබඳ හදාරන අතර, ටෙලි නාට්‍ය කිහිපයකට දායකවී සිටිනවා. මේ කෞෂි ‘සාරවිට’ සමගින් එක්වූ මොහොතක්.

 

මුලින්ම ඔයාව හඳුන්වා දුන්නොත්?

2017-05-31-ent-77මම කෞෂි වික්‍රමසිංහ දැනට ඉන්නේ පිළියන්දල

 

දැන් නිරූපණට ආවේ කොයි කාලේද?

ක්ෂේත්‍රයට පිවිසුණේ මෑතකදී. මුලින්ම එන්න අවස්ථාව ලැබුණේ Bridal Shoot එකකින්. ඒක අහඹු සිදුවීමක්

 

රංගනයෙන් දායක වුණා නේද?

ඔව්, අවස්ථා කිහිපයකටම සම්බන්ධ වුණා. මුලින්ම දායක වෙන්න ලැබුණේ ටෙලි නාට්‍යක පසුබිම් නර්තන ශිල්පිනියක් ලෙස. ඒ ආරම්භයෙන් තවත් ටෙලි නාට්‍ය දෙකට දායක වීමට අවස්ථාව හිමිවුණා.

 

රැකියාවක් නොකර මේ ක්ෂේත්‍රය තෝරගන්න හේතුව ඇයි?

ඕනෙම වෘත්තීයක, වෘත්තීමය වශයෙන් ඉදිරියට යන්න නම් එහි මුල්අඩිතාලම පැහැදිලි ලෙස සකසා ගැනීමට නම් ඒ වෙනුවෙන් කැපවීම ඉතාමත් අවශ්‍යයි. රැකියාවක නිරතවෙන අතරදී මේ වෙනුවෙන් කාලය කළමනාකරණය කරගැනීම ඉතා අසීරුයි. මොකද මම ඒක අත්දැකීමෙන්ම දන්නවා. කොටින්ම කිව්වොත් ක්ෂේත්‍රයේ වැදගත්ම අවස්ථා රැකියාවක් නිසා බොහෝවිට මඟ හැරිලා තියෙනවා.

 

තරුණියක්ට මේ ක්ෂේත්‍රය ගැළපෙනවාද?

ඇයි නැත්තේ, නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ වෘත්තීයක්. සරලවම කිව්වොත් එයාලා නැත්නම් නිරූපණ ක්ෂේත්‍රයක් තියෙයිද? ප්‍රේක්ෂකයාගේ රසවින්දනයට මියුසික් වීඩියෝ තියෙයිද? Fashion Shoot තියෙයිද? ක්ෂේත්‍රය පිළිබඳව විවිධ මතවාද තියෙන්නට පුළුවන්. ඒ එක්කෙනාගේ බුද්ධි මට්ටම අනුව. හොඳ හෝ නරක ඕනෙම තැනක තියෙනවා. වැදගත් වෙන්නේ තමන්ගේ අරමුණයි. අරමුණ පැහැදිලි නම් ගමන පැහැදිලි. අනෙක දැන් සමාජය තුළ නිරූපණ ක්ෂේත්‍රයට හොඳ පිළිගැනීමක් තියෙනවා.

 

නිරූපණය කියන මේ ක්ෂේත්‍රය තුළින් පැවැත්මක් හදාගන්න පුළුවන් කියලා හිතනවාද?

අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි මෙහෙමයි. එන්නම් වාලේ ඇවිත් තේරුමක් නැ. නිරූපණ ක්ෂේත්‍රය තුළ පැවැත්මක් ඇති කරගැනීමට නම් රූපයෙන් වගේම, හැකියාවෙන්ද පරිණත විය යුතුයි. මං කියන්නේ නෑ මං පරිණතයි කියලා. මොකද මං තවමත් මේ පිළිබඳව පූර්ණ හැදෑරීමක් කරමින් සිටිනවා. ඉතිං පැවැත්ම ඇති කර ගත යුත්තේ තමන්මයි. නැත්නම් ඉබේමටම රැල්ලට ගහගෙන යනවා.

 

ගොඩක් පිරිස් මේ ක්ෂේත්‍රයට ඇවිත් තියෙනවා නේද?

ඔව්, හැබැයි ඒ ආපු හැමෝම ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයන් වෙලා නෑ නේද?. ඒ වගේම තමන්ගෙම අනන්‍යතාවයක් නෑ නේද? ‘තරුවක් වගේ බැබලෙන්න නම්, තරුවක් වගේ පිච්චෙන්න ඕනේ’ ඒකට ශක්තිය නැත්නම් ඉස්සරයට යන්න බෑනේ. මං මෙහෙම කියන්නද උදාහරණයක් විදියට ගත්තොත් මං පෞද්ගලිකව ආදරය සහ ගරු කරන මෑත කාලයේ කවුරුත් දන්න නීරුපණ ශිල්පිණියක් තමයි ටීනා ප්‍රනාන්දු. ඇය ක්ෂේත්‍රය තුළ නමක් හදාගත්ත කෙනෙක්. දවස ගාණේ පිරිස් ක්ෂේත්‍රය එකතු වුණත් ඇගේ පැවැත්ම අදටත් එක හා සමානයි. ඒකයි මට කියන්න ඕනේ වුණේ. කවුරු ආව ගියත් තමන්ගේ අනන්‍යතාවය අව්‍යජයි නම් ඒ Personality එක අව්‍යාජයි.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

බලාපොරොත්තු කියලා ලොකු දේවල නෑ. මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙසින් ඉදිරියට යෑමයි බලාපොරොත්තුව සහ මුල්තැන එයට. ඊට අමතරව අලුතින් චිත්‍රපටයක් සඳහා දායක වීමට නියමිතයි. එහි මුහුරත් උලෙළට තව දින තුනකින් සහභාගී වෙනවා. මේවා තමයි ඉදිරි බලාපොරොත්තු.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

ඔව්, මේ අවස්ථාවක් කරගන්නවා මගේ ආදරණීය අම්මට ස්තූති කරන්න. මොකද සමාජය තුළදී මා යම් නමක් දරන්නේ නම් එම කිරුළ හිමි විය යුත්තේ මගේ අම්මට. මොකද ඇය නැත්නම් මම අද මෙතන නෑ. මගේ ජීවිතේ අංක එක ඇයයි. ඒ වගේම නම් වශයෙන් නොකිව්වත් හැමෝටම ස්තූති ඒ වගේම වනුද ගුණරත්නවත් ආදරයෙන් සිහිපත් කරනවා.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2017-05-31-ent-73 2017-05-31-ent-74 2017-05-31-ent-75