මේ ක්ෂේත්‍රයේ හොඳ තරඟකාරීත්වයක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-06-ent-122

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම මේ වනවිට විකාශය වන මෝදර බඹරු ටෙලි නාට්‍ය තුළින් චතුරානිව ඔබට දැක ගත හැකියි. ඉතින් ඒ නිසා සාරවිට කතාබහට චතුරානිව සම්බන්ධ කරගන්න අප සිතුවා.

 

ඔයාව හඳුන්වා දුන්නොත්?2019-05-06-ent-124

මගේ නම චතුරානි පෙරේරා. මගේ පදිංචිය අතුරුගිරියේ. මගේ වයස අවුරුදු 24යි. මේ වෙද්දි මම කැළණිය විශ්වවිද්‍යාලයේ කලමණාකරණය පිළිබඳව උපාධියක් හදාරනවා. ඊට අමතරව රංගන කටයුතුවල නිරත වෙනවා.

 

කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

2018 හිරු අවුරුදු කුමරිය තරඟාවලියෙන් පස්සේ තමයි රංගනයට අවස්ථාව ලැබෙන්නේ.

 

මේ වෙද්දි දායක වෙලා තියෙන නිර්මාණ මොනවාද?

අහස් මාලිගා ටෙලි නාට්‍යයට, සනත් අබේසේකර සර්ගේ ගුත්තිල චිත්‍රපටයේ, ඉරුදේව ටෙලි නාට්‍යයට , සරත් වීරසේකර සර්ගේ ශ්‍රී සිද්ධා චිත්‍රපටයට සම්බන්ධ වුණා. මේ දවස්වල විකාශය වන මෝදර බඹරු නාට්‍යයේ පවනි විදිහට රංගනයෙන් දායක වෙනවා.

 

විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සමග කලාව සමබරව කරගෙන යන්නේ කොහොමද?

පුළුවන්. මට මගේ යාළුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

 

කලා කටයුතුවලට ගෙදරින් බාධාවක් නැද්ද?

නැහැ. ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ වැඩවලට අම්මා ගොඩක් උදව් වෙනවා.

 

දිගටම රංගන ක්ෂේත්‍රයේ රැඳෙන්නද බලාපොරොත්තුව තියෙන්නේ?

නැහැ. මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ දේවල් සමග තමයි රංගන කටයුතු කරන්නෙත්.

 

කලා ක්ෂේත්‍රය නවකයින්ට හොඳ තැනක්ද?

ඔව් ඇත්තටම අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි. ප්‍රවීණ අයගෙන් ලොකු සහයක් ලැබෙනවා. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ හොඳ තරඟකාරීත්වයක් තියෙනවා.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

රංගනය පැත්තෙන් නම් ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. මගේ හැකියාව උපරිම විදිහට මම ලබා දෙනවා.

 

උදව් කළ පිරිස ගැන කිව්වොත්?

මගේ පවුලේ අයව මතක් කරන්න ඕනේ. එතකොට මගේ යාළුවෝ සහ මගේ ළඟින් හිටපු හැමෝවම මතක් කරනවා. නම් වශයෙන් කියන්න අමාරුයි. ඒ තරම් පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම මම ස්තූතියි කරනවා.

 

කැළුම් දේවින්ද

 

 2019-05-06-ent-123