මුහුණු පොතේ කවිකාරිය ශලනි තාරකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-16-ent-265

රූපවාහිනී තිරයට සුන්දර තාරකාවක් වූ ශලනි තාරකා යනු, වත්මනෙහි ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ සිටින කාර්යබහුලම ශිල්පිනියකි. අතිශය කාර්යබහුල වූ ශලනි බොහෝ දෙනා අතර මේ දිනවල කතා බහට ලක්ව සිටින්නේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ලිලන්ත කුමාරසිරිගේ ‘මුතුමලී’ නාට්‍යය නිසයි. එහි ‘මුතූ’ වූ ශලනි මේ තරමටම බිසී වුණේ ඇයි?

 

ශලනි අල්ලා ගන්නත් හරිම අමාරුයි? බොහෝම බිසී වගේ?

2017-03-16-ent-262එහෙම වුණාම නේද හොඳ?

 

ෆෝන් එකට කතා කළාට වැඩකුත් නැහැ නේද?

මම නොදන්නා නම්බර්ස්වලට ආන්සර් කරන්නේ නැහැ.

 

මොනවට ද මෙච්චරටම කාර්යබහුල වුණේ?

රඟපෑම නිසාම තමයි. මේ දිනවල මුතුමලී නාට්‍යයට හැර තව අලූත් නාට්‍යය දෙකක රූගත කිරීම්වලට දායක වෙනවා. තව නිර්මාණයක් අඩක් විතර ඉවර කරලා තියෙන්නේ. දැන් ඊළඟට ”කා” නිසා කාර්යබහුලයි.

 

ඔබ හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන ගියා නේද?

උපාධිය අරගෙන රස්සාවකුත් නොකර ඉන්නවාට වඩා රඟපෑමෙන් සෑහෙන දෙයක් කළොත් හොඳයි කියලා හිතුවා.

 

ඒ කියන්නේ උසස් අධ්‍යාපනය නැවැත්තුවා?

ඔව්.

 

දැන් අරමුණ?

ඉදිරි අනාගතය ගැන මහා ලොකුවට හිතන්නේ නැහැ. රංගනයට ඒමත් එක්ක ජීවිතයට ලැබුණු වටිනාකමට ගරු කරන්න ඕනෑ කියලා හිතුණා. ඒ නිසා හොඳ චරිත සමඟ ගමනක් යා යුතුයි කියලා විශ්වාස කරනවා. දැනට කරන දේ ඉතා උපරිමයෙන් කිරීම තමයි අරමුණ.

 

අවුරුදු කීපයකට පෙර මේ ක්ෂේත‍්‍රයට එද්දී මෙතරම් කාර්යබහුල වේවි කියලා හිතුවා ද?

එහෙම හිතෙන්නේ නැහැ නේද? ඒක ඕනෑම ක්ෂේත‍්‍රයක හැටි එහෙමයි.

 

එදා සිරස කුමරිය තරගයට ආවේ රඟපෑමේ අංශය හිතේ තියාගෙන ද?

ඇත්තම කිව්වොත් සිරිස කුමරිය ලෙස කිරුළ දිනුවාම, රඟපාන්නේ නම් නැහැ කියන ස්ථාවරයේ හිටියේ.

 

ඒ අදහස පසුව වෙනස් වුණේ?

සියලූ දෙනාගේම දැඩි ඉල්ලීම වුණා. ඒකට මුල සිරස ආයතනයයි. ලැබුණු අවස්ථාව මඟහැර යන්න එපා කියලා සිරස කිව්වා. ගෙදරිනුත් එහෙමම කිව්වා.

 

රඟපෑම තෝරා ගත් පසු ඔබ වෙතින් දකින හොඳම දේ?

දෙබස් අමතක නොවීම.

 

හොඳ කවිකාරියක් නේද?

 

ආ ඒක නවත්තලා නැහැ. තවම කවි ලියනවා.

 

කොහේ ද ඒවා පළ කරන්නේ?

දැනට ෆේස්බුක් එකේ තමයි.

 

මේ ළඟදී ලිව්වේ මොන වගේ තේමාවක් ගැන ද?

එක එක විදියෙ ඒවා තමයි. ආදරය විරහව තමයි ඉතින් වැඩිපුර. හැමෝම වගේ වැඩිපුර කවි ලියන්නේ ඒ ගැනනේ.

 

ආදරය නිසා විරහවට පත් වෙලා තියෙනවා ද?

එහෙම නැත්තං ඉතින් වැඩකුත් නැහැ නේ.

 

පළුදු වෙච්ච හිත යළි හදාගත්තේ කොහොම ද?

ඒ වෙලාවේ හැඬුවා. කාලය එක්ක හැඬුම් නැතුව ගියා. තමුන්ට අවශ්‍ය රාජකාරිවල නියැලී කාලය ගත වෙද්දී ඉතින් හිත හරි ගියා.

 

දැන් තවම විරහවෙ ද ඉන්නේ?

නැහැ. අද විරහවකුත් නෑ. ආදරයකුත් නෑ. අද මං නිදහස්ව සිටින කෙනෙක්.

 

ඒක ද නිදහස් අදහස් දක්වන්නේ?

අන්න ඒක නිසා තමයි.

 

හදාගත්ත හිත අවුල් කරන්න හදන නළුවෝ එහෙම නැද්ද?

කාලය එක්ක වයස එක්ක අත්දැකීම් ලබද්දී, දැන් බටර් ගාලා චාටු කතා කියලා අල්ලාගන්න බැහැ මාව.

 

ආදරයට විරාමයක්?

හරි කෙනා හම්බවුණොත් පටන් ගනීවි.

 

ඒ මොන වගේ කෙනෙක් ද?

බොරු කියන එවුන් මට පේන්න බැහැ. බොහෝම විවෘත කෙනෙක් වෙන්න ඕනෑ.

 

වැඩියෙන්ම සමීප ක්ෂේත‍්‍රයේ සිටින මිතුරන් එහෙම කවුද?

ඔක්කෝමලා වගේ හොඳ යාළුවෝ. භේදයක් නැහැ. දැන් මේ දිනවල මුතුමලී නාට්‍යයේ දසුන් ඞී. සිල්වා සහ සාරංග දිසාසේකර හරි හොඳ යාළුවෝ.

 

‘මුතුමලී’ මුතූ ගැන කිව්වොත්?

මං හරිම ආසා කරන තවත් චරිතයක්. මේ නාට්‍ය ඇත්තටම කොටසක් නෑර කම්මැලි නැතුව නරඹන්න පුළුවන් නාට්‍යයක්. ඒ වගේම තමයි ”කා” නාට්‍යයත්.

 

ඡායාරූප සහ සටහන - සඳුන් ගමගේ

 

 2017-03-16-ent-263 2017-03-16-ent-264