මුලින්ම මටත් මේක හුරු නැති ගතියක් දැනුණා
‘සල්සපුනා’,’පොඩි පත්තරකාරී’,’සිඳූ’ නාට්‍යයේ සුරංගනාවී ලෙසත්, මෑතකාලයේ මැලිබන් ‘සුමිහිරි පානේ’ වෙළෙඳ දැන්වීමෙන් අප අතරට පැමිණි ඇය නමින් මිෂෙල් දිල්හාරා වන්නීය. මේ දිනවල ජාතික රූපවාහිනි නාලිකාවේ විකාශය වන ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ යන වෙනස්ම ආකාරයේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයද ඇය හැඩ කරනු ලබන්නීය. තම රංගනයෙන් උපයන මුදල් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ අත්‍යවශ්‍යතා ඇති පාසල්වල යහපත වෙනුවෙනි. ඇයගේ මේ කාර්යයන් සහ තම නිර්මාණ පිළිබඳව කතාබහ කිරීමට ‘අද’ අප සමග ඇය මෙලෙස එක්අ වූවාය.
අලුත් වැඩ කටයුත්තකට දායක වුණා නේද?
ඔව්. මේ දවස්වල අලුත්ම දේ තමයි ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ කියන ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට දායක වෙනවා. ඒකේ වැඩකටයුතු මේ දවස්වල කරගෙන යනවා. මාර්තු 18 වැනිදා තමයි විකාශය වෙන්න පටන් ගත්තේ. සුනිල් කොස්තා මහත්මයා තමයි මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ. ඊට අමතරව අනෙකුත් ටෙලිනාට්‍යය සහ වැඩකටයුතු කිහිපයක් තියෙනවා.
වෙනත් නිර්මාණ සඳහා දායක වුණේ නැද්ද?
තවත් අලුත් නිර්මාණයක් එනවා. ඒක විකාශය වෙන්න තියෙනවා. ඊට අමතරව ‘වීක්එන්ඩ් විනෝදේ’ කියලා වැඩසටහනක් කරනවා. තව ‘හිරු’ නාලිකාවේ ‘අයිස්’ කියලා ටෙලිනාට්‍යයක් සඳහා දායක වුණා. ඒක විකාශය වෙන්න පටන් ගත්තේ නැහැ. ෆිල්ම්ස් දෙකක් පටන් ගන්නවා.
‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ කියන ටෙලිනාට්‍යය ගැන ගොඩ දෙනෙක් කතා බහකරනවා නේද?
ඔව්. මේ කතාව ගැන යූටියුබ් ජාලය ඔස්සේ හොඳ ප්‍රතිචාර දකින්න ලැබෙනවා. මොකද හැම එපිසෝඩ් එකක්ම යටින් තියෙන කමෙන්ට් බලද්දී අනිත් නාට්‍යයවලට වඩා වෙනසක් ප්‍රතිචාරයක් රසිකයන්ගෙන් දකින්න ලැබෙනවා. රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන නිසා මේක නරඹන්නේ වෙනමම ප්‍රේක්ෂකාගාරයක්. වැඩි දෙනෙක්ගේ මතයක් තමයි මේක මෙතෙක් බලපු ටෙලිනාට්‍යවලට වඩා වෙනස් රසයක් තියෙන ටෙලිනාට්‍යයක් බව. වෙනස්ම කතාවක් තියෙන, සමාජයේ ප්‍රශ්න ගැන කියැවෙන කතාංගයක් විදිහට තමයි ඔවුන් මේක දකින්නේ. නමත් එක්ක වෙනස් නිසා තමයි මේ ගැන සමාජ මාධ්‍ය ඔස්සේද කතාබහට ලක්වෙන්නේ. මෙහි අධ්‍යක්ෂකවරයා ගැන කිව්වොත් සුනිල් කොස්තා මහතා සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ ජනප්‍රිය වෙච්ච ටෙලි නාට්‍යය බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඊටත් වැඩිය මේ ටෙලිනාට්‍යය මගේ ජීවිතයට හැරවුම් ලක්ෂ්‍යයක් වගේ කියලා කියන්න පුළුවන්. මම මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට තමයි දායක වෙන්නේ. මට වැඩ කරන්න ලැබුණේ චාන්දනී සෙනෙවිරත්න, උමයංගනා අක්කා, ආනන්ද කුමාරඋන්නැහේ සහ ලක්ෂ්මන් මහතා වැනි සම්මාන පිට සම්මාන ගත් පිරිසක් එක්ක තමයි මෙහි රංගනයෙන් දායක වෙන්නේ. ඒක මට ලොකු භාග්‍යයක්. මේක මෙගා ටෙලිනාට්‍යයක් නෙමෙයි. ඉතින් වෙනසක් තියෙන කතාවක් තමයි මෙහි තියෙන්නේ. මේක විකාශය වෙන්නේ රූපවාහිනි නාලිකාවේ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 9.00ට.
මේ ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය මොකක්ද?
මම කරන්නේ අයෝමාගේ චරිතය. මෙහි කතා තේමාව වෙන්නේ අම්මා කෙනෙකුයි, දුවයි තාත්තාව හොයන් යන ගමනක් ගැනයි. මම තමයි දුවට රංගනයෙන් දායක වෙන්නේ. අම්මට ඉන්නේ උමයංගනා අක්කා. ඒ දෙන්නා තාත්තාව හොයාගෙන යන දුෂ්කර ගමන ඔස්සේයි කතාව නිර්මාණය වෙන්නේ. මගේ වෙනත් චරිතවලට වඩා හාත්පසින්ම වෙනත් රංගන ශෛලියක් තමයි මෙහි තියෙන්නේ. මුලින්ම මටත් මේක හුරු නැති ගතියක් දැනුණා.
චිත්‍රපට සඳහා දායක වෙන්නේ මෑතකදී නේද?
ඔව්. මම සිනමාවට ආවේ මෑතකදී. ඒ ‘රෙවලූෂන්’ සහ’බැක්ටූ ස්කූල්’ කියන චිත්‍රපටවලින්. මේ දෙක සඳහා තමයි මම දායක වෙන්නේ. මේ සඳහා මම දායකවෙන්න කලින් සිනමාව පිළිබඳව දැනගෙන ඉන්න ඕනා කියලා හිතුණා. මොකද ටෙලිනාට්‍යය කියන්නේ වෙනත් විෂයක්. සිනමාව කියන්නේ තවත් විෂයක්. ඒක ගැන හදාරලා යන්න ඕනේ කියලා හිතුවා. ඒ කාල සීමාව තුළ ඒක හදාරමින් තමයි නිර්මාණ සඳහා දායක වුණේ. නමුත් ඊට කලින් ආරාධනා කිහිපයක් ලැබුණා. ඒ අතරින් තෝර ගත්ත එකක් තමයි මේ චිත්‍රපට දෙක.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
මගේ වෘත්තීයෙන් මං කරන රංගනයෙන් උපරිමයටම යන්න ලැබෙන්න කියලයි. ඉතින් හොඳ චරිත, සමාජයට ආදර්ශමත් චරිත තෝරලා බේරලා සමාජයට පණිවුඩයක් දෙන්න චරිත තෝරාගෙන කරන්න තමයි බලාපොරොත්තුව. මම විශ්වාස කරනවා අයෝමා කියන චරිතයත් සමාජයේ ගෑණු ළමයි ප්‍රශ්න ගැන කතාකරන චරිතයක් වෙයි කියලා. ටෙලිනාට්‍යය හෝ චිත්‍රපට චරිත වේවා සාර්ථකව ඉස්සරහට කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉගෙනීම් කටයුතු කරගෙන යනවා. බාහිර උපාධියක් සහ ඩිප්ලෝමාවක් කරගෙන යනවා. ඊට අමතරව රජරට විශ්ව විද්‍යාලයත් එක්ක මම මුල් ළමාවිය සංවර්ධනය ගැන ව්‍යාපෘතියක් කරගෙන යනවා. සමාජ සේවා පැත්තත් සමබරව කරගෙන යන්න උපරිමයෙන්ම උත්සාහ කරනවා. ඒකයි බලාපොරොත්තුව.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවිත් මිලින්ද