මුලදි ගත්තු ෆොටෝ දැකලා ගෙදරින් එක එක දේවල් කිව්වා
දිනුෂා... නිරූපණ ක්ෂේත්‍රයට යොමුවුණේ කොහොමද?
මම O/L විභාගයෙන් පස්සේ නිරූපණ ක්ෂේත්‍රයට යොමුවුණේ.
ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම දිනූෂා නිරූපණ ක්ෂේත්‍රයට කැමතියි?
ඔව්... පුංචි කාලේ ඉඳන් මම නිරූපණයට කැමතියි. ලස්සනට ඇඳලා නිරූපණ ශිල්පීන් ලස්සනට ඇවිදින විදිහ දිහා එහෙම ටී.වී එකේ යද්දී මම බලාගෙන ඉන්නවා. කවාදාහරි දවසක එහෙම නිරූපණ ක්ෂේත්‍රයට එකතු වෙන්න මගේ පුංචි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා.
දිනූෂා ඉගෙනගත්ත පාසැල මොකද්ද?
මම පදිංචි වෙලා ඉන්නේ නුගේගොඩ. ඉගෙන ගත්තේ කොළඹ විහාර මහා දේවී බාලිකාවේ. පාසැලේදී මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. වේදිකා නාට්‍යවල රඟපෑවා. විෂයක් විදිහට නර්තනය හැදෑරැවා. ඉස්කෝලේ යන කාලේදී මියුසික් එහෙමත් කළා.
අද වෙනකොට දිනූෂා වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක්ද?
නෑ... මම හිතන්නේ මම වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක් නෙමේ. මම මගේම සැලෝන් එකක් කරනවා. ඒ සැලෝන් එක තියෙන්නේ පරණ කොට්ටාව පාරේ. ඒ අතරතුරේදී මොකක්හරි Photo shoot එකක් වගේ දෙයක් තිබුණොත් ඒකටත් සහභාගී වෙනවා. හැබැයි මම වැඩිපුරම කැමති රූපලාවන්‍ය කටයුතුවලටයි.
දිනූෂා නිරූපණ ශිල්පිනියක් වෙද්දී ගෙදරින් ලැබුණ සහයෝගය කොහොමද?
මුලදීනම් අඳින ඇඳුම් එක්ක ගෙදරින් පොඩ්ඩක් අකමැති වුණා. සමාජයත් කියන කතා එක්ක යවන්න අකමැති වුණා. මුලදි ගත්තු ෆොටෝ දැකලා ගෙදරින් එක එක දේවල් කිව්වා. හැබැයි ටික කාලයක් යද්දී එයාලට තේරැණා මේක එහෙම නරක ක්ෂේත්‍රයක් නෙමෙයි කියලා. අද මගේ ගෙදරින් කිසිම අකමැත්තක් නෑ. මගේ වැඩවලට අද ගෙදර අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
නිරූපණ ශිල්පිනියන්ට කොටට ඇඳීම, ඇඟ පෙන්වා ඇඳීම සාමාන්‍ය දෙයක්. දිනූෂාටත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි?
මම කොටට අඳිනවා. ඒක මට ප්‍රශ්නයක් නෑ. ලංකාවේදී නිරූපණ ක්ෂේත්‍රයේ නියැලුණු ශිල්පිනියන් දිහා බලන විදිහ වැරදියි. ඒත් පිටරටවල්වල එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මට පෙම්වතෙක් ඉන්නවා. එයාත් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ ඩාන‍්සින් කරන කෙනෙක්. ඉතින් මගේ හැම දේකදීම එයා ළඟින් ඉන්නවා. ඒ නිසා ප්‍රශ්නයක් නෑ.
ඔහුගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
එයාත් මේ ක්ෂේත්‍රයේ නිසා මගේ වැඩවලට පහසුයි. Fashion වලට එයාගේ සීමාවල් නෑ. මගේ ඇඳුම් ගැන එයාට අවබෝධයක් තියෙනවා. සමහර ඇඳුම් තෝරලා දෙන්නෙත් එයා. සමහරැ කියන දෙයක් තමයි නිරූපණ ක්ෂේත්‍රයේ අය ක්ලබ් යනවා කියලා. මට යාළුවෝ හම්බවෙන්න එහෙම යන්න මගේ පෙම්වතා ඉඩ දීලා තියෙන්නේ. එ්කේ කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මගේ පෙම්වතා පාටි යන්නේ නෑ. ඩ්‍රින්ක්ස් ගන්නේ නෑ. ඉතින්... මටත් එහෙම යන්න ඕනකමක් නෑ.
රඟපාන්න ආරාධනා ලැබිලා නැද්ද?
රඟපාන්න කතාකරලා තියෙනවා. ඒත් මම රඟපාන්න ආස නෑ. ඒ නිසා මම ඒ ගැන වැඩිය හිතුවේ නෑ.
මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තුව?
මම ආසයි Miss Sri Lankan තරගාවලියට සහභාගී වෙන්න. හැම අවුරැද්දෙම ඒකට උත්සාහ ගන්න හිතුවට මට මගේ කොණ්ඩේ අඩුකම නිසා ඒක පස්සට ගියා. දැන් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මේ පාර ඒ උත්සාහයත් ගන්න මම ආසයි.
Text -Dishani / Pic- Malaka Weligodapola