මුදල්වලට වඩා මගේ ආත්ම ගරුත්වය මට වටිනවා.
රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයකට දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද ‘සාරවිට’ තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට අමතරව රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන්නට කැමැත්තෙන් සිටින ඇය සිය අලුත්ම තොරතුරු අපිට මෙසේ පැවසුවෙමු.
නිරූපණයට නම් තවමත් මම ආධුනිකයෙක්. ආවේ ‘හිරු’ රූපවාහිනි නාලිකාව හරහා.
දැනට දායක වෙලා තියෙන කලා නිර්මාණ?
වැඩිපුරම දායක වෙලා තියෙන්නේ රූපවාහිනි වෙළෙඳ දැන්විම්වලට. දැන්විම් අටක් විතර මම දැනට කරලා තියෙන්නේ. ඊට අමතරව මියුසික් විඩියෝවකටත් මම දායක වෙලා තියෙනවා.
ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
තවමත් මම වෘත්තිය මට්ටමේ නිරූපිකාවක් නෙවෙයි. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රය ගැන මට ලොකුවට දෙයක් කියන්න බැහැ තවමත්.
නිරූපිකාවක් නොවුණා නම්?
ගුවන් සේවිකාවක් වෙනවා. ඒක තමයි තේරේන කාලේ ඉඳලා මගේ තිබුණ ලොකුම හීනය. නමුත්, අහම්බෙන් මට මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න අවස්ථාව ලැබුණා. අද මම සතුටු වෙනවා මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න ලැබුණ එක ගැන.
තරුණියකට නිරූපණය වෘත්තිය හොඳද?
මෙහෙමයි. එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ අයගේ මතය අනුව තමයි හොඳද නරකද කියලා මේ ක්ෂේත්‍රය තිරණය වෙන්නේ. ඇත්තටම මට නම් ගැටළුවක් නැහැ. මේ ක්ෂේත්‍රයට තරුණියකට හොඳයි කියලා හිතනවා.
වැඩක් භාරගනිද්දි තෝරා බේරා ගැනීමක් කරනවාද?
ඔව්, තෝරා ගැනීමක් සිදු කරනවා. ලැබෙන හැම දෙයක්ම භාර ගන්නේ නැහැ. මට ගැළපෙන හා මම කැමැති කලා නිර්මාණවලට පමණයි මම දායක වෙන්නේ.
විශාල මුදලක් ගෙවන අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණයකට ඔබට ආරාධනා කරනවා?
ඒ නිර්මාණය මම ප්‍රතික්ෂේප කරනවා. මම කලින් සඳහන් කළා වගේ මම හැම නිර්මාණයක්ම භාර ගන්නේ නැහැ. මුදල්වලට වඩා මගේ ආත්ම ගරුත්වය මට වටිනවා.
පවුලේ අය කැමතිද ඔබ නිරූපිකාවක් වුණාට
මම කලින් කිව්වා වගේ මම තාම නිරූපිකාවක් විදිහට ලොකුවට වැඩ කරන්නේ නැහැ. ගෙදරින් එහෙම ලොකු බලපෑමක් නැහැ මට. මොකද ඒ අය දන්නවා මම වැරදි දෙයක් කරන්නේ නැහැ කියලා.
උදව් කරපු අය ඉන්නවාද?
ඔව්, මගේ අම්මා, තාත්තා දෙන්නා. මගේ අක්කාව විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. නිපුන පිටිගල අයියා හා එයාගේ බිරිඳ ශාහිකා පිටිගල දෙන්නාව. තව මගේ යාළුවෝ. නම් වශයෙන් කියන්න බැරිවුණත් ගොඩක් අය මට උදව් කළා.
බුද්ධික සේනාධීර