මිනිසුන්ගේ දුකේදී, සංවේදීම ගැහැණිය මම වෙන්න ඇති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-04-ent-12

වෛද්‍යවරියක බොහෝ විට සීමා වන්නේ තමුන්ගේ රාජකාරිය සඳහා පමණි. නමුත් මේ හැඩකාර දොස්තර නෝනා තම වෘත්තිය සියයට සීයක්ම අවංකව කරන අතර, ලැබෙන විවේකීය වේලාව බොහෝ අංශ වෙනුවෙන් වැය කරන්නීය. ඊට අමතරව සමාජ සත්කාරක කටයුතුවල ද නිරත වන ඇය තවත් බොහෝ දේ වෙනුවෙන් දක්‍ෂ වූ චරිතය වන්නීය. පසුගියදා ඇය ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ, 2018 බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය ලෝක රූ රැුජින තරගය නියෝජනය සඳහා වරම් ලැබීමත් සමඟය. ඇයගේ හැකියාවන් සහ දක්‍ෂතාවයන් උරගා බලා සජීවී රූප රාමු හරහා ඇයට ඒ සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව හිමිවිණි. ඒ අනුව එළැඹෙන සැප්තැම්බරයේදී ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර පැවැත්වෙන මෙම රූ රැුජිණ තරගය සඳහා ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරන්නීය. මෙලෙසින් හැඩකාර බවට එහා ගිය නුවණක්කාර සහ දක්‍ෂතාවලින් පිරිපුන් මේ දොස්තර නෝනා කවුද?

 

සම්පූර්ණ නම කිව්වොත්?2018-07-04-ent-15

නුවන්ධිකා ලක්මාලි වික‍්‍රමරත්න සිරිවර්ධන. ‘නුවන්ධිකා’ කියලා තමයි හැමෝම අමතන්නේ.

 

‘නුවන්ධිකා’ කියන්නෙ?

නුවණට අධිපති වගේ කියන තේරුම් ඇති.

 

ඒ නාමය ඔබ අරුත්බර කළා කියලා හිතනවාද?

බොහෝදුරට.

 

ගම්පළාත කොහේද?

හම්බන්තොට දිස්ත‍්‍රික්කයට අයත්, බෙලිඅත්ත.

 

පාසල?

පාසල් කීපයකටම ගියා. ගමේ වගේම, මාතලේ විද්‍යා විද්‍යාලයටත් ඇතුළු පාසල් කීපයකටම ගියා.

 

ඉන්පසුව?

පේරාදෙණිය වෛද්‍යපීඨයට තේරුණා. පසුව සහකාර කථිකාචාර්යවරියක ලෙසත් එහි ව්‍යාධවේදී අංශයේ කටයුතු කළා. සීමාවාසික පුහුණුවේදී මුලින්ම කටයුතු කළේ මාතලේ දිස්ත‍්‍රික් රෝහලේයි. ඉන්පසු පළමු දුෂ්කර පත්වීම ලෙස මහියංගණයට ගිහින් සේවය කළා. දෙවැනි පත්වීම ලෙස 2015 සිට නවගමුව ප‍්‍රාදේශීය රෝහලේ කටයුතු කරනවා.

 

පවුලේ විස්තර කිව්වොත්?

අම්මා ගෘහණියක්, තාත්තා ව්‍යාපාර කටයුතුවල නිරතයි. එකම අයියා මීට වසර දහයකට පෙරදී රිය අනතුරකින් මියගියා. මගේ එකම නංගි මැලේසියාවේ සිට නීතිය සම්බන්ධව උසස් අධ්‍යාපනයේ නිරතව සිටිනවා.

 

සමාජය ඔබ ගැන කතා වන්නේ?

වෛද්‍යවරියක ලෙස තමයි. ඒත් මම මාව දකින්නේ සමාජ සේවිකාවක ලෙසයි. නොමිලේ වෛද්‍ය සායන පවත්වමින්, බොහෝ විට කටයුතු කරන අතර, හැකි විදියට තවත් බොහෝ සමාජ කටයුතුවල යෙදෙනවා. හැබැයි ඒවා බෝඞ් ගහගෙන ප‍්‍රසිද්ධිය තකා කරන ඒවා නෙවෙයි. මේ සියල්ලට අමතරව පිළිකාවලින් පීඩා විඳින අයගේ සහ ඔවුනගේ පවුල්වල සුබසාධනය සඳහා පදනමක් තැනීමටත් මේ දිනවල කටයුතු සම්පාදනය කරගෙන යනවා.

 

මේ විදියට දවස කැපකරන ඔබ සිංදු කියන්න ආවේ කොහොමද?

වෛද්‍යවරියක ලෙස කටයුතු කරන්න පටන් ගත්තාම සමහර දිනවල රාත‍්‍රී සේවය කිරීම අනිවාර්යයි. මුළු රැුය නිදිවරා සිටින කාලයේදී රෝගීන්ගේ කටයුතු සොයා බැලීමෙන් අනතුරුව කවියක්, කතාවක් ලිවීම මගේ පුරුද්දක් වුණා. පසුව ගීත ලිවීම, නවකතා, කෙටිකතා ලිවීමටත් නිසදැස් වගේම, වෙනත් මාතෘකා අලලා ලිවීමටත් පුරුද්දක් කර ගත්තා. මේ අතරවාරයේදී මා ලියූ ගීත රචනා තුනක්ම මා විසින්ම ගායනා කළා. ඒ වෙනුවෙන් රූප රචනයට රංගනයෙනුත් දායක වුණා.

සංසාරේ බැඳි ආත්මයේ, පෙරුම්පුරා එන මේ සසරේ, ලතැවෙනා කඳුළේ ඒ ගීත නිර්මාණයි. දැන් මෙම ගීත එෆ්.එම්. නාලිකා ඔස්සේ වගේම යූටියුබය හරහා නරඹා රසවිඳින්න පුළුවනි.

 

ගායනයට අමතරව වයන්නත් පුළුවනි නේද?

ගැයුම වැයුම පාසල් කාලයේ සිටම සහජයෙන් උරුමකරගත් දක්‍ෂතාවයක්. මම එය ටික ටික ප‍්‍රගුණ කර ගත්තා.

සා/පෙළට සංගීතය විෂය තෝරාගෙන තිබුණෙ. මොන විෂය ගැන හැදෑරුවත් ඒ පිළිබඳව පොතපත කෙළවර දක්වාම කියවීම මගේ පුරුද්දක්. පාසල් තූර්යවාදක කණ්ඩායමේ හිටියා. ඒ වගේම බටහිර නර්තනයත් ප‍්‍රගුණ කළා. වයලීනය වැයීමත් ඒ දවස්වල පුරුද්දක් කරගෙන හිටියා.

 

හොඳ ගණන්කාරියක කියලත් ආරංචියි?

ගණිත විෂයයට මම බොහෝ දක්‍ෂ වුණා. මුලින්ම ආසාව තිබුණෙ ගණිතඥයකු වීමටයි. සා.පෙළ ගණිත විෂයයට පාසලේදී 98, 99, 100 වගේ තමයි දිගටම ලකුණු ගත්තෙ. භෞතික විද්‍යා විෂයයටත් උසස් පෙළ කරද්දී බොහෝ දක්‍ෂ වුණා. ඒ ගැන විටෙක ගුරුවරු පවා පුදුම වී මට ප‍්‍රසංසා කළා.

 

ඒ අතර රූ රැුජින සඳහා හිත ගියේ?

නිරූපණයටත් මම ආසා කළා. ඒ වගේම උනන්දු වුණා. රූපලාවන්‍යයත් මගේ පි‍්‍රයකරන විෂයක්. ලස්සනට අඳින්න පළඳින්නත් ආසයි. ජාත්‍යන්තර නිරූපන අංශයක මම සාමාජිකාවක ලෙසත් කටයුතු කරනවා. මේ සියලූ දේ නිසා තමයි බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය ලෝක රූ රැුජින 2018 සඳහා නියෝජනයට අවස්ථාව ලැබුණේ.

 

ඇත්තටම ඔබට බැරි මොනවද?

වාහනය කැඩුණොත් ඒක හදාගන්න පවා මට පුළුවනි. උයන පිහන එක පවා මම අපේ අම්මාගෙන් හොඳට ඉගෙන ගත්තා. මම හිතන්නේ අපි හිතුවොත් අපට බැරි දෙයක් නැහැ.

 

මේ විදියට ඉදිරිපත්වීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ?

මේ වෛද්‍ය වෘත්තියේදී, මිනිස්සු දුක් විඳින හැටි, විඳවන හැටි, මැරෙන හැටි දකින්න ලැබෙනවා. ඇත්තටම මිනිස්සුන්ගේ දුකේදී, එය දරාගන්න බැරි සංවේදීම ගැහැණිය මම වෙන්න ඇති. වෛද්‍ය වෘත්තිය හරිම සංවේදියි. වෙලාවකට ඒ නිසා ලොකු පීඩනයක් ලබන්නෙ. මේ විදියට මම ආසා කරන බොහෝ දේ වෙනුවෙන් දායක වීමෙන්, ඒ පීඩනය නැතිකර ගන්න පුළුවනි. ඒ නිසාම වෙලාවකට මම යකඩ ගැහැණියක් වගේ බොහෝ දේ වෙනුවෙන් දායක වී වෙහෙස නොබලා කටයුතු කරනවා.

 

මේ සියල්ලට අමතරව ‘වෝටර්ස් ඒජ්’ ආයතනයේ අධ්‍යක්‍ෂිකාවක් ලෙසත් කටයුතු කරනවා. නේද?

ඔව්. මේ ගමන මම තනිවම ආ ගමනක් නෙවෙයි. ගුරුවරු, මව්පියන්, ඒ වගේම කිසිම භේදයක් නැතුව උදව් කළ බොහෝ දෙනාගේ දිරිය මත ආ ගමනක්.

 

ආදරය විරහව ගැන ගී ගයන ඔබගෙ පුද්ගලික ජීවිතය ගැනත් කිව්වොත්?

විරහව වගේම ආදරය දෙකම මම විඳලා තියෙනවා. නමුත් ජීවිතය වරද්දවා ගත්ත කෙනෙක් නෙවෙයි.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

 

 2018-07-04-ent-13 2018-07-04-ent-14

2018-07-04-ent-16