මිනිස්සු මා ගැන කතා කරන්නේ මට තියෙන කැමැත්ත නිසානේ
සමීර වක්වැල්ල අධ්‍යක්ෂණය කළ ‘හෝන්’ චිත්‍රපටය හරහා නෝබෝ දිනකින් නැවතත් ටීනා ෂනාල් ප්‍රේක්ෂක ඔබට සිනමා තිරය තුළින් දැක ගත හැකිය. නිරූපිකාවක් මෙන්ම මේ වන විට ටෙලි හා සිනමා නිළියක් ලෙසද ජනප්‍රියව සිටින ටීනා, මේ වසරේදී තවත් සිනමා නිර්මාණය කිහිපයකින්ද ප්‍රේක්ෂක ඔබට සමීප වීමට සූදානමින් සිටියි. ‘සාරවිට’ කතා බහ දිගහැරෙන්නේ ඇය සමගයි.
ඔබ රංගනයෙන් දායක වන තවත් චිත්‍රපටයක් නොබෝ දිනකින් ප්‍රදර්ශය වෙනවා?
ඔව්. සමීර වක්වැල්ල කියන තරුණ අධ්යක්ෂවරයා අධ්‍යක්ෂණය කළ ‘හෝන්’ චිත්‍රපටය හරහා තමයි මාව මීළඟට ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නේ. දැනට දැනගන්න ලැබුණ විදිහට මේ චිත්‍රපටය එළඹෙන පෙබරවාරි මාසයේදී ප්‍රදර්ශනය වෙනවා. මේ චිත්‍රපටය අද්භූත චිත්‍රපටයක්. මම රඟපාන්නේ තරුණ විවාහක කාන්තාවක් වූ ‘එමා’ කියන චරිතය.
මේ චිත්‍රපටයෙත්, ටීනා බටහිර විදිහට හැඩගැහුණු තරුණියක් විදිහටයි රඟපාන්නේ. එකම චරිතයට කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
ඇත්තටම, මටත් එහෙම හිතෙනවා. නමුත්, ටීනාව ඒ රාමුවෙන් එළියට ගන්න ඕනා අධ්යක්ෂවරු. මාත් කැමැතියි බටහිර පාන්නයට හැදුණ තරුණියකගේ චරිතවලින් එළියට එන්න. ඒ ඇවිල්ලා ගැමි චරිතයක්, රාජකුමාරියකගේ චරිතයක් කරන්න. බලමු ඉදිරියේදී ඒ වගේ චරිතයක් කරන්න මට අවස්ථාවක් ලැබෙයිද කියලා.
‘හෝන්’ වලින් පස්සේ ටීනාව අපිට දකින්න ලැබෙන්නේ?
‘හෝන්’ කියන්නේ මගේ තුන්වැනි චිත්‍රපටය. ඊට කලින්, ‘දේදුණු ආකාසේ’ හා ‘ගෝරි’ කියන චිත්‍රපට තුළින් මාව සිනමාවේදී දකින්න ලැබුණා. තවත් චිත්‍රපට දෙකක වැඩ ඉවර කරලා තියෙනවා. බොහෝ විට ඒ චිත්‍රපට දෙකත් මේ වසරේදීම ප්‍රදර්ශනය වේවි කියලා හිතනවා. ඊට අමතරව ටෙලි නාට්‍ය කිහිපයකටත් මම දායක වුණා. ඒවාත් ඉදිරියේදී විකාශය වේවි.
නිරූපණ ක්ෂේත්රය තුළ වගේම රංගන ක්ෂේත්රය තුළත් ඔබ නමක් හදාගෙන තියෙනවාද?
ඒක තීරණය වෙන්නේ ප්‍රේක්ෂකයා තුළ මට තියෙන කැමැත්ත මත. මිනිස්සු මා ගැන කතා කරන්නේ මට තියෙන කැමැත්ත නිසානේ. ඒ හින්දා මම හිතනවා ටීනා කියන නම දැන් බොහෝ දෙනෙක්ට හුරු වෙලා කියලා.
මේ හැම දෙයකටම හැදෑරීම කියන දේ අත්‍යවශ්‍යයි නේද?
ඇත්තටම ඔව්. නිරූපණ ක්ෂේත්රයට මම ආවෙත් හැදෑරීම් කරලා. රංගනයට මම ආවේ හැදෑරීමකින් තොරව වුණත් මම දැනටත් ඒ ගැන ඉගෙන ගන්නවා. ඕනෑම ක්ෂේත්රයක වැඩ කරන්න හැදෑරිම කියන දේ අවශ්‍යයි. මම අදටත් රංගනය ගැන ඉගෙන ගන්නවා. මගේ තියෙන අඩුපාඩු හදාගෙන දක්ෂ නිළියක් වෙන්න තමයි මගේ ඉලක්කය.
දායක වුණ නිර්මාණ තුළ ඔබේ රංගන හැකියාවන් ගැන තෘප්තිමත්ද?
ඇත්තටම, තෘප්තිමත් වෙන්න පුළුවන්. ප්‍රියන්ත කොළඹගේ අයියා අධ්‍යක්ෂණය කළ ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ හා ඔහු විසින්ම අධ්‍යක්ෂණය කළ ‘සකුගේ කතාව’ ටෙලි නාට්‍යය තුළ මා ඉදිරිපත් කළ රංගනයන් අදටත් බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ හරහා ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතෙනවා මම මගේ චරිතයට හොඳ සාධාරණයක් කරලා තියෙනවා කියලා.
බුද්ධික සේනාධීර