මිනිස්සු බලන්නේ මඩ ගහන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-21-ent-69

ඕෂදී හිමාෂා කියන්නේ පසුගිය දවස්වල බොහෝ කතාබහට ලක්වූ නිරූපිකාවක්. ඒ 'ආශාවරී' ගීතය නිසාවෙනි. එම ගීතය හේතුවෙන් ඇයට හොඳ ප්‍රතිචාර මෙන්ම නරක ප්‍රතිචාරද නොලැබුණාම නොවෙයි. කෙසේ වුවත් අප රට ජාත්‍යන්තරයට රැගෙන ගිය ඇය මෙවර 'සාරවිට' තරු කතාබහට එක් විය.

 

මේ දවස්වල මොකද වෙන්නේ?

2017-03-21-ent-68මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මොකද පසුගිය දවස්වල මියුසික් වීඩියෝ විශාල ප්‍රමාණයකට දායක වුණා. සුපුරුදු පරිදි මගේ නිරූපණ වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ දවස්වල චිත්‍රපට හඬකැවීමේ වැඩකටයුතු කරගෙන යනවා.

 

ඒ කියන්නේ දැන් ඔබ හඬකැවීම් ශිල්පිනියක්ද?

නැහැ. ඒ මම දායක වූ චිත්‍රපටයක්. රංගන ක්ෂේත්‍රයට මම ගොඩක් අලුත්. මම රංගනයට එකතු වෙන්නේ උදයකාන්ත වර්ණකුලසූරිය මහත්මයාගේ නවතම චිත්‍රපටය වන %වස්සානයේ සඳ^ චිත්‍රපටයෙන්. ඒක තමයි මගේ පළමුවැනි චිත්‍රපටය. ඊට පසුව මම හර්ෂ උඩකන්දගේ %ෆේස් ටු ෆේස්^ කියන චිත්‍රපටයට දායක වුණා. ඒ චිත්‍රපට දෙකේම වැඩකටයුතු ඉවරයි. දැන් ඒ චිත්‍රපට ප්‍රදර්ශනය වෙනකම් බලාගෙන ඉන්නවා.

 

චිත්‍රපට දෙකෙහි චරිත පිළිබඳව කතා කළොත්?

චිත්‍රපට දෙකේ චරිත දෙක වෙනස්. නමුත් හාත්පසින්ම වෙනස් චරිත දෙකක් නෙවෙයි. එකක මම කරන්නේ ටිකක් නවීන පන්නයේ චරිතයක්. උදයකාන්ත අයියගේ චිත්‍රපටයේ මගේ චරිතයට අවශ්‍ය පටිගතකිරීම් තිබුණේ ඔස්ට්‍රේලියාවේ. ඒක ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ලංකාවේ තරුණියකගේ චරිතයක්. අනිත් චරිතය ගැන කතා කළොත් එය සුපුරුදු පරිදි මියුසික් වීඩියෝවල දකින්න ලැබෙන චරිතයම තමයි. ගොඩක් කපටි චරිතයක්.

 

නිරූපිකාවක් වන ඔබ රංගනයට පිවිසෙද්දී එය අභියෝගයක් වුණේ නැද්ද?

අපිට නිරූපණ ක්ෂේත්‍ර‘යෙත් ගොඩක් අභියෝග ලැබෙනවා. රංගන ක්ෂේත්‍රය තුළත් එය එසේමයි. ඒ දෙකම ගැන කතා කළොත් නිරූපණ ක්ෂේත්‍රයට වඩා රංගන ක්ෂේත්‍ර‘යේ ඉගෙන ගන්න දේවල් වැඩියි. ඒ වගේම අත්හදාබැලීම් වැඩියි. නිරූපණය කියන්නේ අපිට යම්කිසි පුද්ගලයෙකුගේ දෙයක් නිරූපණය කිරීම පමණයි. රංගන ක්ෂේත්‍රයේ ඊට වඩා දේවල් තියෙනවා. රංගනය, දෙබස් උච්චාරණය, හඬකැවීම වගේ හැමදෙයක්ම අපි රංගනයේදී දියුණු කරගන්න ඕන. නිරූපණයට වඩා රංගනයේ යෙදීම ටිකක් අමාරුයි. එහෙම බලද්දි රංගනය අභියෝගයක් වුණා.

 

නිරූපණයේ හා රංගනයේ නියැළෙද්දි ජීවිතයේ කැපකිරීම් කරන්න වෙලා නැද්ද?

මම දකින විදියට අපි ඕනෑම දෙයකදී කැපකිරීම කියන දේ කරන්න ඕන. කැපකිරීම් කරන තරමට තමා අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. රංගනය, නිරූපණය විතරක් නෙවේ, අපි යම්කිසි රැකියාවක් හෝ වෙනත් දෙයක් කරද්දී වුණත් යම්කිසි කැපකිරීමක් තියෙනවා නම් එහි ප්‍රතිඵල අනිවාර්යෙන් තියෙනවා. මම ආපු ගමන ගැන කතා කළොත් මම ගොඩක් කැපකිරීම් කළා. අද මම තැනක ඉන්නවා නම් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණ කෙනෙක්. මොකද මම මෙතනට අහසින් කඩා වැටුණා වගේ එකපාරට ආව කෙනෙක් නෙවෙයි. මගේ ගමන පොඩි තැනින් පටන් අරගෙන තමයි ආවේ. මම කියන්නේ කැපකිරීම කියන දේ අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒ දේ නැත්නම් අපිට ඉස්සරහට යන්න අමාරුයි.

 

සමාජ වෙබ් අඩවිවල විවිධ පුවත් මැවෙනවා. මෙහි ගත යුත්තක් තිබෙනවාද? ඔබ මේ පිළිබඳව දරන්නේ මොන වගේ අදහසක්ද?

ඒ ගැන කතා කළොත් එහි එක පැත්තකින් හොඳක් තියෙනවා. එක පැත්තකින් නරකක් තියෙනවා. අද ගත්තොත් ගොඩක්ම සමාජ ජාල වෙබ් අඩවි, ගොසිප් භාවිත වෙන්නෙ කලාකරුවන්ට හෝ වෙනත් අයට මඩ ගහන්න. සමහර දේවල්වල ඇත්ත නැත්ත දන්නෙත් නැතිව ගොසිප්වලින් මඩ ගහනවා. 75෴ මම දකින්නේ මිනිස්සු බලන්නේ මඩ ගහන්න.

 

සමාජයේ තියෙන දේවල් එක්ක නිරූපණයට තියෙන තැන මොන වගේද?

නිරූපණ ක්ෂේත්‍රයට ලංකාවේ තියෙන තැන ගොඩක් අඩුයි. නිරූපණ ශිල්පියෙක් ශිල්පිනියක් දිහා ලංකාවේ මිනිස්සු බලන විදිය ගොඩක් වෙනස්. ගොඩක් නරක පැත්තට තමයි මිනිස්සු බලන්නේ. අපේ ක්ෂේත්‍රය පිළිබඳව සම්බන්ධතා තියෙන කෙනෙක් දන්නවා අපේ ක්ෂේත්‍රය කොහොමද කියන එක. මේ ක්ෂේත්‍ර‘යේ හොඳ පැත්තෙන් වගේම නරක පැත්තෙනුත් ඉදිරියට යන්න පුළුවන්.

 

ඔබ දායක වූ ගීතවලින් වැඩම ප්‍රතිචාරය තියෙන්නේ කුමන ගීතයටද?

මම සෑහෙන මියුසික් වීඩියෝ ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. ඒ අතරින් වැඩිපුරම ජනප්‍රිය වුණේ මේ දවස්වල ප්‍රචාරය වන %ආශාවරී^ ගීතය.

 

ඒත් සමගම ක්ෂේත්‍රය තුළ හා සමාජය තුළ ලැබුණ ප්‍රතිචාර මොන වගේද‍?

මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 5ක් පමණ වෙනවා. යම්තාක් දුරකට මම ක්ෂේත්‍ර‘යේ තැනක් ලබාගෙන තිබුණා. ආශාවරී ගීතයෙන් පසු මම හදාගෙන තිබුන තැන තවත් ඉහළට ගියා. කලින් හිටියට වඩා දැන් මම ගොඩක් කාර්යබහුල වෙලා තියෙනවා.

 

මිනිස්සු කොච්චර දේවල් කිව්වත් මේ ගීතය නිසා ඔබට ලැබුණ දේවල් වැඩියි?

මිනිස්සු මඩ ගැහුවා, ගොඩක් දේවල් කිව්වා. සමහර අය බැන්නා, සමහර අය හොඳයි කිව්වා. තවත් අය උපදෙස් දුන්නා. මම ඒ හැමදෙයක්ම පිළිගත්තා. මොකද අපි දෙයක් කරන්නේ මිනිස්සුන්ට අඩුපාඩු කියන්න. හොඳ නරක කියන්න. ඉතිං අපි ඒ හොඳ හා නරක දෙකම භාරගන්න ඕන. ඒ දේ දරාගන්න බැරිනම් අපි කරන දෙයින් තේරුමක් නැහැ. එයින් මගේ චරිතය තවත් ඉහළ යාමක් පමණයි සිදුවුණේ.

 

මේ වීඩියෝවත් සමග ජීවිතයේ වෙනස් වුණ දේවල් ගැන කතා කළොත්?

මගේ ජීවිතේ නම් වෙනස්කමක් වුණේ නෑ. සුපුරුදු පරිදි වැඩකටයුතු කරගෙන ගියා. එයින් මගේ රැකියාව ඒ කියන්නේ මට යම්කිසි වටිනාකමක් හදාගන්න පුළුවන් වුණා සහ බොහෝදෙනෙක් ඔවුන්ගේ නිර්මාණ සඳහා මාව තෝරාගත්තා.

 

දිගටම ක්ෂේත්‍ර‘යේ රැඳී සිටින්නද බලාපොරොත්තුව?

ඇත්තටම ඒ ගැන මම හිතල නැහැ. මට ඒ දේ කියන්න බැහැ. ඇත්තටම මම ක්ෂේත්‍රය බදාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මේ ක්ෂේත්‍රයට මම ආදරෙයි. මං කරන රැකියාවට මම ආසයි. එහෙමයි කියලා මම මෙච්චර කාලයක් මෙහි රැඳිල ඉන්නවා, මේ වගේ කාලයකින් මින් ඉවත් වෙනවා කියල හිතල නැහැ. ඉදිරියේදී මගේම කියල ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් තියෙනවා. ඒ දේවල් එක්ක අපි ඉදිරියේදී බලමු මොකද වෙන්නේ කියලා.

 

පෞද්ගලික ජීවිතයේ සහ වෘත්තීය ජීවිතයේ තිබෙන බලාපොරොත්තු මොනවාද?

වෘත්තීය වශයෙන් බලාපොරොත්තුව තියෙන්නේ හොඳ වැඩක් කරන්න තමයි. වෘත්තියට වගේම පෞද්ගලික ජීවිතයටත් මම ලොකු තැනක් ලබාදෙනවා. ඒ දෙකම සමබරව ගෙනියන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. ප්‍රේක්ෂකයන්ගේ/ රසිකයන්ගේ ආදරය මේ විදියටම දිනාගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

  2017-03-21-ent-70 2017-03-21-ent-71 2017-03-21-ent-72 2017-03-21-ent-73 2017-03-21-ent-74 2017-03-21-ent-75 2017-03-21-ent-76 2017-03-21-ent-77 2017-03-21-ent-78 2017-03-21-ent-79 2017-03-21-ent-80 2017-03-21-ent-81 2017-03-21-ent-82 2017-03-21-ent-83