මිනිස්සු ආදරය දිනාගන්න ලැබෙන එක පිනක්
මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට එන කාවින්ද්‍යා දුල්ෂානි තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියකි. මෙවර "සාරවිට" තරු කතා බහ දිග හැරෙන්නේ ඇය සමගින්ය.
මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයකින්ම අපි කාවින්ද්‍යාව දකිනවා?
ඔව්, දෙරණ නාලිකාවේ විකාශය වෙන %සිදූ^ හා ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන %කොන්කොළ දෝණි^ ටෙලි නාට්‍යයවලින් මාව මේ දිනවල දකින්න පුළුවන්.
ඔබ ප්‍රධාන චරිතයක් කරන ටෙලි නාට්‍යයකුත් ඉදිරියට එන්න තියෙනවා නේද?
ඔව්, "සඳ එළිය" කියලා. එක තමයි මම ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවන පළමු වතාව. එහි මා %නිර්මලා^ කියන චරිතය තමයි නිරූපණය කරන්නේ.
රසික ප්‍රතිචාර නම් මේ දිනවල ඉහළින්ම ලැබෙනවා ඇති?
ඔව්, ගොඩ දෙනෙක් කතා කරන්නේ %සිදූ^ ටෙලි නාට්‍යයේ %අංජනා^ කියන චරිතය. ඊට අමතරව %කොන්කොළ දෝණි^ ටෙලි නාට්‍යයේ මා කරන චරිතයටත් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. එහි මා නිරූපණය කරන්නේ මානසික ආබාධයකින් පෙළෙන තරුණියකගේ චරිතයක්.
නිතර ටෙලි නාට්‍යය හරහා දකින එක අවාසියක් නැද්ද?
එක දිගට ටෙලි නිර්මාණවල පෙනී ඉන්න එක ගැන නම් මට ගැටළුවක් නැහැත මම හිතනවා ඒක දිගට ඉදලා එකපාරටම නැතිව ගියොත් තමයි තියෙන ලොකුම ප්රශ්නය. ඒ හින්දා නිර්මාණවලට දායක වෙන්න ලැබෙන කාළේ හොඳට තෝරා බේරාගෙන ඒවාට දායක වෙන එක තමයි හොඳ කියලා. කොහොමත් කලා ක්ෂේත්රය තුළ මම යන්නේ හෙමින් ගමනක්.
රංගන ශිල්පිණියක් වුණ එක ගැන මොකද හිතෙන්නේ?
මම නම් එකට ගොඩක් කැමතියි. මේ ක්ෂේත්රයට එන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඒත්, හැකියාව තියෙන්න ඕනා මේ ක්ෂේත්රය තුළ රැඳිලා ඉන්න නම්. අනිත් එක මිනිස්සු ආදරය දිනාගන්න ලැබෙන එකත් ලොකු පිනක්.
ටෙලි නිර්මාණවලට පමණක් ඔබ සීමා වෙලාද?
චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. එකේ රූපගත කිරීම් මේ මාසේ අන්තිමට වගේ පටන් ගන්නවා.
දැනට දායක වෙලා තියෙන නිර්මාණ ප්‍රමාණය කොපමණද?
ටෙලි නාට්‍යය ගත්තොත් ගොඩක් නැහැ. දැනට 4ක් විකාශය වෙලා තියෙනවා. තවත් එවැනිම ප්‍රමාණයක් විකාශය වෙන්න තියෙනවා. ගීත රූප රචනා වගේම රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකටම මම දායක වෙලා තියෙනවා.
කාවින්ද්‍යාගේ රැකියාව දැන් රඟපාන එකද?
නැහැ. මම වෘත්තිය මට්ටමේ රංගන ශිල්පිණියක් නෙවෙයි. තාම මම රංගනයට අලුත් කෙනෙක්. ඒ වගේම ඒ ගැන හදාරන කෙනෙක්. දිගටම කලාව තුළ රැඳිලා ඉන්න ආසයි. එහෙම වුණොත් මේක මගේ වෘත්තිය වේවි කියලා හිතනවා.
කතා බහ - බුද්ධික සේනාධීර